තවත් ග්‍රීක් නාම

මිලිඳුරජුගේ ඇමතියන් වූ දෙමන්ත්‍රිය, අනන්තකාය, මංකුර, සබ්බදින්න යන සතරදෙනෙකුන් ගැණ ද මේ පොතෙහි සඳහන් වේ. ඔවුන් ද නිසැක ලෙස ම යවනයන් විය යුතු ය. එහෙයින් ඔවුන්ගේ නම් ද යවනනාම විය යුතු ය. ‘දෙවමන්ත්‍රීය’ යන්න ‘ඩෙමට්‍රීයොස්’ (Demetrios) යන නමට ද ‘අනන්තකාය’ යන්න ‘අන්තියෝචොස්’ (Antiocho) යන නමට ද සමාන ය යි රෛස් ඩේවිඩ්ස් පඬිතුමා දක්වමින් ‘සබ්බදින්න’ ‘මංකුර’ යන දෙකට ප්‍ර‍භව වූ ග්‍රීක් නාම කීම අපහසු ය යි ද කියයි.