අභිධර්මාර්ථ ප්‍රදීපිකා

රූප සමුට්ඨාන

රූප උපදවන්නා වූ හේතු සතරෙකි. එනම්:

  1. කම්ම
  2. චිත්ත
  3. ඍතු
  4. ආහාර

කර්‍මයෙන් උපදවන්නා වූ රූප කම්ම සමුට්ඨාන රූප ය යි ද, චිත්තයෙන් උපදවන්නා වූ රූප චිත්ත සමුට්ඨාන රූප ය යි ද ඍතුවෙන් උපදවන්නා වූ රූප ඍතු සමුට්ඨාන රූප ය යි ද ආහාරයෙන් උපදවන්නා වූ රූප ආහාර සමුට්ඨාන රූප ය යි ද ව්‍යවහාර කරණු ලැබේ.