අභිධර්මාර්ථ ප්‍රදීපිකා

9. අවිනිබ්භොග රූප සහ විනිබ්භොග රූප.

  1. පඨවි ධාතුව
  2. ආපො ධාතුව
  3. තෙජෝ ධාතුව
  4. වායො ධාතුව
  5. වර්‍ණ රූපය
  6. ගන්‍ධ රූපය
  7. රස රූපය
  8. ඕජා රූපය

මේ රූප අට කිසි කලෙකත් ඔවුනොවුන්ගෙන් වෙන් කළ නො හැකි වේ. එකම කලාපයක් වශයෙන් සෑම කල්හිම එකවරම පහළවනු මිස වෙන් වෙන්ව පහළ නොවේ. එබැවින් ඒ රූපයන්ට අවිනිබ්භොග රූපයයි කියති. සුද්ධාෂ්ඨක රූප කලාපය යයි කී කල්හි මේ රූප අටෙන් යුක්ත රූප කලාපය බව දත යුතුයි. සෙසු රූපයෝ උපදනා කල්හි මේ සුද්ධාෂ්ඨක කලාපයකට ඇතුළත්ව උපදී. වෙන් කළ හැකි රූප වන බැවින් එයට විනිබ්භොග රූප යයි කියනු ලැබේ.