අභිධර්මාර්ථ ප්‍රදීපිකා

අකුසල වචී කර්ම

මුසාවාද, පිසුණාවාචා, ඵරුසාවාචා, සම්ඵප්පලාප යන අකුසල කර්ම සතර බොහෝ සෙයින් වාග්ද්වාරයෙහි පවත්නා බැවින් වචී කර්ම නම් වේ. ඇතැම්විට වචීකර්මයෝ කායද්වාරයෙහිද ස්වල්ප වශයෙන් හටගනී. වචනයෙන් කිවයුතු වූ මුසාවාද ආදිය, පත්‍රාදියෙහි ලියා දෙන කල්හිද, හස්තමුද්‍රාවෙන් හෝ හඟවන කල්හිද, එය කායද්වාරයෙහි පැවැති වචී කර්ම නම් වන්නේය.