පිසුණාවාචා අකුසල කර්මය
ප්‍රිය භාවය ශූන්‍ය කරණ කථා පිසුණාවාචා නම් වේ. සමගි යෙන්, ප්‍රිය මනාප භාවයෙන් සිටින්නවුන්ගේ සමගියත් ප්‍රිය මනාප භාවයත් බිඳුවන අදහසින් ඔවුනොවුන්ට කේලාම් කීමේදී හටගන්නා ජවන් සිත්හි සම්ප්‍රයුක්ත චේතනාවෝ පිසුණාවාචා අකුසල කර්ම නම් වෙත්. අඞ්ග සතරකින් එම කර්මය සම්පූර්ණ වූ කල්හි කර්මපථ බවට පැමිණෙන්නේ ය. එම අඞ්ග සතර නම්:-
- බිඳියයුතු අන්‍ය පුද්ගලයන් වීමය.
- ඔවුන් බිඳවීමෙහි කැමැති සිත ඇතිවීම.
- බිඳීමට උපක්‍රම යෙදීම
- තම බස් අදහා ඔවුනොවුන් බිඳීමය.
මේ පිසුණාවාචා අකුසල කර්මයද, වචී කර්මයක් වන්නේ වී නමුත්, පත් පොතෙහි ලිවීමෙන් හෝ අන් සළකුණකින් හෝ කිරීමෙන්ද කායද්වාරයෙහි පැවැති පිසුණාවාචා අකුසල කර්මයක් වන් නේය.
පිසුණාවාචා අකුසල කර්මයාගේ විපාක වශයෙන් මෙලොවදීත් නොයෙක් දුක් විඳ, මරණින් මතු සතර අපා දුකටද පැමිණේ.
මේ කර්මය තමාට ලාභ ප්‍රයෝජන ලැබීමේ ආශාවෙන් කරණ කල්හි ලොභමූල සිතකින්ද, අනුන් පෙළීමේ හෝ පළිගැණීමේ අදහසින් හෝ කියන කරණ කල්හි ද්වේෂ සිතකින්ද සිදුවේ.