අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සම්ඵප්පලාප අකුසල කර්මය

නිරර්ථක, හිස්, ප්‍රලාප බිණීම සම්ඵප්පලාප නම් වේ. එවැනි හිස් වචන කථා කරණ කල්හි උපදනා ජවන් සිත්හි සම්ප්‍රයුක්ත චේතනාවෝ සම්ඵප්පලාප අකුසල කර්ම නම් වෙත්. මේ අකුසල කර්මය සිදුවීමට අඞ්ග දෙකක් සම්පූර්ණ විය යුතුය. එනම්:-

  1. නිරර්ථක කථා වන බවය.
  2. එය ප්‍රකාශ කිරීමය.

නිරර්ථක කථා කියන්නාවූ කල්හි, අසන්නවුන් එය සත්‍යයක් වශයෙන් පිළිගත්විට සම්ඵප්පලාප අකුසල කර්ම පථය සිද්ධ වන් නේය. එහි ප්‍රතිසන්ධි විපාක හා ප්‍රවෘත්ති විපාකද ගෙණදීමේ ශක්තියක් ඇත. එසේ නොවන කල්හි ප්‍රවෘත්ති විපාක මාත්‍රයක් ගෙණදෙන කර්මයක් වේ.

සම්ඵප්පලාපය, වචී කර්මයක් වන්නේවී නමුත්, පත් පොත්හි ලියා අන්‍යයන් එය කියවා සත්‍ය ලෙස ගැණීමට සැළැස්වීමේදී ද කායද්වාරයෙහි ද සිදුවන බව දතයුතුයි.

ලාභ, ප්‍රයෝජන, කීර්ති ප්‍රසංසා ආදිය ලබාගැණීමේ ආශාවෙන් සම්ඵප්පලාප කියන ලියන කල්හි ලොභ මූල අකුසල් සිතකින්ද,

අනුන්ට අවැඩක් අනර්ථයක් සිදුකිරීමේ අදහසින් දූෂ්‍යවූ චෙතනාවකින් කරණ කල්හි ද්වේෂ මූල සිතකින්ද මේ සම්ඵප්පලාප අකුසල කර්මය. සිද්ධවන්නේය.