අභිධර්මාර්ථ ප්‍රදීපිකා

3. අධිපති ප්‍රත්‍යය

තමා පිළිබඳව පවත්නා ධර්‍මයන්ගේ ස්වාමිතෙම අධිපති නම්. නාමරූප ධර්‍මයන් අතරද, ස්වාමිභාවය හෙවත් අන්‍ය නාමරූප ධර්‍මයන් ස්වවශයෙහි පැවැත්වීමේ ශක්තිය හෙවත් බලය ඇති නාමරූප ධර්‍මයෝ ඇත්තාහ. ඒ ධර්‍මයන්ගේ අධිපති ශක්තිය නිසා එයට අනුකූලව උපදනා ධර්‍මයෝද ඇත. එබැවින් ඒ අධිපති ශක්තිය ඇති ධර්‍මයන්ට අධිපති ප්‍රත්‍යයෝ යයි කියනු ලැබේ. අධිපති ප්‍රත්‍යය දෙවැදෑරුම් වේ.

එනම්:

  1. ආරම්මණාධිපති ප්‍රත්‍යය
  2. සහජාතාධිපති ප්‍රත්‍යය යන ප්‍රත්‍යය ධර්‍මයෝ දෙකොටසකි.