ආරම්මණාධිපති ප්‍රත්‍යය පිළිබඳ ත්‍රිරාශිය
ආරම්මණාධිපති ප්‍රත්‍යය ධර්ම
ගරු කළයුතුවූ වර්තමානවූ ද, අතීතවූ ද, අනාගත වූ ද, ඉෂ්ටනිෂ්ඵන්න ධර්ම අටළොසය (18) (භූතරූප 4, ප්‍රසාද රූප 5, ගෝචර රූප 4, භාව රූප 2, හදයවත්ථු රූපය, ජීවිතෙන්ද්රිය රූපය, ආහාර රූපය.)
ද්වේෂමූල, මෝහමූල දුක්ඛසහගත කායවිඥාන යන සිත් පස හැර ඉතිරි සිත් සූ අසූවය (84).
දොස, ඉස්සා, මච්ඡරිය, කුක්කුච්ච, විචිකිච්ඡා යන පස හැර ඉතිරි චෛතසික සත්සාළිය (47)
කාලමුක්තවූ නිර්වාණය
යන ෂඩාරම්මණ ධර්මයෝ ආරම්මණාධිපති ප්‍රත්‍යය වන ධර්මයෝ යි.
ප්රත්යොත්පන්න ධර්ම
ගරු කළයුතු ධර්මයන් ගරුකොට අරමුණු කරන්නාවූ ලොභමූල සිත් අටය (8),
මහා කුසල් සිත් අටය (8),
මහා ක්‍රියා ඥාන සම්ප්‍රයුක්ත සිත් සතරය (4)
ලොකොත්තර සිත් අටය (8)
දොස, ඉස්සා, මච්ඡරිය, කුක්කුච්ච, විචිකිච්ඡා, අප්රමාණ්යයන් හැර ඉතිරි චෛතසික පන්සාළිසය (45).
යන මේ ධර්මයෝ ආරම්මණාධිපති ප්‍රත්‍යයාගේ ප්රත්යොත්පන්න ධර්මයෝය.
ප්‍රත්‍යනීක ධර්ම
යම්කිසි ධර්මයක් ගරුකොට අරමුණු නොකරන්නා වූ,
ලෞකික සිත් එක් අසූවය (81)
චෛතසික දෙපනසය (52)
චිත්තජ රූපයෝය
ප්රතිසන්ධි කර්මජරූපයෝය
බාහිර රූපයෝය
ආහාරජ රූපයෝය
සෘතුජ රූපයෝය
අසංඥ සත්ත්ව කර්මජ රූපයෝය
ප්රවෘත්ති කර්මජ රූපයෝය
යන මේ ධර්මයෝ ආරම්මණාධිපති ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යනීක ධර්මයෝය.
මෙහි ඒ ඒ ප්‍රත්‍යයොත්පන්න ධර්මයන්ට ආරම්මණාධිපති භාවයෙන් ප්‍රත්‍යය වන ධර්මයෝ මෙසේයි:
| ප්‍රත්‍යයොත්පන්න ධර්ම | ප්‍රත්‍යය ධර්ම | ||
|---|---|---|---|
| ලෝභමූල සිත් අට | 8 | ලෞකික කුසල් සිත් | 17 |
| දුක්ඛ සහගත කායවිඥානය හැර ලෞකික විපාක සිත් | 31 | ||
| ලෝභමූල සිත් | 8 | ||
| ඉෂ්ටනිෂ්පන්න රූප | 18 | ||
| ඥාන විප්‍රයුක්ත මහා කුසල් සිත් | 4 | ලෞකික කුසල් සිත් | 17 |
| ඥාන සම්ප්‍රයුක්ත මහා කුසල් සිත් | 4 | ලෞකික කුසල් සිත් | 17 |
| යට ලොකොත්තර සිත් | 6 | ||
| නිවණය | |||
| මහා ක්‍රියා ඥාන සම්ප්‍රයුක්ත සිත් | 4 | අර්හත්මාර්ග සිතය | 1 |
| අර්හත් ඵල සිතය | 1 | ||
| නිවණය | |||
| ලොකොත්තර සිත් | 8 | නිවණය | |
ලද සිත්වලින් සෑම කල්හිම ආරම්මණාධිපති ප්රත්යොත්පන්න වන්නේ ලෝකෝත්තර සිත් අට පමණකි. ඒ සිත් සෑම කල්හිම නිර්වාණය ගරුකොට අරමුණු කරති. ඉතිරි සිත් වනාහී ගරු කළයුතු ධර්මයන් ගරු කොට අරමුණු කරන අවස්ථාවෙහි ආරම්මණාධිපති ප්රත්යොත්පන්න වේ. ගරුකොට අරමුණු නොකරන අවස්ථාවෙහි ආරම්මණාධිපති ප්රත්යොත්පන්න නොවේ. රහතන් වහන්සේගේ සන්තානයෙහි උපදනා මහාක්‍රියා ඥානසම්ප්‍රයුක්ත චිත්තයන් විසින් ගරුකොට අරමුණු කරනු ලබන්නේ ලෝකෝත්තර ධර්ම පමණකි. රහතන්වහන්සේ ලෞකික ධර්මයන් ගරුකොට අරමුණු නොකරති. මහා ක්‍රියා ඥාන විප්‍රයුක්ත සිත් ලෝකෝත්තර ධර්ම අරමුණු කිරීමට සමත් නොවන බැවින් ඒ චිත්තයෝ ආරම්මණාධිපති ප්රත්යොත්පන්නයෝ නොවෙති.
ඒ ඒ ධර්මයන්හි ඇති උසස් බව නිසා කාමාවචර කුසල් සිත්ද, මහා ක්‍රියා සිත් හා ලෝකෝත්තර සිත්ද ඒවා ගරු කොට අරමුණු කරති. නමුත් ලෝභමූල චිත්තය එසේ නොව ඒ ඒ දෙය ගරුකොට අරමුණු කරන්නේ එහි ආස්වාදනීය භාවය නිසා ය. සුනඛයෝ, ඔවුත්ට, අසූවියෙහි ඇති ආස්වාදනීය භාවය නිසා එය ගරුකොට අරමුණු කරති.
දන්දීම, සිල් රැකීම, පෙහෙවස් විසීම, භාවනා කිරීම, දහම් ඇසීම ආදී පින්කම් කොට ඒ පින්කම් උසස් කොට සිතීමෙහිද, අනුත් විසින් කරනලද පින්කම් උසස්කොට සිතන කල්හිද කාමාවචර කුසලය, කාමාවචර කුසලයට ආරම්මණාධිපති ප්‍රත්‍යය වේ. එපරිද්දෙන්ම ධ්‍යානයෙන් නැගිට ධ්‍යානය උසස් කොට සිතීමෙහිදී ද, ශෛක්ෂ පුද්ගලයන් විසින් තම තමන්ගේ මාර්ගයන් උසස් කොට සිතීමෙහිදී ද, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කුසලයෝ කාමාවචර කුසලයට ආරම්මණාධිපති ප්‍රත්‍යය වෙති. කුසලය ගරුකොට ලෝභ සහගත සිතින් ආස්වාදනය කරන කල්හිද, එයට සතුටු වන කල්හිද, මගේ කුසලය යනාදී වශයෙන් දෘෂ්ටිය උපදනා කල්හිද, කුසලය ලෝභ මෝහ චිත්තයන්ට ආරම්මණාධිපති ප්‍රත්‍යය වේ. රාග දිට්ඨි ආදියද උසස්කොට සළකා එයට සතුටු වන කල්හිද ලෝභ මූල චිත්තය ලෝභ මූල චිත්තයට ආරම්මණාධිපති ප්‍රත්‍යය වේ.