1. ආරම්මණාධිපති ප්‍රත්‍යය
නොයෙක් ද්‍රව්‍යයන් අතුරෙන් මැණික සිත් ඇද ගන්නා, ගරුකළ යුතු වස්තුවකි. වරක් එය දුටුවිට නැවත නැවත සිහි කරවන ශක්තියක් එහි ඇති බැවින් අන්‍ය ද්‍රව්‍යයන්ට වඩා එය ගරු කළයුතු වස්තුවක් වශයෙන් සලකනු ලැබේ. නාමරූප ධර්මයන් අතරද විශේෂයෙන් සිත් ඇදගන්නාවූ ශක්තිය ඇති ධර්මයෝ ඇත්තාහ. ඒ නාමරූප ධර්මයන් අරමුණු කොට බොහෝ චිත්ත චෛතසික ධර්මයෝ උපදිති. අන්‍ය චිත්ත චෛතසික ධර්මයන් තමාට අනුකූල කරවන ශක්තිය ඇති ගරුකළ යුතු ධර්මයන්ට ආරම්මණාධිපති ප්‍රත්‍යය යයි කියනු ලැබේ.