අන්තර්ගත ධර්ම
තෘෂ්ණාවත්, අනාශ්‍රව ධර්මයනුත් හැර අවශේෂවූ සියළු ත්‍රෛභූමික ධර්මයෝ දුක්ඛසත්‍යයෙහි ඇතුළත්වේ.
කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා, වශයෙන් දොළොස් ආයතනයන්හි සතිසක්වූ තෘෂ්ණාවෝ සමුදය සත්‍යයෙහි ඇතුළත් වේ.
නිරොධ සත්‍යය සංස්කාර ධර්ම කිසිවක් සමග මිශ්‍ර නොවේ.
මාර්ග සත්‍යයෙහි වනාහි:-
සම්මා දිට්ඨියෙහි වීමංසිද්ධිපාද, පඤ්ඤින්‍ද්‍රිය පඤ්ඤා බල ධම්මවිචය සම්බොජ්ඣඞ්ග යන ධර්මයෝද,
සම්මා සඞ්කප්පයෙහි නෙක්ඛම්ම සඞ්කප්ප, අව්‍යාපාද සඞ්කප්ප, අවිහිංසා සඞ්කප්ප යන ධර්මයෝද,
සම්මා වාචායෙහි මුසාවාද විරති, පිසුණාවාච විරති, ඵරුසාවාච විරති, සම්ඵප්පලාප විරති යන සතර වැදෑරුම් වාග් සුචරිත ධර්මයෝද,
සම්මා කම්මන්තයෙහි පාණාතිපාත විරති, අදින්නා දාන විරති, කාමමිච්ඡාචාර විරති යන ත්‍රිවිධවූ කාය සුචරිත ධර්මයෝද,
සම්මා ආජීවයෙහි අප්පිච්ඡතා, සන්තුට්ඨිතා යන ධර්මයෝද ඇතුළත් වෙත්.
මේ සම්මාවාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවයන්, ආර්‍ය්‍යයන් විසින් කැමැතිවන ලද, ආර්‍ය්‍යයන්ට ප්‍රියවූ සිල් බැවින්ද, සීලයද ශ්‍රද්ධා හස්තයෙන් පිළිගත යුතු වන බැවින්ද, ඒ ශ්‍රද්ධෙන්‍ද්‍රිය, ශ්‍රද්ධා බල, ඡන්‍දිද්ධිපාදයන් ඇති බැවින්ද ත්‍රිවිධ සීලය විද්‍යමාන හෙයින් සද්ධින්‍ද්‍රිය, සද්ධා බල, ඡන්‍දිද්ධිපාද යන ධර්මයෝ එහි ඇතුළත් වෙත්.
සම්මාවායාමයෙහි සතර සම්‍යග් ප්‍රධානය, විරියින්‍ද්‍රිය, විරිය බලය, විරිය සම්බොජ්ඣඞ්ගය යන ධර්මයෝ ඇතුළත් වෙත්.
සම්මා සතියෙහි සතර සතිපට්ඨානය, සතින්‍ද්‍රිය, සති බලය, සති සම්බොජ්ඣඞ්ගය යන ධර්මයෝද,
සම්මා සමාධියෙහි සචිතක්ක සවිචාරාදි වූ තුන් තුන් වැදෑරුම් වූ සමාධිහුද, චිත්ත සමාධි, සමාධින්‍ද්‍රිය, සමාධි බලය, පීති සම්බොධ්‍යඞ්ගය, පස්සද්ධි සම්බොධ්‍යඞ්ගය, සමාධි සම්බොධ්‍යඞ්ගය, උපෙක්ඛා සම්බොධ්‍යඞ්ගය යන ධර්මයෝද ඇතුළත් වෙත්.