සූන්‍යතා වශයෙන් -
වින්දයුතුවූ දුකෙක් ඇත. වින්දයුතුවූ දුක්ඛයට පැමිණි හෙවත් දුක් විඳින්නාවූ කිසි පුද්ගලයෙක් හෙවත් වෙදකයෙක් නැත ක්‍රියාවක් ඇත ක්‍රියා සම්පාදකවූ කිසි පුද්ගලයෙක් හෙවත් කාරකයෙක් නැත දුක්ඛයාගේ ව්‍යුපසම ස්වභාවයක් හෙවත් දුක් සංසිඳීමක් ඇත. ව්‍යුපසම ස්වභාවයට පැමිණි කිසි පුද්ගලයෙක් හෙවත් නිබ්බුතයෙක් නැත. යායුතු මාර්ගයක් ඇත. ඒ මග යන්නාවූ කිසි පුද්ගලයෙක් හෙවත් ගමකයෙක් නැත.
මෙපරිද්දෙන්, වෙදක හෙවත් විඳින්නාවූ සත්ත්ව පුද්ගලයෙක් හෝ, කාරක හෙවත් කරන්නාවූ සත්ත්ව පුද්ගලයෙක් හෝ, නිබ්බුත හෙවත් නිවන් පත් සත්ත්ව පුද්ගලයෙක් හෝ ගමක හෙවත් නිවනට යන්නාවූ සත්ත්ව පුද්ගලයෙක් හෝ අවිද්‍යාමාන බැවින් වෙදක, කාරක, නිබ්බුත, ගමක සත්ත්ව පුද්ගලාන්තරයන් කෙරෙන් සූන්යහයි දතයුතු.
තවද, දුක්ඛ සත්‍යය. සමුදය සත්‍යය යන සත්‍ය දෙක ධුව හෙවත් නිත්‍ය ස්වභාවය, සුභ හෙවත් සුභ ස්වභාවය, සුඛ හෙවත් සුඛ ස්වභාවය, අත්ත හෙවත් ආත්ම ස්වභාවය යන මොවුන් කෙරෙන් සූන්යහ.
නිරොධ සත්‍යය, ආත්ම ස්වභාවයෙන් සූන්යහ.
මාර්ග සත්‍යය, ධුව, සුඛ, ආත්ම යන ස්වභාවයන් කෙරෙන් සූන්‍යය.
තවද, දුක්ඛ, සමුදය, මාර්ග යන සත්‍යත්‍රය නිරොධ සත්‍යය කෙරෙන් සූන්යහ.
නිරොධ සත්‍යය දුක්ඛ, සමුදය, මාර්ග සත්‍යයන් කෙරෙන් සූන්යහ.
ඵලභූතවූ දුක්ඛසත්‍යය හේතුභූතවූ සමුදය සත්‍යය කෙරෙන් සූන්යහ.
ඵලභූතවූ නිරොධ සත්‍යය හේතුභූතවූ මාර්‍ගසත්‍යය කෙරෙන් සූන්යහ.
ඵලභූතවූ දුක්ඛ, නිරොධ යන සත්යවය, හෙතුභූතවූ සමුදය, මාර්ග සත්‍යයන් කෙරෙන් සූක්ෂ්ම වේ.