උපමා වශයෙන්:
- දුක්ඛ සත්‍යය බරක් මෙන්ද, සමුදය සත්‍යය, බර ගැන්මක් හෙවත් බර ඉසීලීමක් මෙන්ද, නිරොධ සත්‍යය බර බහා තැබීම මෙන්ද, මාර්‍ග සත්‍යය බර බහා තබන උපාය මෙන්ද දතයුතු.
- දුක්ඛ සත්‍යය රොගයක් මෙන්ද, සමුදය සත්‍යය රොග නිධානයක් මෙන්ද, නිරොධ සත්‍යය රොග සංසිඳීමක් මෙන්ද, මාර්‍ග සත්‍යය බෙහෙතක් මෙන්ද දතයුතු.
- දුක්ඛ සත්‍යය, දුර්භික්‍ෂයක් මෙන්ද, සමුදය සත්‍යය නියඟයක් මෙන්ද, නිරොධ සත්‍යය සුභික්‍ෂයක් මෙන්ද, මාර්‍ග සත්‍යය යහපත් වූ වැස්සක් මෙන්ද දතයුතු.
- දුක්ඛ සත්‍යය සතුරෙකු මෙන්ද, සමුදය සත්‍යය වෛරය මෙන්ද, නිරොධ සත්‍යය වෛරයාගේ සංසිඳීම මෙන්ද, මාර්‍ග සත්‍යය වෛරය සංසිඳවන උපාය මෙන්ද දතයුතු.
- දුක්ඛ සත්‍යය, විස රුකක් මෙන්ද, සමුදය සත්‍යය විස රුකෙහි මුල මෙන්ද, නිරොධ සත්‍යය විස රුකෙහි මුල විනාශය මෙන්ද, මාර්‍ග සත්‍යය විස රුක් මුල විනාශ කිරීමේ උපාය මෙන්ද දතයුතු.
- දුක්ඛ සත්‍යය භයක් මෙන්ද, සමුදය සත්‍යය භයට හේතුව මෙන්ද, නිරොධ සත්‍යය නිර්‍භය භාවය මෙන්ද, මාර්‍ග සත්‍යය භය රහිත බවට පමුණුවන්නාවූ උපාය මෙන්ද දත යුතු.
7. දුක්ඛ සත්‍යය මෙතෙර මෙන්ද, සමුදය සත්‍යය සැඩ වතුර පාරක් මෙන්ද, නිරොධ සත්‍යය එතෙර මෙන්ද, මාර්‍ග සත්‍යය එතෙරට පමුණුවන වෑයම මෙන්ද උපමා වශයෙන් දතයුත්තාහ.
චතුෂ්කය වශයෙන්-
දුක්ඛ සත්‍යය පිළිබඳව නය සතරෙකි.
- ආර්‍ය්‍ය සත්‍යය නොවූ දුක්ඛය
- දුක නොවූ ආර්‍ය්‍ය සත්‍යය
- දුක්වූද, ආර්‍ය්‍ය සත්‍යයවූද ධර්‍මය
- දුක් නොවූ ආර්‍ය්‍ය සත්‍යය නොවූ ධර්‍මය
1. ආර්‍ය්‍ය සත්‍යය නොවූ දුක්ඛය. මාර්‍ගාඞ්ග ධර්‍මයන් හා එකුප්පාද, එකනිරොධ, එකාලම්බන, එකවත්‍ථුක වශයෙන් චතුර්විධ සම්ප්‍රයෝග ලක්‍ෂණයෙන් යුක්තවූ චිත්ත චෛතසික ධර්‍මයෝද, චතුර්විධ ශ්‍රාමණ්‍ය ඵල චිත්තොත්පාදයෝද සංස්කාර දුක්ඛය වන බැවින් දුක් නම් වේ. නමුත් දුක්ඛාර්‍ය්‍ය සත්‍යය නොවේ.
2. දුක නොවූ ආර්‍ය්‍ය සත්‍යය. නිර්‍වාණය හෙවත් දුක්ඛ නිරොධ, දුක නොවේ, නමුත් ආර්‍ය්‍ය සත්‍යයක්ම වේ.
3. දුක්වූද, ආර්‍ය්‍යසත්‍යයවූද ධර්‍මය. නිවණ හැර සමුදය මාර්‍ග සඞ්ඛ්‍යාත ආර්‍ය්‍ය සත්‍ය දෙක අනිත්‍ය භාවයෙන් දුක නම් වන්නේය. (යම් ආර්‍ය්‍ය සත්‍යයක් පිරිසිඳ දැනීම පිණිස බුදු සසුන් වැද, බ්‍රහ්මචර්‍ය්‍යය රකීද, ඒ සත්‍යයාගේ පරිඥෙය භාවයෙන් ආර්‍ය්‍යසත්‍ය නම් නොවේ) තණ්හාව හැර උපාදානස්කන්‍ධ පඤ්චකයම දුක්ද වේ, ආර්‍ය්‍ය සත්‍යයද වේ.
4. දුක් නොවූ, ආර්‍ය්‍යසත්‍යය නොවූ ධර්‍මය. චතුර්විධ මාර්‍ග චිත්තයන්හි යෙදුනාවූ මාර්‍ගාඞ්ගයන් හා සම්ප්‍රයුක්තවූ චිත්තොත්පාද ධර්‍මයෝද, චතුර්විධ ශ්‍රාමණ්‍ය ඵල චිත්තොත්පාදයෝද, යම් ආර්‍ය්‍ය සත්‍යයක් පිරිසිඳ දැනීම පිණිස බුදු සසුන් වැද බඹසර රකීද, ඒ සත්‍යයාගේ පරිඥෙය්‍ය කෘත්‍ය භාවයෙන් දුක්ද නොවන්නේය. ආර්‍ය්‍ය සත්‍යයද නොවන්නේය.
සමුදය සත්‍යය පිළිබඳවද නය සතරෙකි.
- සමුදය වූ ආර්‍ය්‍ය සත්‍යය නොවූ ධර්‍මය
- සමුදය නොවූ ආර්‍ය්‍ය සත්‍යය
- සමුදය වූ ආර්‍ය්‍ය සත්‍යය
- සමුදය නොවූ ආර්‍ය්‍ය සත්‍යය නොවූ ධර්‍මය
- සමුදය වූ ආර්‍ය්‍ය සත්‍යය නොවූ ධර්‍මය. තෘෂ්ණාවෙන් ඉවත් වූ ක්ලේශයෝද, ඒ තෘෂ්ණාව හා සම්බන්‍ධ වූ අවශේෂ වූ අකුසල චිත්තෝත්පාදයෝද සමුදය නම් වේ. ආර්‍ය්‍ය සත්‍ය නොවේ. ලෞකික කුසල චිත්තෝත්පාදයෝද එයට ඇතුළත් වේ.
- සමුදය නොවූ ආර්‍ය්‍ය සත්‍යය. සමුදය නම් නොවූ දුක්ඛ සත්‍යය සමුදය නොවේ. ආර්‍ය්‍ය සත්‍යය වේ.
- සමුදය වූ ආර්‍ය්‍ය සත්‍යය. තෘෂ්ණාව සමුදයත් වේ. ආර්‍ය්‍ය සත්‍යයද වේ.
- සමුදය නොවූ ආර්‍ය්‍ය සත්‍යය නොවූ ධර්‍මය. මාර්‍ග සම්ප්‍රයුක්ත ධර්‍ම සහ ශ්‍රාමණ්‍ය ඵල චිත්තෝත්පාදයෝ සතරදෙන සමුදයත් නොවේ. ආර්‍ය්‍ය සත්‍යයත් නොවේ.
නිරෝධ සත්‍යය පිළිබඳවද නය සතරෙකි.
- නිරෝධය වූ ආර්‍ය්‍ය සත්‍යය නොවූ ධර්‍මය
- නිරෝධය නොවූ ආර්‍ය්‍ය සත්‍යය
- නිරෝධය වූ ආර්‍ය්‍ය සත්‍යය
- නිරෝධය නොවූ ආර්‍ය්‍ය සත්‍යය නොවූ ධර්‍මය
- නිරෝධය වූ ආර්‍ය්‍ය සත්‍යය නොවූ ධර්‍මය. සංස්කාර ධර්‍මයන්ගේ ක්‍ෂණභංග නිරෝධය, නිරෝධ සමාපත්තිය යන මොව්හු නිරෝධය වූ, ආර්‍ය්‍ය සත්‍යය නොවූ ධර්‍මයෝයි.
2. නිරොධය නොවූ ආර්‍ය්‍යසත්‍යය - දුක්ඛ, සමුදය, මාර්‍ග යන සත්‍යත්‍රය සාක්‍ෂාත් කිරීමේ කෘත්‍ය වශයෙන් නිරොධසත්‍ය නොවේ. නමුත් ආර්‍ය්‍ය සත්‍යයෝ වෙත්.
3. නිරොධය වූ ආර්‍ය්‍යසත්‍යය - නිර්‍වාණ ධර්‍මය නිරොධ යත් වේ, ආර්‍ය්‍යසත්‍යයත් වේ.
4. නිරොධය නොවූ ආර්‍ය්‍ය සත්‍යය නොවූ ධර්‍ම - මාර්‍ග සම්ප්‍රයුක්ත ධර්‍ම සහ ශ්‍රාමණ්‍ය ඵල චිත්තොත්පාද ධර්‍මයෝද නිරොධයත් නොවේ, ආර්‍ය්‍යසත්‍යයත් නොවේ.
මාර්‍ග සත්‍යය පිළිබඳවද නය සතරෙකි.
- මාර්‍ගයවූ ආර්‍ය්‍යසත්‍යය නොවූ ධර්‍ම
- මාර්‍ගය නොවූ ආර්‍ය්‍යසත්‍යය
- මාර්‍ගයවූ ආර්‍ය්‍යසත්‍යය
- මාර්‍ගය නොවූ ආර්‍ය්‍යසත්‍යය නොවූ ධර්‍ම
1. මාර්‍ගය වූ ආර්‍ය්‍යසත්‍යය නොවූ ධර්‍ම - ආර්‍ය්‍ය මාර්‍ගාඞ්ගයන් කෙරෙන් අන්‍ය වූ මිථ්‍යා මාර්‍ගාඞ්ගයෝ මාර්‍ගය වූ ආර්‍ය්‍යසත්‍යය නොවූ ධර්‍ම වෙත්.
2. මාර්‍ගය නොවූ ආර්‍ය්‍යසත්‍යය - දුක්ඛය, සමුදය, නිරොධ යන සත්‍යත්‍රය භාවයිතව්‍ය හෙවත් වැඩීම කෘත්‍යයෙන් මාර්‍ග නොවන හෙයින් මාර්‍ගය නොවූ ආර්‍ය්‍ය සත්‍යයෝ වෙත්.
3. මාර්‍ගය වූ ආර්‍ය්‍යසත්‍යය - ආර්‍ය්‍ය මාර්‍ගාඞ්ගයෝ අටදෙන මාර්‍ගය වූ ද, ආර්‍ය්‍යසත්‍ය වූ ද, ධර්‍මයෝ යි.
4. මාර්‍ගය නොවූ ආර්‍ය්‍යසත්‍යය නොවූ ධර්‍ම - මාර්‍ග සම්ප්‍රයුක්ත ධර්‍ම සහ ඵල චිත්තොත්පාදයෝ සතරදෙන මාර්‍ගත් නොවූ ආර්‍ය්‍යසත්‍යයත් නොවූ ධර්‍මයෝ වෙත්.