චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්‍ම
- දුක්ඛාර්‍ය්‍ය සත්‍යය
- දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය
- දුක්ඛ නිරොධාර්‍ය්‍ය සත්‍යය
- දුක්ඛ නිරොධගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය
මේ චතුස්සත්‍ය ධර්‍මයට ශාසනක්කම යයිද ව්‍යවහාර කෙරෙති.
මේ දේශනා පද සමූහය කරණකොටගෙන භාග්‍යවතුන් වහන්සේ විසින් වෛනෙය ජනයෝ අනුශාසනය කරණු ලැබෙත්ද, එහෙයින් ඒ දේශනා පද සමූහය ශාසන නම් යම් දේශනාවක් තොමෝ චතුරාර්‍ය්‍ය සත්‍යයන්හි පවතිද, එහෙයින් ඒ දේශනා තොමෝ ශාසනක්කම හෙවත් ශාසන ක්‍රම නම් වේ. එසේම ශීල, සමාධි, ප්‍රඥා යන ධර්‍මත්‍රයාගේ විෂයස්ථානය වූ චතුස්සත්‍යය තෙම ශාසන ක්‍රම නම්.