චතුරාර්‍ය්‍ය සත්‍යයන්ගේ අර්ථ විභාගය
දුක්ඛ සත්‍යයාගේ අර්ථ සතරෙකි. එනම්:
- පීළනාර්ථය
- සංඛතාර්ථය
- සත්තාපාර්ථය
- විපරිණාමාර්ථය
පීළනාර්ත්ථය. දුක්ඛ දුක්ඛ භාවයෙනුදු, දුක්ඛ දුක්ඛයට නිමිත්ත භාවයෙනුදු අනිෂ්ට භාවය පීළනාර්ත්ථය නමි. නොහොත් දුක්ඛසමඞ්ගි පුද්ගලයාගේ පීඩාවම පීඩනාර්‍ත්‍ථය නමි.
සංඛතාර්ත්ථය. ප්‍රත්‍යයන් එක්ව සකස්කරනලද බැවින් සංඛතාර්ත්ථය නමි.
සන්තාපාර්‍ත්‍ථය. දුක්ඛ දුක්ඛ භාවයෙනුදු, දුක්ඛ දුක්ඛයට නිමිත්ත භාවයෙනුදු හාත්පසින් තවනු ලැබීම නොහොත් රාගාදී ක්ලේශදාහ සමායෝගයෙන් අතිශයින් තැවීම සන්තාපාර්‍ත්‍ථය නමි.
විපරිණාමාර්ත්ථය. ප්රකෘතියගේ අන්යතාත්වය විපරිණා- මාර්ත්ථය නමි.
දුක්ඛ සත්‍යයාගේ මේ දුක්ඛාර්ත්ථයෝ තථය හෙවත් තත් ස්වභාවයහ - හෙවත් දුක්ඛාදී ස්වභාවයමයි. එසේම අවි- තථය හෙවත් නිබොරුය. අනඤ්ඤථය හෙවත් අන්‍යාකාර රහිතය. අන් පරිද්දෙකින් නොවන්නාහ.
සමුදය සත්‍යයාගේ අර්ත්ථ සතරෙකි එනම්:
- ආයුහනාර්ත්ථය
- නිදානාර්‍ත්‍ථය
- සංයොගාර්ත්ථය
- පළිබොධාර්ත්ථය
ආයුහනාර්ත්ථය. ඒ ඒ භවයන්හිද, ඒ ඒ ආලම්බනයන්හිද ආයු නම්වූ දුක් ඌහනය කිරීම හෙවත් රැස් කිරීම දුක් සැපයීම සමුදය සත්‍යයාගේ ආයුහනාර්ත්ථය වේ.
නිදානාර්‍ත්‍ථය. ඒ ඒ දුකයයි ඇර පාන්නාක් මෙන් දුක් ඉපදවීමට මූල කාරණය වූ හෙයින් නිදානාර්‍ත්‍ථය වේ.
සංයොගාර්ත්ථය. සංසාර වෘත්ත දුක්ඛයෙහි සත්ත්වයා මනා කොට යෙදවීම කරන හෙයින් සංයොගාර්ත්ථය වේ.
පළිබොධාර්ත්ථය. මාර්ග ඵල නිවාරණය කරන හෙයින් වළක්වන හෙයින් පළිබොධාර්ත්ථය වේ.
චතුර්විධවූ, සමුදය සත්‍යයාගේ මේ සත්යාර්ත්ථයෝ තථය හෙවත් - එම ස්වභාවමය. අවිතථය හෙවත් එම ස්වභාවයෙන් වෙනස් නොවේ අනඤ්ඤථය හෙවත් අන්‍යාකාර රහිතය, අන් පරිද්දෙකින් නොවන්නාහ.
නිරොධ සත්යයාගේද අර්‍ත්‍ථයෝ සතරෙකි. එනම්:
- නිස්සරණාර්‍ත්‍ථය
- විවේකාර්‍ත්‍ථය
- අසඞ්ඛතාර්‍ත්‍ථය
- අමතාර්ත්ථය
නිස්සරණාර්‍ත්‍ථය. සංසාර වෘත්ත දුක්ඛයෙන් නිර්ගමනයයි කියනලද නිස්සරණාර්‍ත්‍ථය නොහොත් සංසාර වෘත්ත දුක්ඛයෙන් සත්ත්වයන්ගේ නිදහස්වීමට නිමිතිවූ හෙයින් නිරොධ සත්‍යයාගේ නිස්සරණාර්‍ත්‍ථය වේ.
විවේකාර්‍ත්‍ථය. සමුදය ක්ෂය කිරීම් වශයෙන් සමුදය කෙරෙන් වෙන්වීම විවේකාර්‍ත්‍ථය නම්.
අසඞ්ඛතාර්‍ත්‍ථය. ප්‍රත්‍යයන් එක්ව නොසකස් කළ බව අසඞ්ඛතාර්‍ත්‍ථය නම්.
අමතාර්ත්ථය. මරණ රහිත බව, අමතාර්ථය නම්.
මාර්ග සත්යයාගේද අර්ථයෝ සතරෙකි. එනම්:
- නියාණාර්ත්ථය
- හේත්වාර්ත්ථය
- දස්සනාර්ත්ථය
- ආධිපත්යාර්ත්ථය
නියාණාර්ත්ථය. සංසාරයෙන් නිර්ගමනය කිරීම හෙවත් සසරින් එතර කිරීම මාර්ග සත්‍යයාගේ නියාණාර්ත්ථය වේ.
හේත්වාර්ත්ථය. පරිරොධ ධර්ම සමූලඝාතනය කිරීම් වශයෙන් නිර්වාණාධිගමයට නිවණට නිමිත්ත භාවය වන බව හේත්වාර්ත්ථය නම්.
දස්සනාර්ථය. මාර්ගය, තමා ප්‍රඥාව ප්‍රධානකොට ඇති බැවින් නිර්වාණයාගේ දර්ශනය නොහොත් චතුස්සත්‍ය දර්ශනය දස්සනාර්ථය නම්.
ආධිපත්යාර්ථය. චතුස්සත්‍ය දර්ශනයෙහිද ක්ලේශ දුක්ඛ සන්තාප ව්යපසමනයෙහිද, සම්ප්‍රයුක්ත ධර්මයන් විෂයෙහි අධිපති භාවය, ආධිපත්යාර්ථය නම්. විශේෂ වශයෙන් මාර්ගාඞ්ග ධර්මයන්ගේ ආලම්බනාධිපත්යාර්ථ යයි.
මෙහි දක්වනලද නිරෝධ සත්‍යයාගේ අර්ථයෝද, මාර්ග සත්‍යයාගේ අර්ථයෝද තථය, අවිතථය, අනඤ්ඤථය.
තවද දුක්ඛ සත්‍යයාගේ අර්ථ සතර අතුරෙන් පීඩ නාර්ථය ස්වභාවයෙන්ම ප්රකාශවන ආකාරයයි.
සම්පිණ්ඩනය කරන්නාවූ සමුදය සත්‍යය දර්ශනයෙන් දුක්ඛ සත්‍යයාගේ සංඛතාර්ථය දැක් වේ.
ක්ලේශ සන්තාප රහිතවූ මාර්ග සත්‍ය දර්ශනයෙන් දුක්ඛ සත්‍යයාගේ සන්තාපාර්ථය ප්‍රකාශ වේ.
විපරිණාම ස්වභාවය නැත්තාවූ නිරෝධ සත්‍ය දර්ශනයෙන් දුක්ඛ සත්‍යයාගේ විපරිණාමාර්ථයද ප්‍රකාශ වේ.
සමුදය සත්‍යයාගේ චතුර්විධ අර්ථයන් අතුරෙන් ආයූ හනාර්ථය, ස්වභාවයෙන්ම ප්රකාශවන ආකාරයයි.
රෝග දර්ශනයෙන් රෝග නිදානය ප්‍රකාශ වන්නාසේ දුක්ඛ සත්‍ය දර්ශනයෙන් සමුදය සත්‍යයාගේ නිදානාර්ථය ප්‍රකාශ වේ.
දුක්ඛ සංයෝග රහිතවූ නිරෝධ සත්‍ය දර්ශනයෙන් සමුදය සත්‍යයාගේ සංයෝගාර්ථය දැක්වේ.
සංසාර නිර්‍ය්‍යාණ ස්වභාවවූ මාර්‍ගසත්‍ය දර්ශනයෙන් සමුදය සත්‍යයාගේ පරිරෝධාර්ථය ප්‍රකාශ වේ.
නිරොධ සත්‍යයාගේ අර්ථ චතුෂ්කය අතුරෙන් සියලු උපධි පරිත්‍යාග භාවයෙන් නිස්සරණාර්ථය ස්වභාවයෙන්ම ප්රකාශවන ආකාරයයි.
අවිවෙකී වූ සමුදය සත්‍ය දර්ශනයෙන් නිරොධ සත්‍යයාගේ විවෙකාර්ථය ප්‍රකාශ වේ.
නිවන් ලැබීමට හේතුවුවද, ප්රත්යාධින වෘත්ති ඇති මාර්ග සත්‍යයාගේ සඞ්ඛත භාවය දර්ශනයෙන් ප්‍රත්‍යය රහිත වූ නිරොධ සත්‍යයාගේ අසඞ්ඛතාර්ථය ප්‍රකාශ වේ.
මරණස්වභාවය ඇති බැවින් නස්නා වූ දුක්ඛ සත්‍යය දර්ශනයෙන් අමරණ ස්වභාවය වූ නිරොධ සත්‍යයාගේ අමෘතාර්ථය ප්‍රකාශ වේ.
මාර්ග සත්‍යයාගේ අර්ථ චතුෂ්කය අතුරෙන්
සංසාරයෙන් නිදහස්වීම යයි කියනලද නිර්ය්යාණාර්ථය ස්වභාවයෙන්ම ප්රකාශවන ආකාරයයි.
සමුදය සත්‍ය දර්ශනයෙන් නිර්වාණාධිගමයට මේ හේතු නොවේ. මේ මාර්ගය වනාහි නිර්වාණාධිගමයට හේතු වේයයි මාර්ග සත්‍යයාගේ හේත්වාර්ථය ප්‍රකාශ වේ.
සූක්ෂම රූප දර්ශනයෙන් චක්‍ෂුස්හුගේ දර්ශනය ප්‍රකාශ වන්නාසේ පරම ගම්භීර වූ අති සූක්ෂම වූ දුර්දර්ශ වූ නිරොධ සත්‍ය දර්ශනයෙන් මාර්ග සත්‍යයාගේ දර්ශනාර්ථය ප්‍රකාශ වේ.
නානා රෝගාර්ත වූ කෘපණ ජන දර්ශනයෙන් ඉසුරු මත් ජනයාගේ ඖදාර්යය ප්‍රකාශ වන්නාසේ, දුක්ඛ සත්‍ය දර්ශනයෙන් මාර්ග සත්‍යයාගේ ආධිපත්යාර්ථය ප්‍රකාශ වේ.