ධම්මානුපස්සනාව
සප්ත බෝධ්‍යඞ්ග ධර්මයන්ගේ වශයෙන් විදර්ශනා වඩන්නාවූ යෝගාවචර තෙමේ පළමු කොට සතිසම්බොජ්ඣඞ්ගයාගේ විද්‍යමාන බව හෝ අවිද්‍යමාන බව හෝ දැන ගන්නේය. එසේම නූපන් සතිසම්බොජ්ඣඞ්ගයාගේ ඉපදීම වන සැටිත්, උපන්නාවූ සතිසම්බොජ්ඣඞ්ගයාගේ නැවත නැවත වැඩීමත් විපුලත්වයත් වන සැටිත් දැන වාසය කරන්නේය.