සතිසම්බොධ්යඞ්ගය
සතිසම්බොධ්යඞ්ගයාගේ ප්රවෘත්ති ස්ථානවූ ධර්මයන්හි යෝනිසෝමනසිකාරය බොහෝ සේ පුරුදු කිරීම, නූපන් සති සම්බොධ්යඞ්ගයාගේ ඉපදීම පිණිසත්, උපන් සති සම්බොධ්යඞ්ගයාගේ නැවත නැවත වැඩීම පිණිසත් විපුලත්වය පිණිසත්, ආසේවනය පිණිසත්, පරිපූර්ණ භාවය පිණිසත් ප්රත්යය වන්නේය.
තවද කරුණු සතරක් සති සම්බොධ්යඞ්ගයාගේ ඉපදීම පිණිස පවත්නාහ. එනම්:
- සතිසම්පජඤ්ඤයෙන් යුක්ත බවය හෙවත් සිහි නුවණ ඇති බවය.
- මුට්ඨස්සති පුද්ගල පරිවජ්ජනතා හෙවත් මුළාවූ සිහි ඇති පුද්ගලයන් දුරු කරන බවය.
- එළඹ සිටි සිහි ඇති පුද්ගලයන් සෙව්නා බවය.
- එයට නැමුණු සිත් ඇති බවය.
මේ චතුර්විධ කාරණයන් හෙතුකොට ගෙන උපන්නාවූ ඒ ස්මෘති සම්බෝධ්යඞ්ගයාගේ භාවනා තොමෝ රහත් මග හෙතුකොට ගෙන පරිපූර්ණ වේ යයි ද හෙතෙම දනී.