3. බෝධිපාක්ෂික සංග්‍ර‍හය

6 වන පාඩම

බෝධි යනු ලෝකෝත්තර මාර්ග ඥානයට නමෙකි. ලෝකෝත්තර මාර්ග ඥානයට උපකාර වන ධර්මයෝ බෝධිපාක්ෂික නම් වෙති. ‘සතිපට්ඨානය - සම්‍යක් ප්‍ර‍ධානය - සෘද්ධිපාදය - ඉන්ද්‍රියය - බලය - බෝධ්‍යඞ්ගය - මාර්ගාඞ්ගය’ යි බෝධිපාක්ෂික ධර්ම කොටස් සතෙකි. සතිපට්ඨාන සතරක් ද, සම්‍යක් ප්‍ර‍ධාන සතරක් ද සෘද්ධිපාද සතරක් ද, ඉන්ද්‍රිය පසක් ද, බල පසක් ද, බෝධ්‍යඞ්ග සතක් ද, මාර්ගාඞ්ග අටක් ද වන බැවින් වෙන් වෙන් වශයෙන් බෝධිපාක්ෂික ධර්ම සත් තිසක් වේ.

අනු මාතෘකා
keyboard_arrow_rightසතිපට්ඨාන
keyboard_arrow_rightසෘද්ධිපාද
keyboard_arrow_rightඉන්ද්‍රිය
keyboard_arrow_rightබල
keyboard_arrow_rightබෝධ්‍යංග
keyboard_arrow_rightමාර්ගාඞ්ග