11. 5. 4.
4. පඨම මහද්ධන සූත්‍රය
3812. “මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම ආර්‍ය්‍ය ධනයෙන් ආඪ්‍යය. මහත් ධන ඇත්තේය. මහත් භොග ඇත්තේය. මහත් යසස් ඇත්තේයයි කියනු ලැබේ. කවර සතරකින්ද, මහණෙනි, මෙහි ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධර්මය කෙරෙහි ... (පෙ)... සංඝයා කෙරෙහි ... (පෙ)... ආර්යකාන්ත ශීලයෙන් යුක්ත වෙයි අඛණ්ඩ වූ ... (පෙ)... සමාධිය පිණිස පවත්නා. මහණෙනි, මේ ධර්ම සතරින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම ආර්‍ය්‍ය ධනයෙන් ආඪ්‍යය. මහත් ධන ඇත්තේය. මහත් භොග ඇත්තේය. මහත් යසස් ඇත්තේයයි කියනු ලැබේ යයි” වදාළේය.
11. 5. 5.
5. දුතිය මහද්ධන සූත්‍රය
3813. “මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම ආර්‍ය්‍ය ධනයෙන් ආඪ්‍යය. මහත් ධන ඇත්තේය. මහත් භොග ඇත්තේය. මහත් යසස් ඇත්තේයයි කියනු ලැබේ. කවර සතරකින්ද, මහණෙනි, මෙහි ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධර්මය කෙරෙහි ... (පෙ)... සංඝයා කෙරෙහි ... (පෙ)... ආර්යකාන්ත ශීලයෙන් යුක්ත වෙයි අඛණ්ඩ වූ ... (පෙ)... සමාධිය පිණිස පවත්නා. “මහණෙනි, මේ ධර්ම සතරින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ආර්‍ය්‍ය ධනයෙන් ආඪ්‍යය මහධන ඇත්තේය. මහත් භොග ඇත්තේය. මහත් යසස් ඇත්තේයයි කියනු ලැබේයයි” වදාළේය.
11. 5. 6.
6. අරියකන්ත සූත්‍රය
3814. “මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ අපායෙහි නොවැටීම ස්වභාවයකොට ඇත්තාවූ නියත ගති ඇත්තාවූ මතුමාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙක් වෙයි. කවර සතරකින්ද? මහණෙනි, මෙහි ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධර්මය කෙරෙහි ... (පෙ)... සංඝයා කෙරෙහි ... (පෙ)... ආර්යකාන්ත ශීලයෙන් යුක්ත වෙයි අඛණ්ඩ වූ ... (පෙ)... සමාධිය පිණිස පවත්නා. ‘මහණෙනි, මේ ධර්මසතරින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ අපායෙහි නොවැටීම ස්වභාවකොට ඇත්තාවූ නියත ගති ඇත්තාවූ මතු මාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන්වූයේ වේයයි” වදාළේය.
11. 5. 7.
7. නන්දිය සක්ක සූත්‍රය
3815. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත්පුරයෙහිවූ නිග්‍රොධාරාමයෙහි වැඩවසනසේක. එකල්හි නන්දිය නම් ශාක්‍යතෙම භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටු විය යුතුවූ සිහි කටයුතු කථාව කර නිමවා එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ නන්දිය ශාක්‍යයාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය. [2] “නන්දිය ධර්ම සතරකින් යුත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම අපායෙහි නොවැටීම ස්වභාවකොට ඇත්තාවූ නියත ගති ඇත්තාවූ මතුමාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙක් වූයේ වෙයි. කවර සතරකින්ද යත්? මහණෙනි, මෙහි ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධර්මය කෙරෙහි ... (පෙ)... සංඝයා කෙරෙහි ... (පෙ)... ආර්යකාන්ත ශීලයෙන් යුක්ත වෙයි අඛණ්ඩ වූ ... (පෙ)... සමාධිය පිණිස පවත්නා. [7] “නන්දිය, මේ ධර්ම සතරින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම අපායෙහි නොවැටීම ස්වභාවකොට ඇත්තාවූ නියත ගති ඇත්තාවූ මතුමාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙක් වේයයි” වදාළේය.