11. 5. 5.
5. දුතිය මහද්ධන සූත්රය
3813. “මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූ ආර්ය්යශ්රාවක තෙම ආර්ය්ය ධනයෙන් ආඪ්යය. මහත් ධන ඇත්තේය. මහත් භොග ඇත්තේය. මහත් යසස් ඇත්තේයයි කියනු ලැබේ. කවර සතරකින්ද, මහණෙනි, මෙහි ආර්ය ශ්රාවක තෙමේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධර්මය කෙරෙහි ... (පෙ)... සංඝයා කෙරෙහි ... (පෙ)... ආර්යකාන්ත ශීලයෙන් යුක්ත වෙයි අඛණ්ඩ වූ ... (පෙ)... සමාධිය පිණිස පවත්නා. “මහණෙනි, මේ ධර්ම සතරින් යුක්තවූ ආර්ය්යශ්රාවක තෙමේ ආර්ය්ය ධනයෙන් ආඪ්යය මහධන ඇත්තේය. මහත් භොග ඇත්තේය. මහත් යසස් ඇත්තේයයි කියනු ලැබේයයි” වදාළේය.
11. 5. 6.
6. අරියකන්ත සූත්රය
3814. “මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූ ආර්ය්යශ්රාවක තෙමේ අපායෙහි නොවැටීම ස්වභාවයකොට ඇත්තාවූ නියත ගති ඇත්තාවූ මතුමාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙක් වෙයි. කවර සතරකින්ද? මහණෙනි, මෙහි ආර්ය ශ්රාවක තෙමේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධර්මය කෙරෙහි ... (පෙ)... සංඝයා කෙරෙහි ... (පෙ)... ආර්යකාන්ත ශීලයෙන් යුක්ත වෙයි අඛණ්ඩ වූ ... (පෙ)... සමාධිය පිණිස පවත්නා. ‘මහණෙනි, මේ ධර්මසතරින් යුක්තවූ ආර්ය්යශ්රාවක තෙමේ අපායෙහි නොවැටීම ස්වභාවකොට ඇත්තාවූ නියත ගති ඇත්තාවූ මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන්වූයේ වේයයි” වදාළේය.
11. 5. 7.
7. නන්දිය සක්ක සූත්රය
3815. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ ශාක්යජනපදයෙහි කිඹුල්වත්පුරයෙහිවූ නිග්රොධාරාමයෙහි වැඩවසනසේක. එකල්හි නන්දිය නම් ශාක්යතෙම භාග්යවතුන්වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටු විය යුතුවූ සිහි කටයුතු කථාව කර නිමවා එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ නන්දිය ශාක්යයාට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළේය. [2] “නන්දිය ධර්ම සතරකින් යුත් ආර්ය්යශ්රාවකතෙම අපායෙහි නොවැටීම ස්වභාවකොට ඇත්තාවූ නියත ගති ඇත්තාවූ මතුමාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙක් වූයේ වෙයි. කවර සතරකින්ද යත්? මහණෙනි, මෙහි ආර්ය ශ්රාවක තෙමේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධර්මය කෙරෙහි ... (පෙ)... සංඝයා කෙරෙහි ... (පෙ)... ආර්යකාන්ත ශීලයෙන් යුක්ත වෙයි අඛණ්ඩ වූ ... (පෙ)... සමාධිය පිණිස පවත්නා. [7] “නන්දිය, මේ ධර්ම සතරින් යුක්තවූ ආර්ය්යශ්රාවක තෙම අපායෙහි නොවැටීම ස්වභාවකොට ඇත්තාවූ නියත ගති ඇත්තාවූ මතුමාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙක් වේයයි” වදාළේය.
11. 5. 8.
8. භද්දිය සක්ක සූත්රය
3816. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ ශාක්යජනපදයෙහි කිඹුල්වත්පුරයෙහිවූ නිග්රොධාරාමයෙහි වැඩවසනසේක. එකල්හි භද්දිය නම් ශාක්යතෙම භාග්යවතුන්වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටු විය යුතුවූ සිහි කටයුතු කථාව කර නිමවා එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ භද්දිය ශාක්යයාට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළේය. “භද්දිය, ධර්මසතරකින් ආර්ය්යශ්රාවකතෙම අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තාවූ නියත ගති ඇත්තාවූ මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන්වූයේ වෙයි. කවර සතරකින්ද යත්? මහණෙනි, මෙහි ආර්ය ශ්රාවක තෙමේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධර්මය කෙරෙහි ... (පෙ)... සංඝයා කෙරෙහි ... (පෙ)... ආර්යකාන්ත ශීලයෙන් යුක්ත වෙයි අඛණ්ඩ වූ ... (පෙ)... සමාධිය පිණිස පවත්නා. “භද්දිය, මේ ධර්ම සතරින් යුත් ආර්ය්යශ්රාවකතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ, නියත ගති ඇත්තාවූ මතුමාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන්වූයේ වෙයි.”
11. 5. 9.
9. මහානාම සක්ක සූත්රය
3817. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ ශාක්යජනපදයෙහි කිඹුල්වත්පුරයෙහිවූ නිග්රොධාරාමයෙහි වැඩවසනසේක. එකල්හි මහානාම නම් ශාක්යතෙම භාග්යවතුන්වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටු විය යුතුවූ සිහි කටයුතු කථාව කර නිමවා එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ මහානාම ශාක්යයාට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළේය. “මහානාම, ධර්ම සතරකින් යුක්තවූ ආර්ය්යශ්රාවක තෙම අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තාවූ නියත ගති ඇත්තාවූ මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන්වූයේ වෙයි. කවර සතරකින්ද, මහණෙනි, මෙහි ආර්ය ශ්රාවක තෙමේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධර්මය කෙරෙහි ... (පෙ)... සංඝයා කෙරෙහි ... (පෙ)... ආර්යකාන්ත ශීලයෙන් යුක්ත වෙයි අඛණ්ඩ වූ ... (පෙ)... සමාධිය පිණිස පවත්නා. “මහානාම, මේ ධර්ම සතරින් යුත් ආර්ය්යශ්රාවකතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ නියත ගති ඇත්තාවූ මතුමාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන්වූයේ වෙයි” කියායි.
11. 5. 10.
10. චතුරංග සූත්රය
1046. “මහණෙනි, මේ සොතාපත්තියංග සතරක් වෙති. කවර සතරක්ද, සත්පුරුෂ සේවනය, සද්ධර්මශ්රවණය, යොනිසොමනසිකාරය ධර්මානුධර්ම ප්රතිපත්තිය යනුයි. මහණෙනි, මේ සොතාපත්තියංග සතර වෙති.
සගාථකපුඤ්ඤාභිසන්දවග්ගො පඤ්චමො.
එහි උද්දානය:
අසඞ්ඛෙය්ය සූත්ර තුනක් ද, අනතුරුව අඩ්ඪ සූත්ර දෙකක් ද, සුද්ධක, නන්දිය, භද්දිය, මහානාම සහ අඞ්ග සූත්රයෙන් දස වැන්න යයි කියන ලදී.