2. 3. 10.
වයධම්ම සූත්‍රය.
191. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට කෙටියෙන් ධර්මයක් දේශනා කරණසේක්වා... වාසය කරමි” යනුයි.
රාධය, යම් ඒ නැතිවන ධර්මයක් වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.
රාධය, නැතිවන ධර්ම කවරේද:
රාධය රූපය නැතිවන ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරු කළයුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. වේදනාව... සඤ්ඤාව... සංස්කාරය... විඤ්ඤාණය නැතිවන ධර්මයකි... රාධය, යම් ඒ නැතිවන ධර්මයක් වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.
2. 3. 11.
සමුදය ධම්ම සූත්‍රය.
192. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට කෙටියෙන් ධර්මයක් දේශනා කරණ සේක්වා... වාසය කරමි” යනුයි.
රාධය, යම් ඒ හේතුවෙන් හටගන්නා ස්වභාවය ඇති ධර්මයක් වේද? එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.
රාධය, හේතුවෙන් හටගන්නා ස්වභාවය ඇති ධර්මය කවරේද? රාධය රූපය හේතුවෙන් හටගන්නා ස්වභාවය ඇති ධර්මයකි... වේදනාව... සඤ්ඤාව... සංස්කාරය... විඤ්ඤාණය හේතුවෙන් හටගන්නා ස්වභාවය ඇති ධර්මයකි... රාධය, යම් ඒ හේතුවෙන් හටගන්නා ස්වභාවය ඇති ධර්මයක් වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.
2. 3. 12.
නිරොධ ධම්ම සූත්‍රය.
193. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට කෙටියෙන් ධර්මයක් දේශනා කරණ සේක්වා... වාසය කරමි” යනුයි.