3. ආයාචන වර්ගය
2. 3. 1.
මාර සූත්‍රය.
182. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හිඳගත්තේය. එකත්පසෙක හුන් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, මට කෙටියෙන් ධර්මයක් දේශනා කරණසේක්වා. ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා තනිව ජනයාගෙන් වෙන්ව අප්‍රමාදව කෙලෙස් තවන වීර්යයෙන් යෙදී ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නෙමි” යනුයි.
රාධය, යම් ඒ මාරයෙක් වෙයිද, එහි ඔබගේ ඡන්දය (කැමැත්ත) දුරු කටයුතුයි, රාගය දුරු කටයුතුයි, ඡන්දරාගය දුරු කටයුතුයි. රාධය, මාරයා නම් කවරේද:
රාධය රූපය මාරයෙකි. එහි ඔබගේ කැමැත්ත දුරු කළ යුතුය, රාගය දුරු කළ යුතුය, ඡන්දරාගය දුරු කළ යුතුය. වේදනාව මාරයෙකි... සංඥාව මාරයෙකි... සංස්කාරයෝ මාරයෙකි... විඤ්ඤාණය මාරයෙකි. එහි ඔබගේ කැමැත්ත දුරු කළ යුතුයි, රාගය දුරු කළ යුතුයි, ඡන්දරාගය දුරු කළ යුතුයි. රාධය, යම් ඒ මාරයෙක් වෙයිද, එහි ඔබගේ ඡන්දය පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො.
2. 3. 2.
මාරධම්ම සූත්‍රය.
183. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට කෙටියෙන් ධර්මයක් දේශනා කරන සේක්වා. ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා, තනිව වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යෙදී, ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නෙමි” යනුයි.
රාධය, යම් ඒ මාර ධර්මයක් වේද? එහි ඔබගේ කැමැත්ත පහකළයුතුයි. එහි ඔබගේ ඇල්ම දුරුකළයුතුයි. එහි ඔබගේ බලවත් ඇල්ම දුරුකළ යුතුයි. රාධය, මාර ධර්මය නම් කවරේද? රූපය මාර ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත පහකළ යුතුය. ඇල්ම පහකළ යුතුය. බලවත් ඇල්ම පහකළ යුතුය. වේදනාව... සංඥාව... සංස්කාර... විඤ්ඤාණය මාර ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත පහකළ යුතුය. ඇල්ම පහකළ යුතුයි. බලවත් ඇල්ම පහකළ යුතුයයි වදාළේය. යම් ඒ මාරධර්මයෙක් වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය, ඇල්ම දුරුකළ යුතුය, බලවත් ඇල්ම දුරුකළ යුතුය.
2. 3. 3.
අනිච්ච සූත්‍රය.
184. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසනලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට කෙටියෙන් ධර්මයක් දේශනා කරන සේක්වා... ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නෙමි” යනුයි.
රාධය, යමක් අනිත්‍යද එහි ඔබගේ කැමැත්ත දුරු කළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. රාධය, අනිත්‍යය නම් කුමක්ද? රාධය, රූපය අනිත්‍යය, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුයි, ඇල්ම දුරුකළ යුතුයි. බලවත් ඇල්ම දුරුකළ යුතුයි. වේදනාව... සංඥාව... සංස්කාර... විඤ්ඤාණය අනිත්‍යය, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුයි. ඇල්ම දුරුකළ යුතුයි. බලවත් ඇල්ම දුරුකළ යුතුයි. රාධය, යම් ඒ අනිත්‍යයක් වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුයි. ඇල්ම දුරු කළ යුතුයි. බලවත් ඇල්ම දුරුකළ යුතුයි.
2. 3. 4.
අනිච්චධම්ම සූත්‍රය.
185. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මට කෙටියෙන් ධර්මයක් දේශනා කරණ සේක්වා... ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නෙමි” යනුයි.
රාධය, යම් ඒ අනිත්‍ය ධර්මයක්වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළයුතුයි. ඇල්ම දුරුකළ යුතුයි. බලවත් ඇල්ම දුරුකළ යුතුයි.
රාධය, අනිත්‍ය ධර්මය නම් කවරේද: රාධය, රූපය අනිත්‍ය ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුයි. ඇල්ම දුරුකළ යුතුයි. බලවත් ඇල්ම දුරු කළ යුතුයි. වේදනාව... සංඥාව... සංස්කාරය... විඤ්ඤාණය අනිත්‍ය ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුයි. ඇල්ම දුරුකළ යුතුයි. බලවත් ඇල්ම දුරු කළ යුතුයි. රාධය, යම් ඒ අනිත්‍ය ධර්මයක්වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළයුතුයි. ඇල්ම දුරුකළ යුතුයි. බලවත් ඇල්ම දුරුකළ යුතුයි.
2. 3. 5.
දුක්ඛ සූත්‍රය.
186. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට කෙටියෙන් ධර්මයක් දේශනා කරන සේක්වා... වාසය කරන්නෙමි” යනුයි.