2. 3. 11.
සමුදය ධම්ම සූත්රය.
192. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්යවතුන් වහන්සේට මෙසේ කීය: “ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, මට කෙටියෙන් ධර්මයක් දේශනා කරණ සේක්වා... වාසය කරමි” යනුයි.
රාධය, යම් ඒ හේතුවෙන් හටගන්නා ස්වභාවය ඇති ධර්මයක් වේද? එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.
රාධය, හේතුවෙන් හටගන්නා ස්වභාවය ඇති ධර්මය කවරේද? රාධය රූපය හේතුවෙන් හටගන්නා ස්වභාවය ඇති ධර්මයකි... වේදනාව... සඤ්ඤාව... සංස්කාරය... විඤ්ඤාණය හේතුවෙන් හටගන්නා ස්වභාවය ඇති ධර්මයකි... රාධය, යම් ඒ හේතුවෙන් හටගන්නා ස්වභාවය ඇති ධර්මයක් වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.
2. 3. 12.
නිරොධ ධම්ම සූත්රය.
193. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්යවතුන් වහන්සේට මෙසේ කීය: “ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, මට කෙටියෙන් ධර්මයක් දේශනා කරණ සේක්වා... වාසය කරමි” යනුයි.
රාධය, යම් නිරුද්ධවන ස්වභාවය ඇති ධර්මයක් වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. රාධය, නිරුද්ධවන ස්වභාවය ඇති ධර්මය නම් කවරේද? රාධය රූපය නිරෝධ ධර්මයකි... වේදනාව... සඤ්ඤාව... සංස්කාරය... විඤ්ඤාණය නිරෝධ ධර්මයකි... රාධය, යම් ඒ නිරුද්ධ ධර්මයක් වේද? එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය යනුයි.
තුන්වෙනි ආයාචන වර්ගයයි.
සූත්ර නාමාවලිය:
මාර සූත්රය, මාර ධර්ම සූත්රය, අනිත්ය සූත්ර දෙක, දුක්ඛ සූත්ර දෙක, අනාත්ම සූත්ර දෙක, ඛයධම්ම සූත්රය, වයධම්ම සූත්රය, සමුදයධම්ම සූත්රය සහ නිරෝධධම්ම සූත්රයදැයි මේ වර්ගයෙහි සූත්ර දොළසකි.