1. 2. 4. 9.
පඨම රාහුල සූත්රය
91. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි වනාහි ආයුෂ්මත් රාහුල භික්ෂුව භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් රාහුල භික්ෂුව භාග්යවතුන් වහන්සේට මෙය සැළකෙළේය.
“ස්වාමීනි, කෙසේ දන්නාහට, කෙසේ දක්නාහට, විඤ්ඤාණය සහිතවූ මේ කයෙහිද, පිටත්හි සියලු ආරම්මණයන්හිද, අනුසය වශයෙන් පවත්නාවූ, තෘෂ්ණා, දෘෂ්ටි, මානයෝ නොවෙත්ද?”
“රාහුලය, අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, ලඟවූද, යම්කිසි රූපයක්වේද, ඒ සියලු රූපය ‘මෙය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මගේ ආත්මය නොවේයයි’ තත්වූ පරිද්දෙන්, මනා නුවණින් දකියිද. යම් කිසි වේදනාවක් වේද
—පෙ— යම්කිසි සංඥාවක් වේද, ඒ සියලු සංඥාව ‘මෙය මගේ නොවෙයි. එය මම නොවෙමි. එය මගේ ආත්මය නොවේයයි’ මෙසේ තත්වූ පරිද්දෙන්, මනා නුවණින් දකියිද, යම්කිසි සංස්කාරයක් වේද, ඒ සියලු සංස්කාරයෝ ‘මෙය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ තත්වූ පරිද්දෙන්, මනා නුවණින් දකියිද, යම්කිසි විඤ්ඤාණයක් වෙයිද—අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, ලඟවූද, යම්කිසි විඤ්ඤාණයක් වෙයිද—ඒ සියලු විඤ්ඤාණය ‘මෙය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි’ තත්වූ පරිද්දෙන්, මනා නුවණින් දකියි.
“රාහුලය, මෙසේම දන්නාහට, මෙසේ දක්නාහට, විඤ්ඤාණය සහිත මේ කයෙහිද, බාහිරවූ සියලු ආරම්මණයන්හිද අහංකාර මමංකාර මානානුසයෝ නොවෙත්යයි”.
1. 2. 4. 10.
දුතිය රාහුල සූත්රය
92. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
එකල්හි වනාහි ආයුෂ්මත් රාහුල භික්ෂුව භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එක්පැත්තක හුන්නේය. එක්පැත්තෙක හුන්නාවූ ආයුෂ්මත් රාහුල භික්ෂුව භාග්යවතුන් වහන්සේට මෙය කීය:
“ස්වාමීනි, කෙසේ දන්නහුට, කෙසේ දක්නහුට විඤ්ඤාණය සහිත මේ කයෙහිද, පිටත සියලු ආරම්මණයන්හිද, පහවූ අහංකාර මමංකාර මානානුසය ඇති මානය ඉක්මවූ සංසිඳුනාවූ, මනාකොට මිදුණාවූ සිත වෙයිද?”
“රාහුලය, අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්යාත්මිකවූද, බාහිරවූද, ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, ලඟවූද, යම්කිසි රූපයක් වේද, ඒ සියලු රූපය ‘මෙය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි’ මෙය මෙසේ තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක (උපාදාන වශයෙන්) දැඩිව අල්වානොගෙන (කෙලෙසුන් කෙරෙන්) මනාව මිදුනේවේද. යම් කිසි වේදනාවක් වේද...පෙ... යම්කිසි සංඥාවක් වේද...පෙ... යම්කිසි සංස්කාරයක් වේද...පෙ... යම්කිසි විඤ්ඤාණයක් වේද—අතීතවූද අනාගතවූද, වර්තමානවූද, අධ්යාත්මිකවූද, බාහිරවූද ගොරෝසුවූද, සියුම්වූද, හීනවූද, උතුම්වූද, දුරවූද, ලඟවූද යම්කිසි විඤ්ඤාණයක් වේද—ඒ සියලු විඤ්ඤාණය ‘මෙය මගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි’ මෙය මෙසේ තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) දැඩිව අල්වා නොගෙන කෙලෙසුන්ගෙන්) මනාව මිදුණේවේද.
“රාහුලය, මෙසේම දන්නාහට, දක්නාහට මේ විඤ්ඤාණය සහිත ශරීරයෙහිද, බාහිර සියලු ආරම්මණයන්හිද, පහවූ අහංකාර මමංකාර මානානුසයන් ඇති, මානය දුරුවූ, සංසිඳුනාවූ, මනාකොට මිදුණාවූ, සිත ඇතිවන්නේයයි”.
සතරවෙනි ථෙරවර්ගයයි.
එහි උද්දානය:
ආනන්ද සූත්රය, තිස්ස සූත්රය, යමක සූත්රය, අනුරාධ සූත්රය, වක්කලි සූත්රය, අස්සජි සූත්රය, ඛෙමක සූත්රය, ඡන්න සූත්රය සහ අන්යවූ රාහුල සූත්ර දෙකදැයි මේ වර්ගයෙහි සූත්ර දසයෙකි.