7. 1. 4.
නිච්ඡවි සූත්‍රය
365. ඇවැත්නි, මම මෙහි ගිජ්ඣකූට පර්වතයෙන් බසිමින් සිටියදී අහසින් යන ඇඟේ සම (සිවිය) නැති පුරුෂයකු (ප්‍රේතයකු) දුටුවෙමි. ගිජුලිහිණියෝත් කවුඩෝත් උකුස්සෝත් ඔහු ලුහුබැඳ ලුහුබැඳ කඩා කති, ඉරා කති. හෙතෙම ද බැගෑපත් හඬින් හඬයි -පෙ- [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ -පෙ-] මහණෙනි, මේ සත්ත්වයා මේ රජගහ නුවරම බැටළු වැද්දෙක් (බැටළුවන් මරා ජීවත් වූවෙක්) විය -පෙ- [මෙබඳු ආත්මභාවයක් ලැබීමක්] විඳින්නේ යැයි වදාළ සේක.
7. 1. 5.
අසිලෝම සූත්‍රය
366. ඇවැත්නි, මම මෙහි ගිජ්ඣකූට පර්වතයෙන් බසිමින් සිටියදී අහසින් යන කඩු වැනි ලොම් ඇති (අසිලෝම) පුරුෂයකු (ප්‍රේතයකු) දුටුවෙමි. ඔහුගේ ඒ කඩු උඩට නැඟ නැඟ ඔහුගේම සිරුරෙහි වැටෙයි. හෙතෙම ද බැගෑපත් හඬින් හඬයි -පෙ- [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ -පෙ-] මහණෙනි, මේ සත්ත්වයා මේ රජගහ නුවරම ඌරු වැද්දෙක් (ඌරන් මරා ජීවත් වූවෙක්) විය -පෙ- [මෙබඳු ආත්මභාවයක් ලැබීමක්] විඳින්නේ යැයි වදාළ සේක.
7. 1. 6.
සත්තිලෝම සූත්‍රය
367. ඇවැත්නි, මම මෙහි ගිජ්ඣකූට පර්වතයෙන් බසිමින් සිටියදී අහසින් යන සැත් (හෙලි) වැනි ලොම් ඇති (සත්තිලෝම) පුරුෂයකු දුටුවෙමි. ඔහුගේ ඒ සැත් උඩට නැඟ නැඟ ඔහුගේම සිරුරෙහි වැටෙයි. හෙතෙම ද බැගෑපත් හඬින් හඬයි -පෙ- [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ -පෙ-] මහණෙනි, මේ සත්ත්වයා මේ රජගහ නුවරම මුව වැද්දෙක් විය -පෙ- [මෙබඳු ආත්මභාවයක් ලැබීමක්] විඳින්නේ යැයි වදාළ සේක.
7. 1. 7.
උසුලෝම සූත්‍රය
368. ඇවැත්නි, මම මෙහි ගිජ්ඣකූට පර්වතයෙන් බසිමින් සිටියදී අහසින් යන ඊතල (හී) වැනි ලොම් ඇති (උසුලෝම) පුරුෂයකු දුටුවෙමි. ඔහුගේ ඒ ඊතල උඩට නැඟ නැඟ ඔහුගේම සිරුරෙහි වැටෙයි. හෙතෙම ද බැගෑපත් හඬින් හඬයි -පෙ- [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ -පෙ-] මහණෙනි, මේ සත්ත්වයා මේ රජගහ නුවරම වධකයෙක් (රජුට වැරදි කළවුන්ට වද දී අවසානයේ ඊතලයෙන් විද මරන්නෙක්) විය -පෙ- [මෙබඳු ආත්මභාවයක් ලැබීමක්] විඳින්නේ යැයි වදාළ සේක.
7. 1. 8.
සූචිලෝම සූත්‍රය
369. ඇවැත්නි, මම මෙහි ගිජ්ඣකූට පර්වතයෙන් බසිමින් සිටියදී අහසින් යන ඉඳිකටු වැනි ලොම් ඇති (සූචිලෝම) පුරුෂයකු දුටුවෙමි. ඔහුගේ ඒ ඉඳිකටු උඩට නැඟ නැඟ ඔහුගේම සිරුරෙහි වැටෙයි. හෙතෙම ද බැගෑපත් හඬින් හඬයි -පෙ- [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ -පෙ-] මහණෙනි, මේ සත්ත්වයා මේ රජගහ නුවරම අසුන් හික්මවන්නෙක් (නොහොත් ගවයන් හික්මවන්නෙක්) විය -පෙ- [මෙබඳු ආත්මභාවයක් ලැබීමක්] විඳින්නේ යැයි වදාළ සේක.