2. 3. 7.
මහා සකුලුදාය සූත්රය
237. “මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම්වූ වෙළුවනාරාමයෙහි වාසය කළහ. එකල්හි වනාහි බොහෝවූ ප්රසිද්ධවූ ප්රසිද්ධවූ පරිව්රාජකයෝ මෝර නිවාප නම්වූ පරිව්රාජකරාමයෙහි වාසය කෙරෙති. එනම්, අනුගාරය, වරචරය සකුළුදායි පරිව්රාජකයාද අන්යවූ ප්රසිද්ධ ප්රසිද්ධ පරිව්රාජකයෝද, වෙත්. ඉක්බිති භාග්යවතුන් වහන්සේ උදය කාලයෙහි හැඳ පොරවා පාත්ර සිව්රුගෙණ රජගහනුවරට පිණ්ඩපාතය පිණිස ඇතුළුවූහ. ඉක්බිති භාග්යවතුන් වහන්සේට මෙබඳු සිතක් පහළවිය. ‘තවම රජගහනුවර පිඬු පිණිස හැසිරීමට ඉතා උදෑසනය. මම මෝර නිවාප නම් පරිව්රාජකාරාමය යම් තැනකද සකුළුදායි නම් පරිව්රාජකතෙම යම් තැනකද එතැනට පැමිණෙන්නෙම්නම් යෙහෙක,’ කියායි. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මෝර නිවාප නම් පරිව්රාජකාරාමය යම් තැනකද එතැනට පැමිණුනහ. එකල්හි වනාහි සකුළුදායි නම් පරිව්රාජක තෙම උස්හඬින් හා මහත් හඬින් ඝොෂා කරන්නාවූ නොයෙක් ආකාර තිරිසන් කථා කියන්නාවූ එනම්, රජුන් පිළිබඳ කථාය සොරුන් පිළිබඳ කථාය, මහඇමතියන් පිළිබඳ කථාය, සේනා කථාය, භය කථාය, යුද්ධ කථාය, ආහාර කථාය, පානය ගැන කථාය, වස්ත්ර ගැන කථාය, සයනය ගැන කථාය, මාලා ගැන කථාය, සුවඳවර්ග ගැන කථාය, ඥාතීන් ගැන කථාය, යානාවන් ගැන කථාය, ගම් පිළිබඳ කථාය, නියම්ගම් පිළිබඳ කථාය, නගර පිළිබඳ කථාය, ජනපද පිළිබඳ කථාය, ස්ත්රීන් පිළිබඳ කථාය සූරයන් පිළිබඳ කථාය, වීථි පිළිබඳ කථාය දිය තොටවල් පිළිබඳ කථාය, පරලොව ගිය නැහැයන් පිළිබඳ කථාය නොයෙක් ස්වභාවයෙන් යුත් කථාය, ලෝකය පිළිබඳ ප්රකාශ වන්නාවූ කථාය, මුහුද පිළිබඳ ප්රකාශ වන්නාවූ කථාය, මෙසේ වන්නේය නොවන්නේය. යන මෙ පිළිබඳ කථාවය කියා හෝ යන මේ කථාවලින් යුක්තවූ මහත්වූ පරිව්රාජක පිරිස සමග හුන්නේ වෙයි.
සකුළුදායි පරිව්රාජක තෙම වනාහි දුරදීම වඩින්නාවූ භාග්යවතුන් වහන්සේ දුටුයේය. දැක ස්වකීය පිරිස තැන්පත් කෙළේය. “පින්වත්නි, නිශ්ශබ්ද වෙත්වා, පින්වත්නි, ශබ්ද නොකරව්, මේ ශ්රමණ ගෞතම තෙමේ එන්නේය. ඒ ආයුෂ්මත් තෙමේ වනාහි නිශ්ශබ්ද වීම කැමැත්තේය. නිශ්ශබ්ද වීමේ ගුණකියන්නෙක, පිරිස නිශ්ශබ්දයයි දැන මෙහි පැමිණිය යුතුයයි, හඟින්නේ නම් මැනව යනුවෙනි, ඉක්බිති ඒ පරිව්රාජකයෝ නිශ්ශබ්ද වූහ. එකල්හි භාග්යවතුන් වහන්සේ සකුළුදායී පරිව්රාජක තෙම යම් තැනෙක්හිද එතැනට පැමිණ ඉක්බිති සකුළුදායී පරිව්රාජක තෙම භාග්යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ මෙහි වඩින සේක්වා. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේගේ වැඩීම යහපති ස්වාමීනි භාග්යවතුන් වහන්සේ බොහෝ කලකින් මෙහි වැඩීම කළහ. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ වැඩ හිඳින සේක්වා මේ ආසනය පනවන ලද්දේය” කීය. භාග්යවතුන් වහන්සේ පනවනලද ආසනයෙහි වැඩ හුන්නේය. සකුළුදායී පරිව්රාජක තෙමේද එක්තරා මිටි ආසනයක් ගෙන එක් පැත්තක හුන්නේය. එක පැත්තක හුන්නාවූම සකුළුදායී පරිව්රාජකයාට භාග්යවතුන් වහන්සේ මෙය වදාළහ.
238. “උදායීය, දැන් මෙහි කිනම් කථාවකින් යුක්තව හුන්නාහුද? තොප විසින් කිනම් අතුරු කථාවක් අඩාල කරණ ලද්දීද?” “ස්වාමීනි, අපි දැන් යම් කථාවකින් යුක්තව හුන්නමෝද, මේ කථාව තිබේවා. ස්වාමීනි, මේ කථාව භාග්යවතුන් වහන්සේට පසුවදා ඇසීමට දුර්ලභ නොවන්නේය. ස්වාමීනි පසුගිය දවස්වල කුතූහල ශාලාවෙහි එක්ව උන්නාවූ රැස්වුනාවූ නොයෙක් තීර්ථකයන් මහණ බමුණන් අතර මේ අතුරු කථාව පහළවිය. පින්වත්නි, අඟුමගද වැස්සන්ට එකාන්තයෙන් ලාභයක. පින්වත්නි, අඟුමගද දනව් වැස්සන්ට ඒකාන්තයෙන් මනාව ලැබුණු ලාභයෙකි. යම් ජනපදයෙක්හි සමූහයා ඇත්තාවූ ගණයා ඇත්තාවූ ගණයාට ආචාර්යවූ ප්රසිද්ධවූ යසස් ඇත්තාවූ ආගම් දේශනා කරන්නාවූ බොහෝ දෙනා විසින් යහපතැයි සම්මතවූ මේ මහණ බමුණෝ රජගහනුවරට වැඩ විසුමට රැස්වූවාහුය. මේ පූරණ කාශ්යප තෙමේද සමූහයා ඇත්තේද ශිෂ්ය ගණයා ඇත්තේද, ශිෂ්ය ගණයාට ආචාර්යවූද ප්රසිද්ධවූ යසස් ඇත්තාවූ ආගම් දේශනාකරන්නාවූ බොහෝ දෙනා විසින් යහපතැයි සම්මතය, හෙතෙමේද රජගහනුවරට වස් කාලයෙහි විසීමට පැමිණියේ වෙයි. මේ මක්ඛලිගොසාල තෙමේද සමූහයා ඇත්තේ, ශිෂ්ය පිරිස ඇත්තේ ශිෂ්ය සමූහයාට ආචාර්ය වූයේ, ප්රසිද්ධ වූයේ, යසස් ඇත්තේ තීර්ථකරවූයේ බොහෝ දෙනා විසින් යහපතැයි සම්මතවූයේ වේ. හෙතෙමේද වර්ෂා ඍතුවෙහි රජගහ නුවර වාසයට පැමිණියේ වෙයි. අජිත කෙසකම්බලී තෙමේද සමූහයා ඇත්තේ ශිෂ්ය පිරිස ඇත්තේ ශිෂ්ය සමූහයාට ආචාර්යවූයේ ප්රසිද්ධවූයේ යසස් ඇත්තේ තීර්ථකර වූයේ බොහෝ දෙනා විසින් යහපතැයි සම්මතවූයේ වේ. හෙතෙමේද වර්ෂා ඍතුවෙහි රජගහනුවර වාසයට පැමිණියේ වෙයි. පකුධකච්චායන තෙමේද සමූහයා ඇත්තේ, ශිෂ්ය පිරිස ඇත්තේ, ශිෂ්ය සමූහයාට ආචාර්ය වූයේ, ප්රසිද්ධ වූයේ, යසස් ඇත්තේ තීර්ථකර වූයේ බොහෝ දෙනා විසින් යහපතැයි සම්මත වූයේ වේ. හෙතෙමේද වර්ෂා ඍතුවෙහි රජගහනුවර වාසයට පැමිණියේ වෙයි. සඤ්ජය බෙල්ලට්ඨපුත්ත තෙමේද සමූහයා ඇත්තේ, ශිෂ්ය පිරිස ඇත්තේ ශිෂ්ය සමූහයාට ආචාර්ය වූයේ, ප්රසිද්ධ වූයේ යසස් ඇත්තේ තීර්ථකර වූයේ බොහෝ දෙනා විසින් යහපතැයි සම්මත වූයේ වේ. හෙතෙමේද, වර්ෂා ඍතුවෙහි රජගහ නුවර වාසයට පැමිණියේ වෙයි. නිගණ්ඨනාතපුත්ර තෙමේද, සමූහ ඇත්තේද ශිෂ්ය පිරිස ඇත්තේද, ශිෂ්ය සමූහයාට ආචාර්ය වූයේ ප්රසිද්ධ වූයේ යසස් ඇත්තේ ආගම් දේශනා කරන්නාවූ බොහෝ දෙනා විසින් යහපතැයි සම්මතවූයේ වේ. හෙතෙමේද රජගහ නුවරට වස් කාලයෙහි විසීමට පැමිණියේ වෙයි. මේ ශ්රමණ ගෞතම තෙමේද, සමූහයා ඇත්තේද ශිෂ්ය ගණයා ඇත්තේද ශිෂ්ය සමූහයාට ආචාර්ය වූයේද ප්රසිද්ධවූයේ යසස් ඇත්තේ ආගම් දේශනා කරන්නේ බොහෝ දෙනා විසින් යහපතැයි සම්මතවූයේ වෙයි. හෙතෙමේද, රජගහ නුවරට වැසි කාලයෙහි වාසයට පැමිණියේ වෙයි. සංඝයා ඇත්තාවූ ගණයා ඇත්තාවූ ගණයාට ආචාර්යවූ ප්රසිද්ධවූ යසස් ඇත්තාවූ ආගම් දේශනා කරන්නාවූ බොහෝ දෙනා විසින් යහපතැයි සම්මතවූ මේ පින්වත් මහණ බමුණන්ගෙන් කවරෙක් නම්, ශ්රාවකයන් විසින් සත්කාර කරණ ලද්දේ ගෞරව කරණ ලද්දේ බුහුමන් කරණ ලද්දේ පුදන ලද්දේ වේද, ශ්රාවකයෝ සත්කාර කොට ගෞරව කොට කවරෙකු ආශ්රයකොට වාසය කෙරෙත්දැ”යි කථාවක් පහලවිය.
239. ඔවුන් අතුරෙන් සමහරු මෙසේ කීහ. ‘මේ පූරණකාශ්යපය තෙමේ වනාහි සමූහයා ඇත්තේ ශිෂ්යගණයා ඇත්තේද ශිෂ්ය සමූහයාට ආචාර්යවූයේ ප්රසිද්ධවූයේ යසස් ඇත්තේ ආගම් දේශනා කරන්නේ බොහෝ දෙනා විසින් යහපතැයි සම්මත වූයේ වෙයි. හෙතෙමේද ශ්රාවකයන් විසින් සත්කාර නොකරණ ලද්දේ ගෞරව නොකරණ ලද්දේ බුහුමන් නුපුදන ලද්දේ වෙයි. පූරණ කාශ්යපයන්ට ශ්රාවකයෝසත්කාර කොට ගෞරව කොට ඇසුරු කොට වාසය නොකරත්. පෙරවූවක් කියමි. පූරණ කාශ්යප තෙමේ නොයෙක් සිය ගණන් පිරිසට ධර්මය දේශනා කරයි. එහි එක්තරා පූරණ කාශ්යපගේ ශ්රාවකයෙක් ‘පින්වත්නි, මේ කාරණය පූරණ කාශ්යපයන් ගෙන් නොඅසව්. එතෙම මෙය නොදනියි. අපි මෙය දනිමු. මේ කාරණය අපෙන් විචාරව්. අපි මෙය පින්වතුන්ට ප්රකාශ කරන්නෙමුයි’ ශබ්ද කෙළේය. තවද පෙරවූවක් කියමි. පූරණ කාශ්යප තෙමේ දෙඅත් ඔසවා ගෙණ හඬමින්, ‘පින්වත්නි, නිශ්ශබ්ද වෙත්වා. පින්වත්නි ශබ්ද නොකරව්. මොවුහු පින්වතුන්ගෙන් නොඅසත්. මොවුහු අපගෙන් අසත්. අපි මොවුන් ප්රකාශ කරන්නෙමුයි’ කියා පිරිස නිශ්ශබ්ද කිරීමට නොහැකිවිය. පූරණ කාශ්යපගේ වනාහි බොහෝ ශ්රාවකයෝ ‘නුඹ මේ ධර්ම විනය නොදන්නෙහිය. මම මේ ධර්ම විනය දනිමි. කිමෙක්ද නුඹ මේ ධර්ම විනය දන්නෙහිද, නුඹ වරදවා පිළිපන්නෙක් වෙහි.