2. 3. 2.
අග්ගිවච්ඡගොත්ත සූත්‍රය
187. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඩු මහ සිටුහුගේ ජේතවන නම්වූ ආරාමයෙහි වාසය කළහ. එකල්හි වච්ඡගොත්ත පරිව්‍රාජක තෙම, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතු සිහිකටයුතු කථාව කොට නිමවා එක්පැත්තක උන්නේය. එක්පැත්තක උන්නාවූම වච්ඡගොත්ත නම් පරිව්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය.
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘ලෝකය සදාකාලිකය, මෙයම සත්‍යයි මෙයින් අන්‍යමත සිස්ය, යන මේ දෘෂ්ටිය ඇත්තේද?” “වච්ඡය, මම ‘ලෝකය සදාකාලිකය, මෙයම සත්‍යයි මෙයින් අන්‍ය මත සිස්ය, යන මෙබඳු දෘෂ්ටිය ඇත්තේ නොවෙමි.”
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘ලෝකය සදාකාලික නොවේ. මෙයම සත්‍යයි මෙයින් අන්‍ය මත හිස්ය, යන මෙබඳු දෘෂ්ටි ඇත්තේද?” “වච්ඡය, මම ‘ලෝකය සදාකාලික, නොවේ. මෙයම සත්‍යය මෙයින් අන්‍ය මත සිස්ය, යන මෙබඳු දෘෂ්ටිය ඇත්තේ නොවෙමි.”
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘ලෝකයේ කෙළවර ඇත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටිය ඇත්තේද?” “වච්ඡය, මම ‘ලෝකය කෙළවර ඇත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත හිස්ය’යි මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.”
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘ලෝකය කෙළවර නැත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත හිස්ය’යි මෙබඳු දෘෂ්ටිය ඇත්තේද?” “වච්ඡය, මම ‘ලෝකය කෙළවර නැත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත හිස්ය’යි යන මෙබඳු දෘෂ්ටිය ඇත්තේ නොවෙමි.”
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘එයම ජීවය වේ, එයම ශරීරය වේ. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද?” “වච්ඡය මම ‘එයම ජීවය වේ, එයම ශරීරය වේ, මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.”
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘ජීවය අනිකක් වේ. ශරීරය අනිකක් වේ. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද?” “වච්ඡය, මම ‘ජීවය අනිකක් වේ. ශරීරය අනිකක් වේ. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්යයි මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමියි.”
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘සත්ව තෙම මරණින් මතු වෙයි. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද?” “වච්ඡය, මම ‘සත්වතෙම මරණින් මතු වේ. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.”
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘සත්ව තෙම මරණින් මතු නොවේ. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද?” “වච්ඡය, මම ‘සත්ව තෙම මරණින් මත්තෙහි නොවේ. මෙයම සත්‍යය මෙයින් අන්‍යමත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.”
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ‘සත්ව තෙම මරණින් මතු වන්නේද වෙයි. නොවන්නේද වෙයි, මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද?” “වච්ඡය, මම ‘සත්ව තෙම මරණින් මත්තෙහි වන්නේද වෙයි, නොවන්නේද වෙයි මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.”
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ, ‘සත්ව තෙම මරණින් මතු නොම වෙයි. නොවන්නේ නොවෙයි, මෙයම සත්‍යය. මෙයින් අන්‍ය මත සිස්ය’යි මෙබඳු දෘෂ්ටි ඇත්තේද?” “වච්ඡය, “මම සත්ව තෙම මරණින් මත්තෙහි නොමවෙයි. නොවන්නේ නොවෙයි. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.”
188. “භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ, ‘ලෝකය සදාකාලික වේ. මෙයම සත්‍යය. මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේදැයි මෙසේ විචාරණ ලද්දේ ‘වච්ඡය මම ලෝකය සදාකාලිකය, මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමියි’ කීවෙහිය. “භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ, ලෝකය ශාස්වත නොවේ. මෙයම සත්‍යය. මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේදැ?’යි මෙසේ විචාරණ ලද්දේද ‘වච්ඡය, මම, ලෝකය සදාකාලික නොවේ. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද නොවෙමියි කීයෙහිය.
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද, භවත් ගෞතම තෙමේ, ලෝකය කෙළවර ඇත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්ය’යි මෙබඳු දෘෂ්ටි ඇත්තේද?’යි මෙසේ විචාරණ ලද්දේද ‘වච්ඡය, මම ලෝකය කෙළවර ඇත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේත් නොවෙමියි’ කීයෙහිය. “භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද, භවත් ගෞතම තෙමේ ලෝකය කෙළවර නැත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්යයි, මෙබඳු දෘෂ්ටි ඇත්තේදැයි මෙසේ විචාරන ලද්දේද ‘වච්ඡය, මම ලෝකය කෙළවර නැත්තේය. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්ය’යි, මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමියි’ කීයෙහිය.
භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ එයම ජීවයවේ, එයම ශරීරයවේ, මෙයම සත්‍යයි. මෙයින් අන්‍ය මත හිස්යයි, මෙබඳු දෘෂ්ටි ඇත්තේදැ?’යි මෙසේ විචාරණ ලද්දේද, ‘වච්ඡය, මම එය ජීවය එය ශරීරය මෙයම සත්‍යය මෙයින් අන්‍ය මත සිස්යයි මම මෙබඳු දෘෂ්ටි ඇත්තේ නෙවෙමියි’ කීයෙහිය. “භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? භවත් ගෞතම තෙමේ ජීවය අනිකක, ශරීරය අනිකක, මෙයම සත්‍යය, මෙයින් අන්‍ය මත සිස්යයි, මෙබඳු දෘෂ්ටි ඇත්තේද?” මෙසේ විචාරණ ලද්දේද, “වච්ඡය, ජීවය අනිකක, ශරීරය අනිකක, මෙයම සත්‍යය, මෙයින් අන්‍යමත සිස්යයි, මම මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමියි’ කීයෙහිය.