30. 1. 3.
“පිසුණු බස් කීමෙන්ද කිපෙන ගතියෙන්ද මසුරු කමින්ද විනාශය කැමතිවීමෙන්ද යුක්තවූ පුද්ගලයන් සමග සංසර්ග නොකටයුතුය. පණ්ඩිතයා ලාමකයන් සමග නොවෙයි.
“අදහන්නාවූද සීලයෙන් යුක්තවූද ප්රඥාව ඇත්තාවුද බහුශ්රැතවූද පුද්ගලයින් හා සහාය භාවය ඇතිකර ගතයුතුය. යහපත් ගුණ ඇත්තේ සත්පුරුෂයන් සමග එක්වෙත්.
වස්ත්රාභරණාදියෙන් විසිතුරු කරනලද නවමුඛයකින් අසූචි වැගිරෙන තුන්සීයක් ඇට කෝටු ඇති නිතර ගිලන් ස්වභාවයෙන් යුක්තවූ බාල ජනයන් විසින් වරදවා කල්පනා කරන ස්ථිර භාවයක් නැති බිඳෙන ස්වභාවයෙන් යුක්තවූ මේ ශරීරය බලව.
“මාණික්යාදි ආභරණ විශේෂයන්ගෙන් විසිතුරු කරන ලද්දාවූද ඇට සහ සමෙනුත් යුක්තවූද වස්ත්රයන්ගෙන් ශොභා සම්පන්න මේ ශරීරය බලව.
“ලාකඩ වතුර රැඳවූ විලේපනවලින් ඔපකරන ලද මුඛයක් ඇති මේ ශරීරය අඥාන පුද්ගලයාගේ මුලාවට හේතු වෙයි. නිවන් සොයන්නහුට මුලාවට කාරණයක් නොවේ.
“අෂ්ටපදාකාරයෙන් කරනලද කෙස් ඇත්තාවූද, අඳුන් තැවරූ ඇස් ඇත්තාවූද මේ ශරීරය අඥානයාගේ මුලාවට හේතුයි. නිවන් සොයන්නහුගේ මුලාවට හේතුවක් නොවේ.
“අලංකාර කරනලද මේ කුණු කය මාලාකර්ම දන්තාදියෙන් විසිතුරුය. ඒ බාලයාගේ මුලාවට හේතුවක් වෙයි.
“මුව වැද්දා මළලක් අටවන ලදී. මුවා මළලට අසුනොවීය. මුව වැද්දා හඬද්දී ඇම කා යන්නෙමු.”
“මුව වැද්දාගේ මළල සිඳින ලදී. මුවා මළලට අසුනොවීය. මුව වැද්දා ශෝක කරද්දී ඇම කා යන්නෙමු.”
“බහුශ්රැතයෙක්වද විසිතුරු කථිකයෙක්වද බුදුන්ට උපස්ථාන කරන්නෙක්වද සියලු යෝගයන්ගෙන් වෙන්ව බහා තබන ලද බර ඇත්තේ සයනය කරන්නෙමි.
“නැති කරන ලද ආශ්රව ඇත්තේ රාගාදී ඇලීම් ඉක්මවන ලද්දේ ක්ලේශ පරිඩාභයන් දුරුකරන ලද්දේ සිහිල්වූයේ ජාති මරණ ඉක්මවන ලද්දේ අන්තිම ශරීරය දරමි.
“සූර්යවංශයෙහි උපන් බුදුන්ගේ යම්බඳුවූ ධර්මයක පිහිටියේද ඒ නිර්වාණ ධර්මයෙහි මම පිහිටා සිටිමි.
“දෙ අසූදාහක් අධිකකොට ඇති සූ අසූ දහසක් ධර්මයෝ බුදුන්ගෙන් මම දැනගතිමි. ඒ ධර්මයෝ මා ලග පවතින්නාහ.
“අල්පශ්රැත පුද්ගලයා ගවයෙකු මෙන් ජීවත්වෙයි. ඔහුගේ ශරීරය මස් වලින් වැඩෙයි. ප්රඥාවෙන් නොවැඩෙයි.
“යම් බහුශ්රැත පුද්ගලයෙක් අල්පශ්රැත පුද්ගලයෙකු අවමන් කොට සිතයිද හෙතෙම පහනක් දරන්නාවූ අන්ධයෙක් මෙන් වැටහෙයි.
“බහුශ්රැත පුද්ගලයෝ සෙවිය යුතුය. ශ්රැතවත්භාවය නොනැසිය යුතුය. ඒ බ්රහ්මචර්යාවට මුලවන්නේය. එහෙයින් ධර්මධරයෙක්ම විය යුතුය.
“පෙර අපර අර්ථ දන්නාවූ නිරුක්ති පදයන්හි දක්ෂවූ පුද්ගලයා ධර්මය මනාකොට ගණියි. අර්ථද විමංසනය කරයි.
“විදර්ශනාවෙහි හටගත් ඡන්දය ඇත්තේ උත්සාහයෙන් ත්රි ලක්ෂණයට ආරොපණයකොට තීරණය කරයි. එසේ බලන්නාවූ හෙතෙම සිත එකඟ කෙලෙස් දුරුකරයි.
“බහුශ්රැතවූද සප්රාඥවූද බුද්ධශ්රාවකයන් සෙවිය යුතුය. එබඳුවූ උතුමන් සෙවීමෙන් මනාකොට ධර්මය දත හැකිය.
“බහුශ්රැතවූද ධර්ම ගබඩාව ධර්ම කොෂය ආරක්ෂා කරන්නාවූද පුද්ගලයා ලොවට ඇසක් බඳුය. බහුශ්රැතයන් විසින් පුදනලද්දෙක්ද වේ.
“ධර්මය අරමුණකොට ඇත්තාවූද ධර්මයෙහි ඇලුනාවූද ධර්මයට අනුව සිතන්නාවූද ධර්මය සිහිකරන්නාවූද භික්ෂුව සද්ධර්මයෙන් නොපිරිහෙයි.
“කාය මමත්වයෙහි ඇලී කිසිවක් නොකරන තැනැත්තා පිරිහෙනුයේ උට්ඨාන වීර්යයෙන් තොරව ශරීර සැපයෙහිම ඇලී වෙසේ නම් ඔහුට ශ්රමණ සැපය කොයින්ද?
“සියලු දිශාවන් නොපෙනෙන්නාක් මෙන් ධර්මය නොපෙනේද කල්යාණ මිත්රයා ගිය කල්හි අන්ධකාරයක් මෙන් වැටහෙයි.
“කල්යාණ මිත්රයන් නැත්තාවූද බුදුන් පිරිනිවියාවූද කල්හි කායගතා සති භාවනාව හා සමවූ කල්යාණ මිත්රයෙක් නැත්තේය.