8. චුල්ලසෙට්ඨි ප්‍රෙතයාගේ කථාව
246. “ස්වාමීනි වස්ත්‍ර සහිතවූ කෘශවූ පැවිද්දෙක් වූයෙහිද කවර හේතුවකින් රාත්‍රියෙහි කොහියේද, ඒ කරුණ මට කියනුමැනව. හැකි වන්නෙමු නම් නුඹට සියලු භොගයෙන් වස්තුව සම්පාදනය කරන්නෙමි.
247. “සියලු තන්හි ප්‍රකටවූ බරණැස් නුවරක් ඇත. ඒ නගරයෙහි මම මහත් සම්පත් ඇති නිහීන සිත් ඇති දන් නොදෙන්නාවූ කාය සැපතෙහි ගිජු සිත් ඇති ගෘහපතියෙක් වීමි. දුශ්ශීල කර්මයෙන් ප්රෙතලෝකයට පැමිණියේ වෙමි.
248. “ඒ මම ඒ යථොක්ත පාපකර්ම හේතුකොට ගෙණ ඉදිකටුවලින් විදින්නාසේ සාගින්නෙන් පීඩිත වූයේ වෙමි. එහෙයින්ම කිසි ආහාරයක් ප්රාර්ථනාකොට නෑයන් සමීපයට යමි. දන් නොදෙන සුල්ලෝ පරලොවදී දානයාගේ විපාකයට යයි නොම අදහත්.
249. “මාගේ දියණිතොමෝද මවුපියන් උදෙසාද මුතුන් මී මුතුන් උදෙසාද දන් දෙන්නෙමැයි නිතර කියයි. දානවස්තු සදා බමුණන් වළඳවන්නී වෙයි. මම අන්ධකවින්ද නම් නුවරට කෑමට යමි.”
250. අජාසත් රජතෙම ඒ ප්රෙතයාට මෙසේ කීය. “ඒ දානයද අනුභවකොට වහා එන්නෙහිය. මමත් පූජාවක් කරන්නෙමි ඉදින් කිසි කරුණක් ඇත්නම් ඇදහිය යුතුවූ ඒ හේතුයුක්ත වචනය මට කියව එය මම අසමි.”
251. “එසේයයි” කියා ඒ වළඳවන තැනට ගියේය. බත බමුණෝ වැළඳුවාහුය. දක්ෂිණාර්හයෝ නොම වැළඳුවාහුය. නැවත අනික්වර රජගහනුවරට ආපසු ආයේය. රජහුගේ ඉදිරියෙහි පහළවිය.
252. රජතෙම නැවතද පැමිණියාවූ ප්‍රෙතයා දැක “මමත් කෙබඳු දානයක් දෙන්නෙම්දැයි” කීය. යම් කරුණකින් නුඹ බොහෝ කලක් මුළුල්ලෙහි සම්පතින් සෑහෙන්නේ වෙහිද ඉදින් එබඳු කිසිකාරණයක් ඇත්නම් එය මට කියව.”
253. “පින්වත් රජතුමනි බුදුන්ද සංඝයාද ආහාරයෙන් හා පානවර්ගයෙන්ද වළඳවා සිවුරෙන්ද පූජාකොට ඒ පින මා පිණිස දුන මැනව. එසේ කළකල්හි මම බොහෝ කල් මුළුල්ලෙහි සෑහීමට පත්වන්නෙමි.”
254. “ඒ වචනයෙන් රජතෙම එකෙණෙහිම නික්ම උදාරවූ දානය සියතින් සංඝයාට දී තථාගතයන් වහන්සේට ප්‍රවෘත්තිය සැළකෙළේය. ඒ ප්රෙතයාටද පින් දුනි.
255. පුදන ලද්දාවූ ඒ ප්රෙතතෙම ඉතාමත් බබළමින් රජුගේ ඉදිරියෙහි පහළවිය. “මම උතුම් ඍද්ධියට පැමිණියාවූ දෙවියෙක් වෙමි. මහා ආනුභාව සම්පත්තියෙන් සමවූ මනුෂ්‍යයෝ නොවෙත්.
256. “මගේ අප්‍රමාණවූ මේ දිව්‍යානුභාවය බලනු මැනවි. නුඹ විසින් ආර්ය සංඝයාට මහ දන් දී මට පින් පමුණුවන ලදී. මිනිස්දෙවිවූ මහරජ සැමකල්හි නිරන්තරයෙන් බොහෝ දාන වස්තුවෙන් පිනවන ලද්දාවූ මම සුවපත්වූයේවෙමි.”
චූළසෙට්ඨිපෙතවත්ථු අට්ඨමං නිට්ඨිතං.
භාණවාරං පඨමං නිට්ඨිතං.
9. අංගුත්තර ප්‍රෙතයාගේ කථාව
257. “වෙළඳාමෙන් ධනය හැර ගෙන යන්නාවූ අපි යම් කරුණක් පිණිස කාම්බෝජ රටට යමුද, මේ දෙව් පුත්තෙම කැමති සම්පත් දෙන්නේ වෙයි. මේ දිව්‍යපුත්‍රයා ගෙනයන්නෙමු.
258. “මේ දෙවියා යාඥා කිරීමෙන් හෝ මැඩ බලාත්කාරයෙන් හෝ අල්වාගෙන සැප යහනකට නංවාගෙන ද්වාරවතී නුවරට වහායමු.
259. “යම් ගසක්හුගේ සෙවනෙහි හිඳිනේ හෝ නිදන්නේ හෝ වේද, ඒ රුකගේ අත්ත නොබිඳින්නේය. යම්හෙයකින් මිත්‍රද්‍රෝහය ලාමකවේද එහෙයිනි.