භාණවාරං පඨමං නිට්ඨිතං.
9. අංගුත්තර ප්‍රෙතයාගේ කථාව
257. “වෙළඳාමෙන් ධනය හැර ගෙන යන්නාවූ අපි යම් කරුණක් පිණිස කාම්බෝජ රටට යමුද, මේ දෙව් පුත්තෙම කැමති සම්පත් දෙන්නේ වෙයි. මේ දිව්‍යපුත්‍රයා ගෙනයන්නෙමු.
258. “මේ දෙවියා යාඥා කිරීමෙන් හෝ මැඩ බලාත්කාරයෙන් හෝ අල්වාගෙන සැප යහනකට නංවාගෙන ද්වාරවතී නුවරට වහායමු.
259. “යම් ගසක්හුගේ සෙවනෙහි හිඳිනේ හෝ නිදන්නේ හෝ වේද, ඒ රුකගේ අත්ත නොබිඳින්නේය. යම්හෙයකින් මිත්‍රද්‍රෝහය ලාමකවේද එහෙයිනි.
260. “පින්වත් අංකුරය යම් ගසක්හුගේ සෙවනෙහි හිඳිනේ හෝ නිදන්නේ හෝ වේද එබඳු දැව සම්භාරයකින් ප්‍රයෝජනයක් වේනම් ඒ රුකේ කඳ පවා කපාගන්නේය අතු ආදිය ගැන කියනුම කවරේද,
261. “යම් ගසක සෙවනයට හිඳිනේ හෝ නිදන්නේ හෝ වේද, ඒ ගසේ කොළ පතක් පමණවත් නොකඩන්නේය. ශාඛාදිය කැඩීම් ගැන කියනුම කවරේද, එසේ සින්දේනම් ලාමක මිත්‍රද්‍රොහියෙක් වන්නේය.
262. “යම් ගසක සෙවන යට හිඳින්නේ හෝ නිදන්නේ හෝ වේද, එබඳු ප්‍රයෝජනයක් ඇත්තේ නම් මුලුත් සමගම රුක උදුරන්නේය.
263. “පුරුෂයෙක්තෙම යමෙකුගේ ගෙයි එක රැයක් පමණවත් වසන්නේද, යමෙකු සමීපයහි ආහාරපාන වර්ග ලබන්නේද, ඒ පුරුෂයාට සිතින්වත් නපුරක් නොසිතන්නේය. බුද්ධාදී උතුමන් විසින් කෙළෙහිගුණ සැළකීම වර්ණනා කරණලදී.
264. “යමෙක්හුගේ ගෘහයෙහි එක රැයක් පමණවත් යමෙක් වාසය කරන්නේද, ආහාරයෙන් හා පානවර්ගයෙන් උපස්ථාන කළේද, ඕහට සිතින්වත් අයහපතක් නොසිතන්නේය. අහිංසක හස්තය තෙමේ ඒ මිත්‍රද්‍රෝහි පුද්ගලයා විනාශ කරයි.
265. “යම් පුද්ගලයෙක්තෙම පෙරකාලයෙහි කරණලද උපකාර ඇත්තේ පසුකලෙක නපුරකින් පෙළාද උපකාර කිරීමට යෙදූ අත නසන පුරුෂයෙක්වේද, ඒ පුරුෂතෙම යහපත නොදකී.
267. යමෙක් ද්වේෂ රහිත වූ, පිරිසිදු වූ, කෙලෙස් රහිත පුද්ගලයෙකුට ද්වේෂ කරයි ද, සුළඟට එරෙහිව දැමූ සියුම් දූවිල්ල මෙන් ඒ පව එම බාලයා වෙතම පෙරළා පැමිණේ.
266. “මම දෙවියෙකු විසින් හෝ මනුෂ්‍යයෙකු විසින් හෝ අතිශයින් මැඩ පැවැත්විය නොහැකි වෙමි. දිව්‍ය මනුෂ්‍ය ඓශ්චර්යයකින් හෝ මැඩලිය නොහැක්කේ වෙමි. මම උත්තම ඍද්ධියට පැමිණි යක්ෂයෙක් වෙමි. සැනෙකින්ම දුරටද යන්නේ වෙමි. රූප සම්පත්තියෙන් හෝ ශරීර ශක්තියෙන් යුක්තවූයේ වෙමි.
267. “යුෂ්මත්හුගේ දකුණත හැමලෙසින් රන්වන් වෙයි. මිහිරි රස වැහෙන්නාවූ ධාරා ඇඟිලි පසක් ඇත්තේය. නන්වැදෑරුම් රසයෝ වැගිරෙත්. නුඹ ශක්‍රයායයි මම සිතමි.”