6. කෘෂ්ණ ප්‍රේත කථාව
207. “කෘෂ්ණ ගොත්‍ර ඇති වාසුදෙව රජතුමනි, නැගිටිනු මැනවි කුමක් සඳහා නිදන්නෙහිද, නුඹට නිදීමෙන් කුමන වැඩක්වේද, නුඹේ හෘදය වැනිවූ දකුණැස බඳුවූ ස්වකීය සහෝදරවූ යම් ඝත පණ්ඩිතයෙක්වීද ඔහුගේ උමතුව බලවත්වෙයි. කෙශව නම් වාසුදෙවයා සාවා, සාවා කියමින් විලාප කියයි.
208. “කෙශව නම් වාසුදෙවතෙම ඒ රොහිණෙය්‍ය නම් ඇමතියාගේ වචනය අසා සහෝදර ශෝකයෙන් පෙළෙන ලදුව වෙව්ලමින් නැගී සිටියේය.
209. “කිමෙක්ද උමතුවූවෙකු මෙන් සියලු මේ ද්වාරවතී නුවර ‘සාවා සාවා’ යයි විලාප කියයිද, කෙබඳු සාවෙකු කැමැත්තෙහිද?”
210. “රනින් කළාවූද මැණික්වලින් කළාවූද ලෝභයෙන් කළාවූද නැවත රිදීයෙන් කළාවූද සක්පබලුවෙන් කළාවූද සාවෙකු නුඹට කරවන්නෙමි.
211. “වනය ගොදුරුකොට ඇති අනිකුදු සාවෝද අරණ්‍යයෙහි ඇත්තාහ. ඔවුනුත් නුඹට ගෙනෙන්නෙමි. කෙබඳු සාවෙකු කැමැත්තෙහිද?”
212. “කෙශව නම් වාසුදෙවය, පොළොව ඇසුරුකොට ඇති යම් සාවෝ වෙත්ද, ඒ සාවුන් මම නොකැමැතිවෙමි. සඳමඬලෙන් සාවෙකු කැමැත්තෙමි. ඒ සාවා මට ගෙන දෙව.
213. “ඤාති සහෝදරය, සඳමඬලෙන් සාවා කැමැත්තෙහිය, නොපැතිය යුත්තක් පතයි. ඉතා මිහිරි ජීවිතය හරින්නෙහියයි ඒ මම සිතමි.”
214. “කෘෂ්ණ ගොත්රවත් මහරජ යම්සේ අන්හට අනුශාසනා කෙළෙහිද, මෙසේ දන්නෙහි නම් කවරහෙයකින් පෙර මළ පුතෙකු සඳහා අදත් ශොකකෙරෙහිද,
215. “උපන්නාවූ මාගේ පුත්‍රතෙම නොමැරේවා යන යමක් මිනිසෙකු විසින් හෝ අමනුෂ්‍යයෙකු විසින් හෝ නොලැබිය හැකිවේද, ඒ නොලැබිය හැකිදේ කවර හේතුවකින් ලැබිය හැකිද?”
216. “කෘෂ්ණය, පරලොවගිය යම් පුතෙකු සඳහා ශොක කරයිද. ඔහු පමුණුවාගන්ට මන්ත්‍ර ප්‍රයොගයකින් හෝ මුල් බෙහෙතකින් හෝ නානාවිධ ඖෂධ වර්ගවලින් හෝ ධනයකින් හෝ නොහැකිය.
217. “මහත්ධන ඇත්තාවූද මහත් භොග සම්පත් ඇත්තාවූද සියලු රට ඇත්තාවූද බොහෝ ධනධාන්‍ය ඇත්තාවූද යම් ක්ෂත්රිය කෙනෙක් ඇද්ද ඔහු තුමූත් ජරාමරණ රහිතයෝ නුවූහ.
218. “ක්ෂත්‍රියයෝය, බ්‍රාහ්මණයෝය, වෛශ්‍යයෝය, ශුද්‍රයෝය, සැඩොල් හා කසල සොධකයෝය. මෙකී ක්ෂත්රියාදීහුද අන්‍යයෝද ඔවුහුත් ජාතිය නිමිත්තකොට ජරාමරණ රහිතයෝ නුවූහ.
219. “යමෙක් තුමූ බ්‍රහ්මයා විසින් සිතනලද හෝ කියන ලද අංග සයෙන් යුක්තවූ වෙදය හදාරත්ද විද්‍යාඥානයෙන් යුක්තවූ මොව්හුද සෙස්සෝද යන ඔවුහුත් අජරාමර නොවූහ.