6644. ඔවුන්ගේ වැලපීම් හඬ අසා සිංහ ව්යාඝ්ර දිවි යන දරුණු වනමෘගයෝ මේ වචනය කීවාහුය.
6645. “අපගේ රජබිසව සවස පලවැල එකතුකොටගෙන නොඒවා. “අපගේ ප්රදෙශයෙ කිසි මෘගයෙක් කිසි මෘගයෙකු විසින් ඈ නොපෙළාවා
6646. “ලක්ෂණයෙන් යුක්තවූ ඈ සිංහයා හෝ ව්යාඝ්රයා කොටියා හෝ වෙහෙසට පත්කරන්නේ නම් ජාලිය කුමාරයා නොවන්නේමය. කෘෂ්ණජිනාව කොයින් වන්නේද ලක්ෂණවත් වූ ස්වාමියාද, දූ දරුවන්ද යන දෙකොටසම ජීවත් කරව්.
6647. “මාගේ කෙක්ක වැටෙයි. දකුණු ඇස සෙලවෙයි. ගෙඩි ඇති ගස් ගෙඩි නැතිවූහ. මට සියළු දිසා මුළාවෙත්.
6648. “සවස් කාලයෙහි ඇගේ ආශ්රමයට එන මාර්ගයෙහි සූර්ය්යයා බැස යන කල්හි මාර්ගයෙහි මෘගයෝ ඉදිරිපත්වූහ.
6649. “සූර්ය්යතෙම පහත්ව එල්ලෙයි. ආශ්රමයද ඈතය. ඔවුන්ට යමක් මෙයින් ගෙනයන්නේද ඒ භොජනය ඔවුහු අනුභව කරන්නාහුය.
6650. “ඒ ක්ෂත්රියතෙම ඒකාන්තයෙන් මා නොඑන බව දැක බඩසාය ඇති දරුවන් සතුටු කරවමින් තනිව පන්සලෙහි සිටියි.
6651. “ඒකාන්තයෙන් දුක්වූ අසරණවූ මගේ දරුවෝ සවස කවන පොවන වේලාවෙහි කිරි බීවාක් මෙන් සිටිත්.
6652. “ඒකාන්තයෙන් දුක්වූ අසරණවූ මගේ දරුවෝ සවස කවන පොවන වේලාවෙහි වතුර බීවාක් මෙන් සිටිත්.
6653. “ඒකාන්තයෙන් දුක්වූ අසරණවූ මගේ දරුවෝ පොඩි වසුපැටව් මව වෙත මෙන් පෙරගමන් කොට මා වෙත සිටිත්.
6654. “ඒකාන්තයෙන් දුක්වූ අසරණවූ මගේ දරුවෝ මඩ මතුයෙහි හංසයන් මෙන් මා පෙරගමන් කොට සිටිත්.
6655. “ඒකාන්තයෙන් දුක්වූ අසරණවූ මගේ දරුවෝ ආශ්රමයට ආසන්නයෙහි පෙරගමන් කොට මා වෙත සිටිත්.
6656. “විල්ද දියවලවල්ද පෙනෙන්නාවූ එකම මාර්ගයයි. ආශ්රමයට යාමට අනික් මාර්ගයක් නොදක්නෙමි.
6657. “වනයෙහි මහත් බලයෙන් යුත් මෘගරජුන්හට නමස්කාර වේවා. ධර්මයෙන් සහෝදරයන් වේවා. ඉල්වන්නාවූ මට මාර්ගය දෙව.
6658. “මම ශ්රී ඇත්තාවූ රටින් පිටකළ රජුගේ භාර්ය්යාව වෙමි. ස්වාමිභක්තියෙන් යුත් සීතාව රාම මෙන් මම ඔහුද අත් නොහරින්නෙමි.
6659. “තොපද සවස් වේලාවෙහි කෑම කෑමට පුත්රයන් බලව්. මමද ජාලිය කෘෂ්ණජිනා යන පුත්රයන් දෙදෙන බලන්නෙමි.