මහා බ්රාහ්මණය, යම්තැනෙක්හි දරුවන් සහ වෙස්සන්තර රජතෙම වසාද අර පෙනෙන්නේ ගන්ධ මාදන නම් ගල් පර්වතයයි
කෙක්කද, ගිනි පුදන හැන්දද, ජටාවද දරමින් සම් අඳිමින් බිම හොවියි. ගින්න නමස්කාර කරයි.
මේ නිල්වූ නොයෙක් ගෙඩි දරණ වෘක්ෂයෝ දක්නා ලැබෙත්. අඳුන් පර්වතයන් හා නිල්වලාකුළු මෙන් උඩට නැංගාහ.
එකවරක් පමණ බිව් මත්පැන් පානය කරන්නන් මෙන් ධවය අශ්වකර්ණය කිහිරිය යන ගස්ද, සල් ගස්ද, කොලොම්ගස්ද මාලුවා වැල්ද වාතයෙන් වෙවුලත්.
වෘක්ෂ ශාඛාවන් මත්තෙහි සංගීතයක්ම ඇසෙනු ලැබේ. නෘත්යයට ප්රිය කොවුල් සමූහය වෘක්ෂයෙන් වෘක්ෂය පනිත්.
සෙලවෙන අතු කොළ යන්නහු කැඳවන්නාක් මෙන් පැමිණීමට කැමති කරවන්නා මෙනි. යම්තැනෙක්හි වෙස්සන්තර රජතෙම පුත්රයන් සමග සිටීද එහි සිටින්නහු ප්රිය කරවයි.
කෙක්කද, ගිනි පුදන හැන්දද, ජටාවද දරමින් සම් අඳිමින් බිම හොවියි. ගින්න නමස්කාර කරයි.
අඹද දිවුල්ද, කොස්ද, සල්ද, දඹද, බුළුද, අරළුද, නෙල්ලිද, බෝගස්ද, මසන්ද,
යහපත් තිඹිරිගස්ද, නුගද, දිවුල් ද මෙහි ඇත්තාහ. මීමැස්සෝ මීපැණි වගුරුවත්. බාගෙට පැසුණු දිවුල්ද ඇත්තාහ.
පරෙවියෝද වන්නාහ. මිදිද ඇත්තාහ. මී කැමැත්තෝ පිරිසිදුවී තෙමේම ගෙන බොත්.
තවත් තැනක පිපුණු අඹය, තවත් ගෙඩි හටගන්නා අඹය. තවත් අමුවූද පැසුණාවූ ද මැඩි පිට පාට ඇති අඹවෙත්.
නැවත මේ තන්හි යට සිටි පුරුෂයා වර්ණයෙන් හා සුවඳින් උතුම් අඹගෙඩි ගනියි.
මට ඉතා පුදුමයි. මට නුදුන් වනය ඉඟිකිරීමක් මෙන් වැටහෙයි. දෙවියන්ගේ වාසස්ථානයක් මෙන් හොබියි.
මහ වනයෙහි තල්ගස්ද පොල්ගස්ද ඉඳිගස්ද මල් මාලාවක් මෙන් වෙලී සිටිත්. කොඩි මුදුන් මෙන් පෙනෙත්. නොයෙක් පාට ඇති මල්වලින් තරුවලින් සරසන ලද අහස මෙනි.
පිපුණාවූ කෙලිඳ ගස්ද කොට්ටම් ගස්ද තුවරලාද පලොල්ද පිපුනාවූ දොඹගස්ද මහදොඹ ගස්ද කොබෝලීලද කඳු කොබෝලීලද,