1869. “ඉදින් යම් මනුෂ්‍ය කෙනෙක් ඉදිරියට එන්නේද ඔවුන්ගෙන් මාර්ගය විචාරන්නෙමි. වංක පර්වතය කොහිද”
1870. “ඔව්හු එහිදී අප දැක කරුණාව ඉපදවූවාහුය. වංක වනය ඈතයයි දුකසේ ඔව්හු දන්වත්.
1871. ඉදින් දරුවෝ වනයෙහි පලගත් ගස් දක්නෙහිද දරුවෝ ඒ ගෙඩි ඉල්ලා අඬත්.
1872. අඬන දරුවන් දැක කණගාටුවට පත්වූ මහත් ගස් තෙමේම නැමී දරුවන් සමීපයට එත්.
1873. සියලු අවයවයෙන් යහපත්වූ මද්රිදෙවිය ලොම් කෙළින් සිටුවන්නාවූ පෙර නොවූ මේ පුදුමය දැක සාධුකාර දුන්නීය.
1874. ලෝකයෙහි ඒකාන්තයෙන් පෙර නොවූවිරූ ලොම් දැහැගන්වන්නාවූ පුදුමයකි වෙස්සන්තරගේ ආනුභාවයෙන් ගස් තුමූම නැමුනාහ.
1875. දෙවතාවෝ දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් මාර්ගය කොට කළාහ. පිටත්වූ දවසේම චෙත රටට පැමිණියාහුය.
1876. ඔව්හු දීර්ඝ මාර්ගය ගෙවා චෙත රටට පැමිණියාහුය. එය බොහෝ මාංශ සහිත ආහාර හා සුරා ඇති දියුණු පිරුණු ජනපදයකි.
1877. ලක්ෂණ ඇති මද්‍රි දේවිය දැක චෙතිය රට වැස්සෝ රැස්වූවාහුය. ඒකාන්තයෙන් සිවුමැළි මේ ආර්‍ය්‍යාව පයින් දුව ඇවිදින්නීය.
1878. ක්ෂත්රියයෝ රන්සිවිගෙයින් එසවීමෙන් ඇවිද්ද මද්‍රි දේවී අද කැලේ පයින් ඇවිදිත්.
1879. ඒ දැක චෙතරටේ රජවරු අඬමින් ලඟට පැමිණියාහුය. “දෙවයන් වහන්ස, සැප සනීප කෙසේද, නිදුක් බව කෙසේද, කිමෙක්ද ඔබගේ පියා නිරෝගද, සිවිරටවාසීන්ගේ තොරතුරු හෝ කෙසේද,
1880. “මහරජ ඔබගේ භව සමූහය කොහිද, ඔබගේ අලංකාර රථය කොහිද? අශ්වයන් නැතිව, වාහනයක් නැතිව බොහෝ දුරක් ආවෙහිය. කිනම් සතුරෙකු විසින් මඩනා ලද්දේ මේ පැත්තට ආවෙහිද?”
1881. “යහළුවෙනි, මට සැපය, එසේම නුඹලාත් සුවපත් වෙත්වා. තවද මගේ පියතෙම නිරෝගිය. සිවිරට වැස්සෝද නිදුකින්ය.
1882. “මම නගුල් සේ උඩට නැගුණ දළ ඇති සම්පූර්ණයෙන් සුදු ශ්‍රේෂ්ඨ ඇතෙකුවූ සියලු යුද්ධයන්හි ජය බිම් දන්නාවූ ඇතා දන් දුනිමි.
1883. “රන් පලසකින් වැසුණු ඔද වැගිරෙන සතුරන් මඩින දළ ඇති සුදුවූ කෛලාස පර්වතය වැනි වල්විදුනා සහිත
1884. “සේසත් සහිත, උපකරණ සහිත, වන වෙදුන් සහිත, රජුන් උසුලන අග්‍රයානය මම බමුණන්ට දුන්නෙමි.
1885. “එහිදී මට සිවිහු කිපුනාහ. පියාගේද සිත වෙනස් විය. රජ මට දඬුවම් කරයි වංක පර්වතයට යන්නෙමි. වනයෙහි යම්තැනක වසම්ද එහි අවකාශ ස්ථානයක් දනිව්.”
1886. “රජතුමනි, ඔබගේ යහපත් පැමිණීමක් වේවා. නමුත් ඔබ පැමිණි නුදුරු කල් ඇත්තේ වේවා. ක්‍රමයෙන් පැමිණි අධිපතියෙකි. යමක් මෙහි ඇත්නම් කියව.
1887. “රජතුමනි, පලාකොළද, නෙළුම් අලද, මීපැණිද මස්ද, පිරිසිදු ඇල්සාලේ බත්ද අනුභව කරව. ඔබ අපට ආගන්තුකයෙකි.”