6767. “ගින්නෙන් තවන ලද රත්රන් මෙන්ද කෝවෙහි මදිනලද රන් මසුරමක් මෙන්ද, බබළන මේ මුහුණ කාගේද,
6768. “දෙදෙනම සමාන අවයව ඇත්තාහ. දෙදෙන සමාන ලකුණු ඇත්තාහ. එකෙක් ජාලිය බඳුය. එකෙක් කෘෂ්ණජිනාව මෙනි.
6769. “දෙදෙනම දැන් ගුහාවෙන් නික්මුණු සිංහයන් හා එකසමානය. මේ දරුවෝ රන් මෙන්ම පෙනෙත්.
6770. “බමුණ මේ දරුවෝ කොයින් ගෙනෙහිද? අද රටට පැමිණි ඔබ කොහි සිට එන්නෙහිද, බ්‍රාහ්මණය?
6771. “සඤ්ජය, දේවයන්වහන්ස, මට ඒ දරුවෝ වස්තු කොට දෙන ලද්දාහ. යම් දවසක මට දරුවන් දෙනලද්දාහුද අදට මේ පසළොස්වන රාත්‍රියයි.”
6772. “කිනම් ප්‍රිය වචනයකින් හරී නුවණින් අදහම්ද, කවරෙක් ඒ දරුවන් උතුම් දීමක්කොට තට දන්දුන්නේද?”
6773. “උපන් අයට පොළොව මෙන් යමෙක් යාචකයන්ට පිහිටක්වේද, වනයෙහි වසන්නාවූ ඒ වෙස්සන්තර රජතෙම දරුවන් දුන්නේය.”
6774. “නදීන්ට සාගරය මෙන් යමෙක් යාචකයන්ට පිහිටවීද, වනයේ වසන ඒ වෙස්සන්තර රජතෙම දරුවන් දුන්නේය”
6775. “ශ්‍රද්ධාවෙන් ගිහිගෙයි වසන්නාවූ රජු විසින් ඒකාන්තයෙන් අමාරු වැඩක් කරණ ලදී. කැලේට පිටුවහල් කරණ ලද්දේ කෙසේ නම් දරුවන් දන්දෙන්නේද?
6776. “යම්තාක් මෙහි රැස්වූ පින්වත්හු වෙත්ද මෙය අසත්වා. වනයෙහි වසන්නාවූ වෙස්සන්තර රජතෙම කෙසේ දරුවන් දන්දුනිද,
6777. “හෙතෙම දාසයෙක්ද, දාසියන්ද, අශ්වයන්ද, අශ්වතරීන් යෙදූ රියද දේවා, කුඤ්ජරයයි කියන ලද ඇතුන්ද දේවා, හෙතෙම කෙසේ නම් දරුවන් දෙන්නේද?
6778. “යමෙකුගේ ගෘහයෙහි දාසයෙක් නැද්ද, අශ්වයෙක් හෝ අශ්වතරයන් යෙදූ කරත්ත නැද්ද, කුඤ්ජර නාග සංඛ්‍යාත ඇතෙක් නැද්ද, මුත්තණුවෙනි, හෙතෙම කුමක් දන් දෙන්නේද?”
6779. “දරුවෙනි, ඔහුගේ දානයට ප්‍රශංසාකරමු. නින්දා නොකරමු. තොප හිඟන්නෙකුට දී කෙසේ පපුවක් වූයේද?