2368. ඔවුන්ගේ ශබ්දය අසා වෙස්සන්තර රජතෙම බිය වූයේය. කන්දට නැගී, බියවූයේ සේනාව බලයි.
2369. “මද්‍රී දේවිය, ඇහුම්කන් දෙව. වනයෙහි යම්බඳු ශබ්දයක්වේ. ආජානෙය අශ්වයෝ නාද කරත්. කොඩි මුදුන්ද පෙනේ.
2370. “මේ ඒකාන්තයෙන් වනයෙහි මුව වැද්දෝ දැල් වලින් වටකර එකෙනෙහිම වලක දමා මුවන්ට මුවන් මරණ ආයුධ වලින් වරින්වර අනිත්.
2371. “නිරපරාධවූ අපි වනයට පිටුවහල් කරණලද්දාහු විරුද්ධ කරුවන්ගේ අතට පැමිණියෙමු. අවාසනාවන්ත මරණයක හැටි බලන්න.
2372. “තණ සුලකින් මහා සමුද්‍රයෙහි ජලය හුනු කරන්නට නොහැක්කාසේ අමිත්‍රයෝ අප මැඩ නොපවත්නහුය. එය සලකව. මින් අපට යහපතක් වන්නේය.”
2373. ඉක්බිති වෙස්සන්තර රජතෙම පර්වතයෙන් බැස සිත සනසාගෙන පන්සල් දොරකඩ සිටියේය.
2374. රිය නවත්වා සේනාව විධානකොට තනිව පියතෙමේ වනයෙහි වසන පුතා වෙත පැමිණියේය.
2375. ඇත් කඳින් බැස එකාංශ කොට පෙරවූ, ඇඳිලි බැඳගත් අමාත්‍යයන් විසින් පිරිවරණ ලද්දේ පුතා ඔටුණු පැළඳවීමට පැමිණියේය.
2376. හෙතෙම යහපත් එකඟ කළ සන්සුන් සිත් ඇතිව සිතමින් කිසි බියක් නැතිව හුන් කුමාරයා දුටුයේය.
2377. එන්නාවූ පුතා කෙරෙහි ගිජුවූ පියා දැක වෙස්සන්තර රජුද මද්‍රී දේවිද පෙර ගමන්කොට වැන්දාහ.
2378. මද්‍රී දේවියද හිසින් මාමාගේ පා වැන්දාය. මද්‍රි තොමෝ “දේවයන් වහන්ස, මම ඔබගේ ශ්‍රේෂ්ඨ පා දෙක වඳිමි” ඔවුන් අඬද්දී ආශ්‍රමයේ බිම වැටී පපුවට හාන්සි කරවා අතින් පිට අතගායි.
2379. “දරුව නුඹලාට සැප කෙසේද? දරුව, හිරිහැර නැද්ද, කිමෙක්ද, පලවැල නෙලීමෙන් යැපෙව්ද, කිමෙක්ද මුල් ගෙඩි බොහෝද,
2380. “කිමෙක්ද, ඩැහැලේ බොන මැස්සෝද දීර්ඝ ජාතීහුද නැද්ද, වල් මෘගයන්ගෙන් ගැවසුන වනයෙහි හිංසාවක් නැද්ද?”
2381. “දේවයන් වහන්ස, අපගේ ජීවිකාව යම්තම් ගත විය. පලවැලින් ජීවත්වීම නම් දුක්ඛ ජීවිතයකි.”
2382. “මහරජ, දමනය කළයුතු නොදියුණු දමනය කරන්නෙකු වැනි අදහස් සමෘද්ධ නොවූ දිළිඳු පුරුෂයෙක් තෙම නොදියුණු අප පාලනය කරයි.
2383. “එතකුදුවුවත් වනයෙහි සදාකාලික දුකට පත්වූ පිටුවහල් කළ අපගේ පියා හා මව නොදැක්මෙන් ශරීරයේ මස් ක්ෂයවිය.
2384. “දීමෙන් නොසෑහුනු සිත් ඇති සිවිරටට ශ්‍රේෂ්ඨවූ යම්බඳුවූ තොප බමුණාගේ වසඟයට යාමෙන් එවැනි යමෙක් ගවයන්ට මෙන් තලද්ද, එවැනි ඉක්මන්කාර වැද්දෙකුට අප දෙදෙන දුන්නේය.
2385. “රාජපුත්‍රිය විසින් තොපගේ පුත්‍රයන් ගැන ඉදින් දන්නී නම්, සර්පයකු විසින් දෂ්ට කරණලද කුමාරයකු සුව කරන්නාක් මෙන් අපට කියන්නීය.
2386. “බ්‍රාහ්මණයාට වස්තු දී ජාලිය කෘෂ්ණජිනා යන දරුවන් දෙදෙනා මිල දී ගෙන, දරුවෙනි, බිය නොවෙවයි” සතුටු වූයේය.