525. සුපට දායක ථේරාපදානය
31. “විපස්සී බුදුරජතෙම දිවා විහරණයෙන් නික්මුණහ. මම (උන්වහන්සේ දැක) සැහැල්ලුවූ මනා වස්ත්‍රයක් දී කල්පයක් ස්වර්‍ගයෙහි සතුටුවීමි.
32. “මින් එක් අනූවන කපෙහි මනාවූ වස්ත්‍රයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මනාවූ වස්ත්‍ර දානයාගේ මේ විපාකයයි.
33. “මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
34. “ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමෝක්ෂයෝද, ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුපට දායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සුපටදායකත්ථෙරස්සාපදානං පඤ්චමං.
526. දණ්ඩදායක ථේරාපදානය
36. “මම එකල්හි මහ වනයට පිවිස, හුණ (දණ්ඩක්) කපා, එල්බෙන ලීයක් (සැරයටියක්) කොට සංඝයාට දුනිමි.
37. “එම චිත්ත ප්‍රසාදය කරණකොටගෙන, මනා ව්‍රත ඇති සංඝයාට වැඳ ආලම්බන දණ්ඩ (සැරයටිය) දී උත්තර දිශාභිමුඛව ගියෙමි.
38. “මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් ආලම්බන දණ්ඩයක් (සැරයටියක්) දුනිම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සැරයටි දීමෙහි මේ විපාකයයි.
39. “මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
40. “ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමෝක්ෂයෝද, ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් දණ්ඩදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
දණ්ඩදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.
527. ගිරිනෙලපූජක ථේරාපදානය
42. “මම පෙර වනයෙහි හැසිරෙන්නාවූ වැද්දෙක්වීමි. (එකල්හි) සියළු දහම්හි කෙළ පැමිණි (කෙළෙස්) රජස් විරහිත බුදුරජුන් දුටිමි.
43. සව්සතුන් කෙරෙහි යහපත කිරීමෙහි ඇළුණු, මහා කාරුණීකවූ උන්වහන්සේ කෙරෙහි පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ ගිරිනිල් මල් පිදීමි.
44. “මින් එක් තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.