520. පදුම ධාරක ථේරාපදානය
5532. “හිමවතට නුදුරෙහි රොමස නම් පර්‍වතයක් විය. එකල්හි “සම්භව” නම් බුදුරජතෙමේද එලිමහනෙහි වැඩ විසූහ.
5533. “මම භවනයෙන් නික්ම (අවුත්) උන්වහන්සේට පියුමක් (නෙළුම් මලක්) දරා සිටියෙමි. එක් දිනක් (එසේ) දරා සිට නැවත භවනයට ආමි.
5534. “මින් තිස් එක්වන කපෙහි යම් බුද්‍ධ පූජාවක් කෙළම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
5535. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ, ආස්‍රව රහිතව වාසය කරමි.
5536. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාව මා විසින් ලබන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
5537. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුම ධාරක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පදුමධාරිකත්ථෙරස්සාපදානං දසමං.
ඵලදායකවග්ගො ද්වෙපඤ්ඤාසමො.
උද්දානය:
කුරඤ්ජිය ද, කපිත්ථ ද, කොසුම්භ ද, කේතක ද, නාගපුප්ඵ ද, අජ්ජුන ද, කුටජී ද, ඝෝසසඤ්ඤක ද, සබ්බඵලද තෙරුන් ද, එසේම පදුමධාරක ද යන මෙහි ගාථා අසූවක් ද, ඊට වැඩියෙන් ගාථා තුනක් ද වේ.