220. පාපනිවාරිය තෙරුන්ගේ අපදානය
2369. මම පියදස්සී භාග්යවතුන් වහන්සේගේ සක්මන් මළුව සුද්ධ කළෙමි. බට දඬු වලින් වටකොට සුළඟින් හා අව්වෙන් ආරක්ෂා කළෙමි.
2370. පාපය දුරු කිරීම පිණිසත්, කුසල් උපදවා ගැනීම පිණිසත්, ක්ලේශයන් ප්රහාණය කිරීම පිණිසත් බුදු සසුනෙහි වීර්යය කළෙමි.
2371. මෙයින් එකොළොස් වන කපෙහි ‘අග්ගිදේව’ නමින් ප්රසිද්ධ වූ සප්ත රත්නයෙන් යුත් මහත් බල ඇති සක්විති රජෙක් විය.
2372. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් පාපනිවාරිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පාපනිවාරිය තෙරුන්ගේ අපදානය දසවැනියි.
උද්දානය
හත්ථිදායක ද, පානධිදායක ද, සච්චසඤ්ඤක ද, එකසඤ්ඤක ද, රංසිසඤ්ඤක ද, සණ්ඨිත ද, තාලවණ්ටදායක ද, අක්කන්තසඤ්ඤක ද, සප්පිදායක ද, පාපනිවාරිය ද යන මෙහි ගාථා පනස් හතරකි.
විසි දෙවන හත්ථි වර්ගයයි.
23. ආලම්බනදායක වග්ග
221. ආලම්බනදායක ථේරාපදානය.
2373. අටලෝ දහම්හි කම්පා නොවන බැවින් තාදී ගුණ ඇති, ලෝකජ්යෙෂ්ඨවූ, විපදෝත්තමවූ අත්ථදස්සී බුදුරජුන්හට මා විසින් එල්බෙන පුවරුවක් දෙන ලදී.
2374. මහත්වූ සයුර කෙළෙවරකොට ඇති පෘථිවිය රජ කරමි. (පෘථිවියෙහිවූ) ධනයටද, ප්රාණීන්ටද ආධිපත්යය පවත්වමි.
2375. මාගේ කෙළෙස් දවන ලදී. සියළු භවයෝ නසන ලදහ. පැමිණෙන ලද ත්රිවිද්යාවෝ ඇත්තාහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
2376. මින් දෙසැටවන කපෙහි මහත් බල ඇති “එකාපස්සිත” නම් ඒ තුන් සක්විති රජෙක් වූහ.
2377. සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආලම්බනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ආලම්බණදායකත්ථෙරස්සාපදානං පඨමං.
222. අජිනදායක ථේරාපදානය.
2378. මින් තිස්එක්වන කපෙහි මම ශාස්තෲන් ගරු කළ පිරිසෙහි කෙනෙක් වීමි. කෙළෙස් රජස් විරහිත, ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ සිඛී බුදුරජුන් දිටිමි.
2379. ලෝක බන්ධුවූ සිඛී බුදුරජුන්හට මා විසින් සම් කඩක් දෙන ලදී. විපදෝත්තමයන් වහන්ස, ලෝක ජ්යෙෂ්ඨයන් වහන්ස, නරශ්රේෂ්ඨයන් වහන්ස, එම කර්මය කරණ කොට ගෙන,
2380. මම සම්පත් අනුභවකොට කෙලෙස්ද දැවීමි. සම්බුදු සසුනෙහි (මේ) අන්තිම ශරීරයද දරමි.
2381. මම මින් එක්තිස්වන කපෙහි යම් අඳුන් දිවි සමක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. අඳුන් දිවි සම් දනෙහි මේ විපාකයයි.
2382. මින් පස්වන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති සුදායක නම් වූ සක්විති රජෙක් වීමි
2383. සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අජිනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අජිනදායකත්ථෙරස්සාපදානං දුතියං.