153. විථිසම්මජ්ජක ථේරාපදානය
“උදාවන්නාවූ සූර්ය්යයා මෙන්ද, (උදාවූ) අතිශයින් දීප්ති රැස් ඇති හිරු මෙන්ද, පුණු රැස් සඳ මෙන්ද, නික්මෙන්නාවූ බුදුරජුන් දිටිමි.
“අට සැට දහසක්වු සියල්ලෝ ක්ෂීණාශ්රවයෝ වූහ. (ඔවුහු) විපදෝත්තමවූ, නරශ්රේෂ්ඨවූ බුදුරජුන් පිරිවැරූහ.
“බුදුරජුන් නික්මෙන කල්හි (මම) එම වීථිය හැමද එහි පිරිසිදු ධජයක් එසවීමි.
“මින් එක් අනූවන කපෙහි යම් ධජයක් පිදූයෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ධජ දානයාගේ මේ විපාකයයි.
“මින් සිව්වන කපෙහි සර්වාකාරයෙන් සම්පූර්ණවූ සුධජයයි ප්රසිද්ධ රජෙක් වීමි.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් විථිසම්මජ්ජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
වීථිසම්මජ්ජකත්ථෙරස්ස අපදානං තතියං.
154. කක්කාරු පූජක ථේරාපදානය
“දිව්යපුත්රයෙකුවූ මම සිඛී බුදුරජුන් පිදීමි. කැකිරි මලක්ද ගෙන (එම) බුදුරජුන්හට පිදීමි.
“මින් එක්තිස්වන කපෙහි යම් මලක් පිදුයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
“මින් නවවන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති සත්තුත්තම නම් සක්විති රජෙක් වීමි.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කක්කාරු පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කක්කාරුපූජකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
155. මන්දාරව පූජක ථේරාපදානය
“දිව්යපුත්රයෙකුවූ මම සිඛී බුදුරජුන් පිදීමි. මදාරා මලක්ද ගෙන (එම) බුදුරජුන්හට පිදීමි.
“සත් දිනක් මුළුල්ලෙහිම තථාගතයන් කෙරෙහි (එය) දිව්යමය වියනක් විය. සියලු ජනයෝ එක්ව තථාගතයන් වහන්සේට නමස්කාර කළාහුය.
“මින් එක්තිස්වන කපෙහි යම් මල් පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
“මින් දසවෙනි කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති ජුතින්ධර නම් සක්විති රජෙක් වීමි.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මන්දාරව පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මන්දාරවපූජකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
156. කදම්බ පුප්ඵිය ථේරාපදානය
“හිමවතට නුදුරෙහි කුක්කුට නම් පර්වතයක් විය. එම පර්වත පාදයෙහි (පසේ) බුදුවරු සත්නමක් වෙසෙත්.
“උඩට නැංගාවූ සඳු වැනිව (බබළන) පිපුනු කොළොම් ගසක් දැක (මල්) දොහොතින් ගෙන සත් පසේබුදුවරයන් කෙරෙහි පිදීමි.
“මින් අනූහතරවන කපෙහි යම් මල් පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
“මින් දෙඅනූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පුප්ඵ නම්වු සත් සක්විති රජ කෙනෙක් වූහ.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කදම්බ පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කදම්බපුප්ඵියත්ථෙරස්ස අපදානං ඡට්ඨං.