117. බුද්ධසඤ්ඤක ථේරාපදානය
1733. “යම් කලෙක් විපස්සී බුදුරජතෙම ආයු සංස්කාරය අත් හළේද (එකල්හි) සයුරු මෙවුල්කොට ඇති (සයුරෙන් වටවූ) පෘථිවිය කම්පාවිය.
1734. “දිගු විසල් විසිතුරු මලින් සැරසූ මාගේ භවනයද, තථාගතයන් වහන්සේගේ ආයු සංස්කාරය හරනා කල්හි කම්පනය විය.
1735. “මාගේ භවනය කම්පාවන කල්හි තැතිගැනීමද ඇතිවිය. (කෙසේද යත්?) භූත විකෘතියක්දෝ, විශාල ආලෝකයක් කුමක් නිසා ඇතිවීදෝ කියායි.
1736. වෛශ්‍රවණ තෙමේ මෙහි පැමිණ මහජනයා සන්සිඳවීය: “ප්‍රාණීන්ට බියක් නැත. එකඟ සිත් ඇත්තෝ, සංවර වූවෝ වව්.
1737. “යම් බුදු කෙණෙක් උපදනා කල්හි මහා පෘථිවිය කම්පාවීද, ඒ බුදුරජතෙම ආශ්චර්‍ය්‍යයකි. ධර්මයෝද ආශ්චර්‍ය්‍යයහ. අපගේ ශාස්තෘ සම්පත්තියද ආශ්චර්‍ය්‍යයකි කියායි.
1738. “මම බුදුගුණ පවසා කපක් ස්වර්ගයෙහි සතුටුවීමි. සෙසු කල්පයන්හි මා විසින් කුසල් කරණ ලදී.
1739. “මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් සම්බුද්ධ සංඥාවක් ලැබූයෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ සංඥාවෙහි මේ විපාකයයි.
1740. “මින් තුදුස්වන කපෙහි මහත් බල ඇති නම්න් සමිත නම්වූ ප්රතාපවත් රජෙක් වීමි.
1741. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙසේ ආයුෂ්මත් බුද්ධසඤ්ඤක තෙරුන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
බුද්ධසඤ්ඤකත්ථෙරස්සාපදානං සත්තමං.
118. මග්ග සඤ්ඤක ථේරාපදානය
1742. “පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ වචනයෙහි හැසිරෙන ශ්‍රාවකයෝ මහවනයෙහි මංමුළාවූවාහු අන්ධවූවෝ මෙන් ඒ මේ අත හැසිරෙත්.
1743. “පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ඒ මහ වෙනෙහිවූ මංමුළාවූ ශ්රාවකයන්ද සිහිකොට (සංවේගයට පත්වීමි.)
1744. “භවනයෙන් බැස එම භික්ෂූන් වෙතට පැමිණයෙමි. මම උන්වහන්සේලාට මාර්ගයද කීමි. බොජුන්ද දුනිමි.
1745. “විපදෝත්තමයන් වහන්ස, ලෝක ජ්‍යෙෂ්ඨයන් වහන්ස, නරශ්‍රේෂ්ඨයන් වහන්ස, එම පුණ්‍ය කර්මය කරණ කොට ගෙණ උත්පත්තියෙන් සත් හැවිරිදිවූ මම රහත් බවටද පැමිණියෙමි.
1746. “මින් පන්සියවන කපෙහි සත්රුවනින් යුත් නම්න් සචක්ඛු නම්වූ දොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
1747. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙසේ ආයුෂ්මත් මග්ගසඤ්ඤක තෙරුන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
මග්ගසඤ්ඤකත්ථෙරස්සාපදානං අට්ඨමං.
119. පච්චුපඨාන සඤ්ඤක ථේරාපදානය
1748. “අත්ථදස්සී බුදුරජුන් පිරිනිවීමට අනතුරුව යසසට පත් මම යක්ෂ යෝනියෙහි ඉපදුනිමි. එකල්හි (මම මෙසේ සිතීමි.)
1749. “මාගේ සම්පත් පවත්නා කල්හි යම් හෙයකින් බුදුරජාණන් වහන්සේ පිරිනිවි සේක්ද, එය මට අයහපත් ලැබුමක් විය, අයහපත් උදෑසනක් විය, අයහපත් හිරු උදාවක් විය, කියායි.