113. සරණගමනීය ථේරාපදානය
1696. “දිව්‍යරාජයන් දෙදෙනෙකුන්ගේ සංඝ්‍රාමයක් එළඹ සිටියේය. (පෙරමුණට පැමිණ) රැස්ව සිටියේ විය. මහත් ඝෝෂාවද පැවැත්තේය.
1697. “ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, නොහොත් පූජාවනට ගෙයක් බඳුවූ, ලෝකය දත්, ශාස්තෘවූ පදුමුත්තර බුදුරජ තෙම අහසෙහි වැඩ සිටියේ මහජනයා සංවේගයට පත්කෙළෝය.
1698. “එකෙණෙහි සියලු දෙවිවරු සතුටුවූවාහු, බැහැර කරණ ලද යුද ඇඳුම් හා ආයුධ ඇත්තාහු, බුදුරජාණන් වහන්සේට වැඳ එකඟව සිටියාහුය.
1699. “බුදුරජාණන් වහන්සේ අපගේ අදහස් දැන ශ්‍රේෂ්ඨ වචන ප්‍රකාශ කළ සේක. (හටගත්) අනුකම්පා ඇත්තේ මහජනයා (දුක් ගිනි හැර) නිවූ සේක.
1700. “එක ප්‍රාණියෙන් නසන්නාවූ, ප්‍රදූෂ්‍ය සිත් ඇති මනුෂ්‍ය තෙමේ එම ප්‍රදූෂ්‍ය චිත්තය කරණකොටගෙන අපායෙහි උපදී.
1701. “බොහෝ ප්‍රණීන් නසන්නාවූ, යුද පෙරමුණෙහි ඇතෙකු මෙන්, සිය සිත නිවව්. නැවත නැවත නොනසව්” යී (කියායි.)
1702. “යක් රජුන් දෙදෙනාගේම සේනාවෝ විෂ්මයට පත්වූහ. තාදී ගුණ ඇති ලෝකනායකයන් වහන්සේ සරණකොට ගියහ.
1703. “පසැස් අති බුදුරජ තෙම ජන සමූහයාට කරුණු අවබෝධ කරවා (පවින්) ගොඩගත් සේක. දෙවියන් විසින් බලනු ලබන්නේව උතුරු දිගට මුහුණලා වැඩිසේක.
1704. “පළමුකොට දීපදෝත්තමවූ, තාදී ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ සරණ ගියෙමි. (ඒ හේතුවෙන්) මම කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියෙහි නූපනිමි.
1705. “තිස් දහස් වන කපෙහි රාජ්‍යධුර වහනයෙහි ශ්‍රේෂ්ඨවූ මහා ආනභි නම් සොලොස් සක්විති රජකෙණෙක් වූහ.
1706. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
ඉත්ථං සුදං ආයස්මා සරණගමනීයො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
සරණගමනියත්ථෙරස්සාපදානං තතියං.
114. එකාසනිය ථේරාපදානය
1707. “එකල්හි නම්න් වරුණ නම්වූ දිව්‍යරාජයෙක්ව මම සමර්ත්‍ථවූ බල වාහන සහිතව බුදුරජුන්හට උවැටැන් කෙළෙමි.
1708. “අත්‍ථදස්සී නරශ්‍රේෂ්ඨයන් වහන්සේ පිරිනිවි කල්හි සියලු තූර්‍ය්‍යයන් ගෙන උතුම් බෝ රුක වෙත ඩළඹියෙමි.
1709. වාදිතයෙන්ද, නෘත්‍යයෙන්ද, කුළුතාලම් ආදියෙන්ද යුක්තවූයේ බුදුරජාණන් වහන්සේ ඉදිරියට මෙන් උතුම් බෝධිය ඉදිරියට එළඹියෙමි.
1710. “මම ඒ බෝධියට උවැටැන්කොට පර්‍ය්‍යඞ්කයක් බැඳගෙන (එරමිනිය ගොතාගෙන) එහි කළුරිය කෙළෙමි.
1711. “ස්වකීය පින්කම් වලින් පැහැදුනු මම උතුම් බෝධිය කෙරෙහිද පැහැදුණේ, එම පහන් සිතින් නිර්‍මානරතී දෙව්ලොව ඉපදුනෙමි.