9. 2. 2. 7.
මච්ඡරිය සතිපට්ඨාන සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
69. “මහණෙනි, මේ මච්ඡරිය පසෙකි. කවර පසක්ද යත්?
ආවාස මච්ඡරිය, කුල මච්ඡරිය, ලාභ මච්ඡරිය, වණ්ණ මච්ඡරිය, ධම්ම මච්ඡරිය කියායි. මහණෙනි, මේ පස මච්ඡරියෝ වෙති.
“මහණෙනි, මේ පඤ්චමච්ඡරියන්ගේ හැර දැමීම පිණිස මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහුය. කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ශරීරයෙහි දැඩි ආසාව හා නොසතුටුබව දුරුකොට, ශරීරයෙහි ශරීරය අනුව බලන සුළුවූයේ වෙසේද, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, සිතෙහි සිත් අනුව බලන සුළුවූයේ වෙසේද, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, වේදනා ලෝකයෙහි දැඩි ආසාව හා නොසතුටුබව සංසිඳුවා, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, මහණෙනි, මේ පඤ්චමච්ඡරියන්ගේ හැර දැමීම පිණිස සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.
9. 2. 2. 8.
උද්‍ධම්භාගීය සතිපට්ඨාන සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
70. “මහණෙනි, මේ උද්‍ධම්භාගීය සඤ්ඤෝජන පසක් වෙත්. කවර පසක්ද යත්?
රූප රාගය, අරූප රාගය, මානය, උද්‍ධච්චය, අවිජ්ජාය කියායි. මහණෙනි, මේ උද්‍ධම්භාගීය සඤ්ඤෝජන පස වෙත්.
“මහණෙනි, මේ පඤ්ච උද්‍ධම්භාගීය සඤ්ඤෝජනයන්ගේ හැර දැමීම පිණිස මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහුය. කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ශරීරයෙහි දැඩි ආසාව හා නොසතුටුබව දුරුකොට, ශරීරයෙහි ශරීරය අනුව බලන සුළුවූයේ වෙසේද, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, සිතෙහි සිත් අනුව බලන සුළුවූයේ වෙසේද, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, වේදනා ලෝකයෙහි දැඩි ආසාව හා නොසතුටුබව සංසිඳුවා, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, මහණෙනි, මේ පඤ්ච උද්‍ධම්භාගීය සඤ්ඤෝජනයන්ගේ හැර දැමීම පිණිස සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.
9. 2. 2. 9.
චෙතොඛීල සතිපට්ඨාන සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
71. “මහණෙනි, මේ පස චෙතොඛිලයෝය. කවර පසක්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කෙරේද, විචිකිච්ඡා කෙරේද, ස්ථිර වශයෙන් නොපිහිටා සිටීද, නොපහදීද, කියායි. මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කෙරේද, විචිකිච්ඡා කෙරේද, ස්ථිර වශයෙන් නොපිහිටා සිටීද, නොපහදීද, අධික වීර්‍ය්‍ය පිණිසද, අනුයොගය පිණිසද, නිතර ක්‍රියා කිරීම පිණිසද, ප්‍රධන් වීර්‍ය්‍ය පිණිසද ඔහුගේ සිත නොනැමේද, අධික වීර්‍ය්‍ය පිණිසද, අනුයොගය පිණිසද, නිතර ක්‍රියා කිරීම පිණිසද, පධන් වීර්‍ය්‍ය පිණිසද යමෙකුගේ සිත නොනැමේද, මේ පළමුවෙනි චෙතොඛීලයයි.
“මහණෙනි, නැවතද අනිකක් කියමි. මහණතෙම ධර්‍මයෙහි සැක කෙරේද, විචිකිච්ඡා කෙරේද, ස්ථිර වශයෙන් නොපිහිටා සිටීද, නොපහදීද, අධික වීර්‍ය්‍ය පිණිසද, අනුයොගය පිණිසද, නිතර ක්‍රියා කිරීම පිණිසද, පධන් වීර්‍ය්‍ය පිණිසද ඔහුගේ සිත නොනැමේද, අධික වීර්‍ය්‍ය පිණිසද, අනුයොගය පිණිසද, නිතර ක්‍රියා කිරීම පිණිසද, පධන් වීර්‍ය්‍ය පිණිසද යමෙකුගේ සිත නොනැමේද, මේ දෙවෙනි චෙතොඛීලයයි. සඞ්ඝයා කෙරෙහි සැක කෙරේද, විචිකිච්ඡා කෙරේද, ස්ථිර වශයෙන් නොපිහිටා සිටීද, නොපහදීද, අධික වීර්‍ය්‍ය පිණිසද, අනුයොගය පිණිසද, නිතර ක්‍රියා කිරීම පිණිසද, පධන් වීර්‍ය්‍ය පිණිසද ඔහුගේ සිත නොනැමේද, අධික වීර්‍ය්‍ය පිණිසද, අනුයොගය පිණිසද, නිතර ක්‍රියා කිරීම පිණිසද, පධන් වීර්‍ය්‍ය පිණිසද යමෙකුගේ සිත නොනැමේද, මේ තුන්වෙනි චෙතොඛීලයයි. ශික්‍ෂාවෙහි සැක කෙරේද, විචිකිච්ඡා කෙරේද, ස්ථිර වශයෙන් නොපිහිටා සිටීද, නොපහදීද, අධික වීර්‍ය්‍ය පිණිසද, අනුයොගය පිණිසද, නිතර ක්‍රියා කිරීම පිණිසද, ප්‍රධන් වීර්‍ය්‍ය පිණිසද ඔහුගේ සිත නොනැමේද, අධික වීර්‍ය්‍ය පිණිසද, අනුයොගය පිණිසද, නිතර ක්‍රියා කිරීම පිණිසද, ප්‍රධන් වීර්‍ය්‍ය පිණිසද යමෙකුගේ සිත නොනැමේද, මේ හතරවෙනි චෙතොඛීලයයි. සබ්‍රම්සරුන් කෙරෙහි කිපුනේ වෙයි. නොසතුටු සිත ඇත්තේ වෙයි. ඇනුණු සිත් ඇත්තේ වෙයි. හටගත් කෙලෙස් ඇත්තේ වෙයි. මහණෙනි, යම් භික්‍ෂුවක් සබ්‍රම්සරුන් කෙරෙහි කිපුනේ වෙයි. නොසතුටු සිත ඇත්තේ වෙයි. ඇනුණු සිත් ඇත්තේ වෙයි. හටගත් කෙලෙස් ඇත්තේ වේද, අධික උත්සාහය පිණිසද, අනුයොගය පිණිසද, නිතර ක්‍රියා කිරීම පිණිසද, ප්‍රධන් වීර්‍ය්‍ය පිණිසද ඔහුගේ සිත නොනැමේද, අධික වීර්‍ය්‍ය පිණිසද, අනුයොගය පිණිසද, නිතර ක්‍රියා කිරීම පිණිසද, ප්‍රධන් වීර්‍ය්‍ය පිණිසද යමෙකුගේ සිත නොනැමේද, මේ පස්වෙනි චෙතොඛීලයයි. මහණෙනි, මේ පංච චෙතොඛීලයෝය.
“මහණෙනි, මේ පංච චෙතොඛීලයන්ගේ හැර දැමීම පිණිස මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහුය. කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ශරීරයෙහි දැඩි ආසාව හා නොසතුටුබව දුරුකොට, ශරීරයෙහි ශරීරය අනුව බලන සුළුවූයේ වෙසේද, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, සිතෙහි සිත් අනුව බලන සුළුවූයේ වෙසේද, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, වේදනා ලෝකයෙහි දැඩි ආසාව හා නොසතුටුබව සංසිඳුවා, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, මහණෙනි, පංච චෙතොඛීලයන්ගේ හැර දැමීම පිණිස සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.