9. 1. 4. 4.
පබ්බතෙය්යගාමී සූත්රය
[සාවත්ථිනිදානං]
35. “මහණෙනි, යම් සේ පර්වතයෙහි හැසිරෙන්නාවූ, බාලවූ, අව්යක්තවූ, ක්ෂෙත්රය නොදන්නාවූ, විෂමවූ, පර්වතයෙහි හැසිරීමට අදක්ෂවූ, දෙනක් වේද, ඈට මෙසේ සිතක් වන්නේය. (එනම්) ‘මම පෙර නොගිය දිශාවකට යන්නේ නම්, පෙර නොකණ ලද තණ කොළ කන්නේ නම්, පෙර නොබොන ලද පැන් බොන්නේ නම් ඉතා යෙහෙක’ කියායි. ඈ පෙර පය සුපිහිටි සේ නොපිහිටුවා, පසුපය උදුරන්නේද, ඈ පෙර නොගිය දිශාවකට නොයන්නේය. පෙර නොකණ ලද තණ කොළ නොකන්නේය. පෙර නොබොන ලද පැන් නොබොන්නේය. ‘මම පෙර නොගිය දිශාවකට යන්නේ නම්, පෙර නොකණ ලද තණ කොළ කන්නේ නම්, පෙර නොබොන ලද පැන් බොන්නේ නම් ඉතා යෙහෙක’ කියායි. ඒ පෙදෙසට සැප සේ පෙරලා නොඑන්නේය. ඊට හේතු කවරේද? ඒ එසේමැයි. ඈ යම් පියවරෙක්හි සිටි කල්හි මෙසේ සිතක් වන්නේද, ‘මම පෙර නොගිය දිශාවකට යන්නේ නම්, පෙර නොකණ ලද තණ කොළ කන්නේ නම්, පෙර නොබොන ලද පැන් බොන්නේ නම් ඉතා යෙහෙක’ කියායි. ඒ පෙදෙසෙට සැපසේ පෙරලා නොඑන්නේය. ඊට හේතු කවරේද? ඒ එසේමැයි.
මහණෙනි, පර්වතයෙහි හැසිරෙන්නාවූ, බාලවූ, අව්යක්තවූ, ක්ෂෙත්රය නොදන්නාවූ, විෂමවූ, පර්වතයෙහි හැසිරීමට අදක්ෂවූ, ඒ දෙනක් වීද, මහණෙනි, එසේම මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් තෙමේ බාලවූයේ, අව්යක්ත වූයේ, ක්ෂෙත්රය නොදන්නේ, කාමයන්ගෙන් වෙන්වම ප්රථම ධ්යානයට පැමිණ වාසය කරන්ට අදක්ෂ වූයේ වේද, හෙතෙම ඒ නිමිත්ත පුරුදු නොකෙරේද, නොවඩාද, බහුල වශයෙන් නොකෙරේද, යහපත් අධිෂ්ඨානයෙන් අධිෂ්ඨාන නොකෙරේද, ඕහට මෙවැනි සිතක් වෙයි.
“මම විතර්ක විචාරයන්ගේ සංසිඳවීමෙන්, විතර්ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්රීති සැපය ඇති, වීතීය ධ්යානයට පැමිණ වාසය කරන්නෙම් නම් ඉතා යෙහෙක කියායි. හෙතෙම විතර්ක විචාරයන්ගේ සංසිඳවීමෙන් වීතිය ධ්යානයට පැමිණ වාසයකරන්ට නොහැකි වෙයි. ඕහට මෙවැනි සිතක් වෙයි. ‘මම කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, ප්රථම ධ්යානයට පැමිණ වාසය කරන්නෙම් නම් ඉතා යෙහෙක’ යනුයි. කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, ප්රථම ධ්යානයට පැමිණ වාසය කරන්ට හෙතෙම නොහැකි වෙයි. මහණෙනි, මේ භික්ෂුව පර්වතයෙහි හැසිරෙණ, බාලවූ, අව්යක්තවූ, ක්ෂෙත්රය නොදන්නාවූ, විෂම පර්වතයෙහි හැසිරෙන්ට අදක්ෂවූ, ඒ දෙන මෙන් දෙපසින් ගිළිහුනේ, දෙපසින් පිරිහුනේ යයි කියනු ලැබේ.
“මහණෙනි, යම් සේ පර්වතයෙහි හැසිරෙන්නාවූ, පණ්ඩිතවූ, ව්යක්තවූ, ක්ෂෙත්රය දන්නාවූ, විෂම පර්වතයෙහි හැසිරීමට සමර්ත්ථවූ, දෙනක් වේද, ඈට මෙබඳු සිතක් වන්නේද, ‘මම පෙර නොගිය දිශාවකට යන්නේ නම්, පෙර නොකණ ලද තණ කොළ කන්නේ නම්, පෙර නොබොන ලද පැන් බොන්නේ නම් ඉතා යෙහෙක’ කියායි. ඈ පෙර පය සුපිහිටි සේ නොපිහිටුවා, පසුපය උදුරන්නේද, ඈ පෙර නොගිය දිශාවකට නොයන්නේය. පෙර නොකණ ලද තණ කොළ නොකන්නේය. පෙර නොබොන ලද පැන් නොබොන්නේය. ‘මම පෙර නොගිය දිශාවකට යන්නේ නම්, පෙර නොකණ ලද තණ කොළ කන්නේ නම්, පෙර නොබොන ලද පැන් බොන්නේ නම් ඉතා යෙහෙක’ කියායි. ඒ පෙදෙසට සැප සේ පෙරලා නොඑන්නේය. ඊට හේතු කවරේද? ඒ එසේමැයි. ඈ යම් පියවරෙක්හි සිටි කල්හි මෙවැනි සිතක් වන්නේය. ‘මම පෙර නොගිය දිශාවකට යන්නේ නම්, පෙර නොකණ ලද තණ කොළ කන්නේ නම්, පෙර නොබොන ලද පැන් බොන්නේ නම් ඉතා යෙහෙක’ කියායි. ඒ පෙදෙසට සුවසේ පෙරලා එන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, එසේම පර්වතයෙහි හැසිරෙන්නාවූ, පණ්ඩිතවූ, ව්යක්තවූ, ක්ෂෙත්රය දන්නාවූ, ඒ දෙන තොමෝ පර්වතයෙහි හැසිරෙන්ට දක්ෂ වෙයි.
“මහණෙනි, එසේම මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් පණ්ඩිතවූයේ, ව්යක්තවූයේ, ක්ෂෙත්රය දන්නේ, කාමයන්ගෙන් වෙන්වම, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, ප්රථමධ්යානයට පැමිණ වාසය කරන්ට දක්ෂ වූයේ වේද, හෙතෙම ඒ නිමිත්ත ආසේවනය කෙරේද, වඩාද, බහුල වශයෙන් කෙරේද, මනා ඉටා ගැන්මෙන් ඉටා ගනීද,
ඕහට මෙසේ සිතක් වෙයි. එනම්, මම විතර්ක විචාරයන්ගේ සංසිඳවීමෙන් වීතීය ධ්යානයට පැමිණ වාසය කරන්නෙම් නම් ඉතා යෙහෙක’ කියායි. “හෙතෙම වීතීය ධ්යානයට හිංසා නොකරන්නේ, විතර්ක විචාරයන්ගේ සංසිඳවීමෙන් වීතීයධ්යානයට පැමිණ වාසය කරයි. හෙතෙම ඒ නිමිත්ත ආසේවනය කෙරේද, වඩාද, බහුල වශයෙන් කෙරේද, මනා ඉටා ගැන්මෙන් ඉටා ගනීද,