9. 1. 3. 6.
සිලායුපොපම සූත්‍රය
26. “මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් චන්දිකාපුත්‍ර ස්ථවිරයන් වහන්සේද, රජගහනුවර කලන්දකනිවාප නම්වූ වෙළුවනයෙහි වැඩ වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් චන්දිකාපුත්‍ර ස්ථවිරයන් ස්ථවිර තෙමේ, “ඇවැත්නි, මහණෙනි”, කියා භික්‍ෂූන්ට ඇමතූ සේක. “ඇවැත්නි”, කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් චන්දිකාපුත්‍ර ස්ථවිරයන් වහන්සේට, පිළිවදන් දුන්හ. ආයුෂ්මත් චන්දිකාපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මේ කාරණය කීසේක. “ඇවැත්නි, දෙවදත්ත තෙමේ භික්‍ෂූන්ට මෙසේ ධර්‍ම දේශනා කෙරෙයි. (කෙසේද?) ‘ඇවැත්නි, යම් හෙයකින් වනාහි භික්‍ෂුවකගේ සිතින් සිත මනාකොට පුරුදු කරණ ලද්දේ වේද, ජාතිය ක්‍ෂය වූවාය, බඹසර වැස නිමවන ලදී, සතර මාර්ගික කටයුතු කරණ ලදී. ‘මේ ආත්මභාවය හැර අනිකක් නොදනිමි’ යි මෙය ප්‍රකාශ කිරීම පිණිස සුදුසුය”, කියායි.
ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් චන්දිකාපුත්‍ර ස්ථවිරයන්ට මේ කාරණය කී සේක. “ඇවැත්නි, චන්‍දිකාප්‍රත්‍රයිනි, දෙවදත්ත තෙමේ භික්‍ෂූන්ට මෙසේ ධර්‍ම දේශනා නොකෙරේය. කෙසේද? ‘ඇවැත්නි, යම් හෙයකින් භික්‍ෂුවකගේ සිතින් සිත මනාකොට පුරුදු කරණ ලද්දේ වේද, ඒ භික්‍ෂුවට ජාතිය ක්‍ෂය වූවාය, බඹසර වැස නිමවන ලදී, සතර මාර්ගික කටයුතු කරණ ලදී. ‘මේ ආත්මභාවය හැර අනිකක් නොදනිමි’ යි ප්‍රකාශ කිරීම පිණිස සුදුසුය”, කියායි. “ඇවැත්නි, චන්‍දිකාප්‍රත්‍රයිනි, මෙසේ වනාහි දෙවදත්ත තෙමේ භික්‍ෂූන්ට ධර්‍මය දේශනා කෙරෙයි. කෙසේද? යම් හෙයකින් වනාහි ඇවැත්නියි භික්‍ෂුවකගේ සිත (තමන්ගේ) සිතින් මනාකොට පුරුදු කරණ ලද්දේ වේද, ඒ භික්‍ෂුවට ජාතිය (ඉපදීම) ක්‍ෂය වූවාය, බඹසර වැස නිමවන ලද්දේය, සතර මාර්ගික කටයුතු කරණ ලද්දේය. ‘මේ ආත්මභාවය හැර අනිකක් නොදනිමි’ යි ප්‍රකාශ කිරීම පිණිස මෙය සුදුසුය”, යනුයි.
දෙවෙනි වරත් යම් හෙයකින් වනාහි ඇවැත්නියි භික්‍ෂුවකගේ සිත (තමන්ගේ) සිතින් මනාකොට පුරුදු කරණ ලද්දේ වේද, ඒ භික්‍ෂුවට ජාතිය (ඉපදීම) ක්‍ෂය වූවාය, බඹසර වැස නිමවන ලද්දේය, සතර මාර්ගික කටයුතු කරණ ලද්දේය. ‘මේ ආත්මභාවය හැර අනිකක් නොදනිමි’ යි ප්‍රකාශ කිරීම පිණිස මෙය සුදුසුය”, යම් හෙයකින් වනාහි ඇවැත්නියි භික්‍ෂුවකගේ සිත (තමන්ගේ) සිතින් මනාකොට පුරුදු කරණ ලද්දේ වේද, ඒ භික්‍ෂුවට ජාතිය (ඉපදීම) ක්‍ෂය වූවාය, බඹසර වැස නිමවන ලද්දේය, සතර මාර්ගික කටයුතු කරණ ලද්දේය. ‘මේ ආත්මභාවය හැර අනිකක් නොදනිමි’ යි ප්‍රකාශ කිරීම පිණිස මෙය සුදුසුය”. “තෙවෙනි වරද ආයුෂ්මත් චන්‍ද්‍රිකාපුත්‍ර ස්ථවිර තෙමේ භික්‍ෂූන් ඇමතීය. ‘ඇවැත්නි, දෙවදත්ත තෙමේ භික්‍ෂූන්ට මෙසේ ධර්‍මය දේශනා කෙරෙයි.’ කෙසේද? ‘ඇවැත්නි, යම් හෙයකින් භික්‍ෂුවගේ සිත (තමන්ගේ) සිතින් යහපත් ලෙස පුරුදු කරණ ලද්දේ වේද, ඒ භික්‍ෂුවට ජාතිය (ඉපදීම) ක්‍ෂය වූවාය, බ්‍රහ්මචරිය වාසය වැස නිමවන ලදී. (සිවු මගින් කරණ ලද) කටයුතු කරණ ලදී. ‘මේ ආත්මභාවය හැර අනික් ආත්ම භාවයක් නොදනිමි’ යි ප්‍රකාශ කිරීම පිණිස මෙය සුදුසුය”, කියායි.
“තෙවෙනි වරද ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් චන්‍ද්‍රිකාපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මේ කාරණය කීසේක. කුමක්ද? ඇවැත්නි, වන්‍ද්‍රිකාපුත්‍රයෙනි, ‘ඇවැත්නි, යම් හෙයකින් භික්‍ෂුවගේ සිත (තමන්ගේ) සිතින් යහපත් ලෙස පුරුදු කරණ ලද්දේ වේද, ඒ භික්‍ෂුවට ජාතිය (ඉපදීම) ක්‍ෂය වූවාය, බ්‍රහ්මචරිය වාසය වැස නිමවන ලදී. (සිවු මගින් කරණ ලද) කටයුතු කරණ ලදී. ‘මේ ආත්මභාවය හැර අනික් ආත්ම භාවයක් නොදනිමි’ යි ප්‍රකාශ කිරීම පිණිස මෙය සුදුසුය”, කියායි. “දෙවුදත් තෙමේ භික්‍ෂූන්ට මෙසේ ධර්මය නොම දේශනා කරයි කියායි. ඇවැත්නි, වන්‍ද්‍රිකාපුත්‍රයෙනි, ‘ඇවැත්නි, යම් හෙයකින් භික්‍ෂුවගේ සිත (තමන්ගේ) සිතින් යහපත් ලෙස පුරුදු කරණ ලද්දේ වේද, ඒ භික්‍ෂුවට ජාතිය (ඉපදීම) ක්‍ෂය වූවාය, බ්‍රහ්මචරිය වාසය වැස නිමවන ලදී. (සිවු මගින් කරණ ලද) කටයුතු කරණ ලදී. ‘මේ ආත්මභාවය හැර අනික් ආත්ම භාවයක් නොදනිමි’ යි ප්‍රකාශ කිරීම පිණිස මෙය සුදුසුය”, කියායි. මෙසේ දේවදත්ත තෙමේ භික්‍ෂූන්ට ධර්මය දේශනා කෙරෙයි යනුයි.
“ඇවැත්නි, කෙසේ නම් භික්‍ෂුවකගේ සිතින් (තමන්ගේ) සිත යහපත් ලෙස පුරුදු කරණ ලද්දේ වේද? ‘මාගේ සිත පහවූ රාග ඇත්තේය’ යි සිතින් (තමන්ගේ) සිත පුරුදු කරණ ලද්දේ වේද, ‘මාගේ සිත පහවූ දෝෂ ඇත්තේය’ යි සිතින් තමන්ගේ සිත පුරුදු කරණ ලද්දේ වේද, ‘මාගේ සිත පහවූ මෝහ ඇත්තේය’ යි සිතින් (තමන්ගේ) සිත පුරුදු කරණ ලද්දේ වේද, ‘මාගේ සිත නොඇලෙන්නේය’ යි සිතින් (තමන්ගේ) සිත පුරුදු කරණ ලද්දේ වේද, ‘මාගේ සිත ද්වේෂ නැත්තේය’ යි සිතින් (තමන්ගේ) සිත යහපත් ලෙස පුරුදු කරණ ලද්දේ වේද, ‘මාගේ සිත නොමුළාවන ස්වභාව ඇත්තේය’ යි සිතින් (තමන්ගේ) සිත යහපත් ලෙස පුරුදු කරණ ලද්දේ වේද, ‘මාගේ සිත කාම භවය පිණිස නැවත නොපෙරළෙන ස්වභාව ඇත්තේය’ යි සිතින් තමන්ගේ සිත මොනවට පුරුදු කරණ ලද්දේ වේද, ‘මාගේ සිත රූප භවය පිණිස නැවත නොපෙරළෙන ස්වභාව ඇත්තේය’ යි සිතින් සිත මොනවට පුරුදු කරණ ලද්දේ වේද, ‘මාගේ සිත අරූප භවය පිණිස නැවත නොපෙරළෙන ස්වභාව ඇත්තේය’ යි සිතින් සිත මොනවට පුරුදු කරණ ලද්දේ වේද,