11. පඨමමොරනිවාපසුත්තං
143. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර මොරවාප නම් පරිබ්‍රාජකාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ‘මහණෙනි,’ යි ආමන්ත්‍රණය කළහ. භික්‍ෂූහු, “ස්වාමීනි,” යි පිළිතුරු දුන්නෝය.
“මහණෙනි, ධර්‍ම තුනකින් යුත් භික්‍ෂුව ඒකාන්තයෙන් නිෂ්ටාවට පැමිණියේ, ඒකාන්තයෙන් යොගයන් ක්‍ෂය කිරීමට පැමිණියේ, ඒකාන්තයෙන් බ්‍රහ්මචාරීවූයේ, ඒකාන්තයෙන් අවසානයට පැමිණියේ, දෙව් මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූයේ වෙයි.
කවර ධර්‍ම තුනකින්ද?
“අශෛක්‍ෂවූ ශීලස්කන්‍ධයෙන්ද, අශෛක්‍ෂවූ සමාධිස්කන්‍ධයෙන්ද අශෛක්‍ෂවූ ප්‍රඥාස්කන්‍ධයෙන්ද වෙයි.
මහණෙනි, මේ ධර්‍ම තුනෙන් යුත් භික්‍ෂුතෙම ඒකාන්තයෙන් නිෂ්ටාවට පැමිණියේ, ඒකාන්තයෙන් යොගයන් ක්‍ෂය කිරීමට පැමිණියේ, ඒකාන්තයෙන් බ්‍රහ්මචාරීවූයේ, ඒකාන්තයෙන් අවසානයට පැමිණියේ, දෙව් මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූයේ වෙයි.”
12. මොරනිවාප සූත්‍රය
145. “මහණෙනි, ධර්‍ම තුනකින් යුත් භික්‍ෂුතෙමේ ඒකාන්තයෙන් නිෂ්ටාවට පැමිණියේ, ඒකාන්තයෙන් යොගයන් ක්‍ෂය කළේ, ඒකාන්තයෙන් බ්‍රහ්මචාරීවූයේ, ඒකාන්තයෙන් අවසානයට පැමිණියේ, දෙව් මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූයේ වෙයි.
කවර ධර්‍ම තුනකින්ද?
“ඎද්ධි ප්‍රාතිහාර්‍ය්‍යයෙන්ද, ආදේසනා ප්‍රාතිහාර්‍ය්‍යයෙන්ද, අනුශාසනා ප්‍රතිහාර්‍ය්‍යයෙන්ද වෙයි.
“මහණෙනි, මේ ධර්‍ම තුනෙන් යුත් භික්‍ෂු තෙමේ ඒකාන්තයෙන් යොගයන් ක්‍ෂය කෙළේ, ඒකාන්තයෙන් බ්‍රහ්මචාරීවූයේ, ඒකාන්තයෙන් අවසානයට පැමිණියේ, දෙව් මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූයේ වෙයි.”
13. තතියමොරනිවාපසුත්තං
මහණෙනි, ධර්‍ම තුනකින් යුත් භික්‍ෂුතෙමේ ඒකාන්තයෙන් නිෂ්ටාවට පැමිණියේ, ඒකාන්තයෙන් යොගයන් ක්‍ෂය කළේ, ඒකාන්තයෙන් බ්‍රහ්මචාරීවූයේ, ඒකාන්තයෙන් අවසානයට පැමිණියේ, දෙව් මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූයේ වෙයි.
කවර ධර්‍ම තුනකින්ද?
සම්මා දිට්ඨියෙන්ද, සම්මා ඤාණයෙන්ද, සම්මා විමුක්තියෙන්ද වෙයි.
මහණෙනි, මේ ධර්‍ම තුනෙන් යුත් භික්‍ෂු තෙමේ ඒකාන්තයෙන් නිෂ්ටාවට පැමිණියේ... වෙයි.
දසසතරවැනි යොධාජීව වර්‍ගය නිමි.
[5. මංගල වර්‍ගය]
1. අකුසල කම්ම සූත්‍රය
[සැවැත් නිදානයි]
147. “මහණෙනි, ධර්‍ම තුනකින් යුත් පුද්ගල තෙමේ යම්සේ ගෙන එන ලද්දක් බිම හෙලන්නේද, එසේම නිරයෙහි උපදියි.
කවර තුනකින්ද?
අකුසලවූ කාය කර්‍මයෙන්ද, අකුසලවූ වාක් කර්මයෙන්ද, අකුසලවූ මනො කර්මයෙන්ද වෙයි.
“මහණෙනි, මේ ධර්ම තුනෙන් යුක්තවූ පුද්ගල තෙමේ යම්සේ ගෙන එන ලද්දක් බිම හෙලන්නේද, එපරිද්දෙන් නිරයෙහි වැටෙයි.
“මහණෙනි, ධර්‍ම තුනකින් යුත් පුද්ගල තෙමේ යම්සේ ගෙන එන ලද්දක් හෙලන්නේද, එසේම ස්වර්‍ගයෙහි උපදියි.
කවර තුනකින්ද යත්?
කුසල කාය කර්‍මයෙන්ද, කුසල වාක් කර්මයෙන්ද, කුසල මනො කර්මයෙන්ද වෙයි.
“මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගල තෙම ගෙන එන ලද්දක් හෙලුවාක් මෙන් ස්වර්‍ගයෙහි උපදියි.”