12. මොරනිවාප සූත්රය
145. “මහණෙනි, ධර්ම තුනකින් යුත් භික්ෂුතෙමේ ඒකාන්තයෙන් නිෂ්ටාවට පැමිණියේ, ඒකාන්තයෙන් යොගයන් ක්ෂය කළේ, ඒකාන්තයෙන් බ්රහ්මචාරීවූයේ, ඒකාන්තයෙන් අවසානයට පැමිණියේ, දෙව් මිනිසුන්ට ශ්රේෂ්ඨ වූයේ වෙයි.
කවර ධර්ම තුනකින්ද?
“ඎද්ධි ප්රාතිහාර්ය්යයෙන්ද, ආදේසනා ප්රාතිහාර්ය්යයෙන්ද, අනුශාසනා ප්රතිහාර්ය්යයෙන්ද වෙයි.
“මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් භික්ෂු තෙමේ ඒකාන්තයෙන් යොගයන් ක්ෂය කෙළේ, ඒකාන්තයෙන් බ්රහ්මචාරීවූයේ, ඒකාන්තයෙන් අවසානයට පැමිණියේ, දෙව් මිනිසුන්ට ශ්රේෂ්ඨ වූයේ වෙයි.”
13. තතියමොරනිවාපසුත්තං
මහණෙනි, ධර්ම තුනකින් යුත් භික්ෂුතෙමේ ඒකාන්තයෙන් නිෂ්ටාවට පැමිණියේ, ඒකාන්තයෙන් යොගයන් ක්ෂය කළේ, ඒකාන්තයෙන් බ්රහ්මචාරීවූයේ, ඒකාන්තයෙන් අවසානයට පැමිණියේ, දෙව් මිනිසුන්ට ශ්රේෂ්ඨ වූයේ වෙයි.
කවර ධර්ම තුනකින්ද?
සම්මා දිට්ඨියෙන්ද, සම්මා ඤාණයෙන්ද, සම්මා විමුක්තියෙන්ද වෙයි.
මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් භික්ෂු තෙමේ ඒකාන්තයෙන් නිෂ්ටාවට පැමිණියේ... වෙයි.
දසසතරවැනි යොධාජීව වර්ගය නිමි.
[5. මංගල වර්ගය]
1. අකුසල කම්ම සූත්රය
[සැවැත් නිදානයි]
147. “මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගල තෙමේ යම්සේ ගෙන එන ලද්දක් බිම හෙලන්නේද, එසේම නිරයෙහි උපදියි.
කවර තුනකින්ද?
අකුසලවූ කාය කර්මයෙන්ද, අකුසලවූ වාක් කර්මයෙන්ද, අකුසලවූ මනො කර්මයෙන්ද වෙයි.
“මහණෙනි, මේ ධර්ම තුනෙන් යුක්තවූ පුද්ගල තෙමේ යම්සේ ගෙන එන ලද්දක් බිම හෙලන්නේද, එපරිද්දෙන් නිරයෙහි වැටෙයි.
“මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගල තෙමේ යම්සේ ගෙන එන ලද්දක් හෙලන්නේද, එසේම ස්වර්ගයෙහි උපදියි.
කවර තුනකින්ද යත්?
කුසල කාය කර්මයෙන්ද, කුසල වාක් කර්මයෙන්ද, කුසල මනො කර්මයෙන්ද වෙයි.
“මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගල තෙම ගෙන එන ලද්දක් හෙලුවාක් මෙන් ස්වර්ගයෙහි උපදියි.”
2. සාවජ්ජ කම්ම සූත්රය
148. “මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගල තෙමේ යම්සේ ගෙන එන ලද්දක් බිම හෙලන්නේද, එසේම නිරයෙහි උපදියි.
කවර තුනකින්ද?
වරද සහිතවූ කාය කර්මයෙන්ද, වරද සහිතවූ වාක් කර්මයෙන්ද, වරද සහිතවූ මනො කර්මයෙන්ද වෙයි.
“මහණෙනි, මේ ධර්ම තුනෙන් යුක්තවූ පුද්ගල තෙමේ යම්සේ ගෙන එන ලද්දක් බිම හෙලන්නේද, එපරිද්දෙන් නිරයෙහි වැටෙයි.
“මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගල තෙමේ යම්සේ ගෙන එන ලද්දක් හෙලන්නේද, එසේම ස්වර්ගයෙහි උපදියි.
කවර තුනකින්ද යත්?
වරද රහිත කාය කර්මයෙන්ද, වරද රහිත වාක් කර්මයෙන්ද, වරද රහිත මනො කර්මයෙන්ද වෙයි.
“මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගල තෙම ගෙන එන ලද්දක් හෙලුවාක් මෙන් ස්වර්ගයෙහි උපදියි.”
3. විසම කම්ම සූත්රය
149. “මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගල තෙමේ යම්සේ ගෙන එන ලද්දක් බිම හෙලන්නේද, එසේම නිරයෙහි උපදියි. කවර තුනකින්ද?
විසමවූ කාය කර්මයෙන්ද, විසමවූ වාක් කර්මයෙන්ද, විසමවූ මනො කර්මයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් යුක්තවූ පුද්ගල තෙමේ යම්සේ ගෙන එන ලද්දක් බිම හෙලන්නේද, එපරිද්දෙන් නිරයෙහි වැටෙයි.
මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගල තෙමේ යම්සේ ගෙන එන ලද්දක් හෙලන්නේද, එසේම ස්වර්ගයෙහි උපදියි.
කවර තුනකින්ද යත්?
සමවූ කාය කර්මයෙන්ද, සමවූ වාක් කර්මයෙන්ද, සමවූ මනො කර්මයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගල තෙම ගෙන එන ලද්දක් හෙලුවාක් මෙන් ස්වර්ගයෙහි උපදියි.
4. අසුචි කම්ම සූත්රය
150. “මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගල තෙමේ යම්සේ ගෙන එන ලද්දක් බිම හෙලන්නේද, එසේම නිරයෙහි උපදියි. කවර තුනකින්ද?
අපිරිසිදු කාය කර්මයෙන්ද, අපිරිසිදු වාක් කර්මයෙන්ද, අපිරිසිදු මනො කර්මයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් යුක්තවූ පුද්ගල තෙමේ යම්සේ ගෙන එන ලද්දක් බිම හෙලන්නේද, එපරිද්දෙන් නිරයෙහි වැටෙයි.
මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගල තෙමේ යම්සේ ගෙන එන ලද්දක් හෙලන්නේද, එසේම ස්වර්ගයෙහි උපදියි.
කවර තුනකින්ද යත්?
පිරිසිදු කාය කර්මයෙන්ද, පිරිසිදු වාක් කර්මයෙන්ද, පිරිසිදු මනො කර්මයෙන්ද වෙයි.
මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගල තෙම ගෙන එන ලද්දක් හෙලුවාක් මෙන් ස්වර්ගයෙහි උපදියි.
5. අකුසල උපහතත්ත සූත්රය
151. “මහණෙනි, ධර්ම තුනකින් යුක්තවූ, අව්යක්තවූ, අසත්පුරුෂවූ බාල තෙමේ, ගුණ සාරා දමන ලද, විනාශ කරන ලද ආත්මයක් පරිහරණය කරයි. වරද සහිතයෙක්ද, නුවණැතියන් විසින් ගර්හා කළ යුත්තෙක්ව බොහෝ අකුසල්ද රැස් කරයි.
කවර තුනකින්ද?
අකුශල කාය කර්මයෙන්ද, අකුශල වාක් කර්මයෙන්ද, අකුශල මනො කර්මයෙන්ද වෙයි.