චුතිං යො’වෙදි සත්තානං උපපත්තිං ච සබ්බසො
අසත්තං සුගතං බුද්ධං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.
යම් ශ්‍රමණයෙක් සත්ත්‍වයන්ගේ ච්‍යුති (ආසන්න) ය ද ප්‍රතිසන්‍ධි (ආසන්න) ය ද සර්‍වප්‍රකාරයෙන් ප්‍රකට කොට දන්නේ ද, (තෘෂ්ණා වශයෙන්) අලග්න වූ මනා ගති ඇති සිවුසස් පසක් කළ ඒ උත්තමයා බ්‍රාහ්මණ යැ යී මම් කියමි.
"හිත්වා රතිඤ්චාති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටිය දී එක් නාට්‍ය බ්‍රාහ්මණයෙක් නිමිති කර ගෙන දේශනා කළහ.
කථා පුවත පෙරසේමය. මෙහිදී බුදුහු මගේ පුත් රතිය ද අරතිය ද දුරු කොට සිටින්නේ යයි පවසා මේ ගාථාව දේශනා කළහ.
කම් සුවයෙ ආසා
හැරදමා පැවිදිව විත්
උකටලී නොව එහි
මහණදම් රැකි උතුමෝ
වීරියෙන් සව්කෙලෙස්
මැඩ පවත්වන උතුමෝ
බමුණුයයි නම්ලැබ
නීවී සැනසෙති උතුම් නිවනින්
ඇල්ම ද නො ඇල්මද දුරුකළ නිවුන උපධි රහිත කෙලෙස් නැති තැනැත්තා සියලු පව්කම් ලොව ජයගත් වෙර වීරිය ඇති තැනැත්තා ඔහු බ්‍රාහ්මණයෙකි. මම කියමි.
රතිං - පඤ්චකාමයෙහි ඇල්ම අරතී අරඤ්ඤවාසයෙහි උකටලී බව, සීතිභූතං - නිවුන නිරූපං උපධිනැති... කෙලෙස් රහිත. වීරං මෙබඳු සියළු ස්ඛන්ධ ලෝකය මැඩපවත්වා, වීර්ය වඩන්නා සිටින්නා වූ තැනැත්තා බ්‍රාහ්මණයෙකැයි කියමි.