හිත්වා රතිං ච අරතිං ච සීතිභූතං නිරූපධිං
සබ්බලොකාභිභුං වීරං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.
පස්කම්ගුණෙහි ඇලීම ද, ආරණ්‍යවාසයෙහි උකටලි බව ද දුරැලා, නිවී ගිය සිතැති, උපධිරහිත වූ (සීලාදිගුණවලින් සියලු ලෝකය මැඩලූ, ප්‍රධානවීර්‍ය්‍ය ඇති ඒ අශෛක්‍ෂයා බ්‍රාහ්මණ යැ යී මම් කියමි.
"හිත්වා” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ සිටියදී එක් කුල පුත්‍රයෙක් නිමිති කරගෙන දේශනා කළහ.
ඔහු ක්‍රීඩා කරමින් හැසිරෙන කල්හි බුදුන්ගේ ධර්ම කථාවක් අසා පැවිදිව රහත් බවට පැමිණුනි. එසමයෙහි බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා සමග පිවිසෙන විට භික්ෂූන් වහන්සේලා එක් නළු පුත්‍රයෙක් ක්‍රීඩා කරනු දැක ඔහුගෙන් විමසුහ. ඇවැත්නි මොහු ඔබ කළ ක්‍රීඩාව ක්‍රීඩා කරන්නේද කියා ඔබට මේ ගැන බැදීමක් ඇලීමක් තිබේද? යි විමසා ඇතැයි පැවසුවිට ස්වාමීනි මොහු අභූතයක් කියන්නේ යයි කියා සිටියදී බුදුහු මගේ පුත් සියළු යෝග ඉක්මවා සිටින්නේ යයි පවසා මේ ගාථාව දේශනා කළහ.
දෙව් මිනිස් පස්කම්
සුවය හැරදා නිසිසේ
සතර ඕගෙන් මිදී
නිවසන කෙනා බමුණකි.
යමෙක් මානුෂික ආයුෂ හා පඤ්චකාම අර දිව්‍යායුෂ හා දිව්‍ය පඤ්චකාමය ඉක්මවා ගියේද සියළු යෝගයන්ගෙන් වෙන්ම විසංයුත්තං ඒ තැනැත්තා බ්‍රාහ්මණ නමින් හදුන්වමි.
මානුසකං යොගං මානුෂික ආයුෂ පඤ්චකාම ගුණ දිව්‍ය යෝගයේද මේ න්‍යාය මැයි උපච්චගා හෙතෙම මානුෂික යෝග අත්හැර දිබ්බංයොගං සියළු චතුර්විධ යෝගයෙන් වෙන්ව විසං යුත්තං අහං බ්‍රාහමණං - සිටින තැනැත්තා බ්‍රාහ්මණයෙකැයි කියමි.
දේශනාව අවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පත්වුණි.