යස්ස ගතිං න ජානන්ති දෙවා ගන්‍ධබ්බමානුසා
ඛීණාසවං අරහන්තං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.
යම් ක්‍ෂීණාස්‍රවොත්තමයකු ගේ පහළ වීම නොහොත් (නිෂ්ඨාව) (ශක්‍රබ්‍රහ්මාදි) දෙවියෝ ද, ගාන්‍ධර්‍වයෝ ද, මනුෂ්‍යයෝ ද (කිසි ලෙසෙකින්) නො දනිත් ද, චතුරාස්‍රවයන් ක්‍ෂීණ කළා වූ, කෙලෙසුන් කෙරෙන් සර්‍වප්‍රකාරයෙන් දුරු වූ ඔහු බ්‍රාහ්මණ යැ යී මම් කියමි.
“චුති යො වෙදෙති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනයේ වැඩසිටිය දී වංගීස තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
රජගහ නුවර වංගීස නමින් එක් බ්‍රාහ්මණයෙක් වූයේය. ඔහු මියගිය මිනිසුන්ගේ හිසට තට්ටු කර මොහු නිරයේ ඉපදුණි. මොහු තිරිසන් යෝනියේ ඉපදුණි. මොහු ප්‍රේත ලෝකයේ ඉපදුණි. මොහු මිනිස් ලොව ඉපදුණි මොහු දෙලොව උපන්නේ යයි දන්නේ ය. බමුණෝ මොහු නිසා මුළුලොව රවටා අපේ බඩ වඩා ගත හැකියයි සිතා ඔහු රතු වස්ත්‍ර දෙකක් අන්දවා ජනපදවලට ගෙනගොස් හැසිරෙමින් මිනිසුන්ට කියති. මේ වංගිස නම් බ්‍රාහ්මණ යයි මළ මිනිසුන්ගේ හිස් කබලට තට්ටුකර උපන් තැන දනී. තමන්ගේ මළ ගිය ඥාතීන්ගේ උපන් තැන විමසන්න. පවසයි. මිනිස්සු තමගේ ශක්තිපමණ කහවණු දහසක් කහවණු විස්සක් කහවණු සියයක් දී තම ඥාතීන් උපන් තැන් විමසති. ඔවුන් පිළිවෙළින් සැවැත් නුවරට පැමිණ ජේතවනයට නොදුරේ නවාතැන් ගත්හ. උදේ ආහාර ගෙන මහජනයා ගඳමල් ගත් අත් ඇතිව බණ ඇසීමට යනු දැක කොහේ යන්නේදැයි විමසා බණ ඇසීමට විහාරයට යන්නෙමුයි කීවිට එහි ගොස් කුමක් කරවුද, අපේ වංගිස බ්‍රාහ්මණයා හා සමාන නැත. ඔහු මියගිය මිනිසුන්ගේ හිස් කබලට තට්ටු කර මියගිය අය උපන් තැන කියයි. ඔබගේ මළ ඥාතීන් උපන් තැන් විමසා දනිමු. යයි පැවසුහ. ඔවුහු වංගීස කුමක් දනිද අපේ ශාස්තෘවරයා සමාන නැතැයි කියා විවාදකර අපි මෙය දැන ගනිමුයි ඔවුහුත් රැගෙන විහාරයට ගියාහුය. බුදුහු ඔවුන් ආබව දැනගෙන නිරයේ තිරිසන් යෝනියේ, මිනිස් ලොවේ දෙලොවේ සිව් ස්ථානයක උපන් අයගේ හිස් කබල් ද රහතන් වහන්සේ නමකගේ හිස් කබලක්ද තබා වංගීස විමසා පළමු හිස් කබල ඇති තැනැත්තා නිරයේ උපන් බව පැවසීය. බුදුහු සාධුකාර දී අනුමත කළහ. අනෙක් හිස් කබල් තුන අයිති අය නොවරදවා කී හෙයින් සාධුකාර දී අනුමත කර පස්වැනි හිස පෙන්වා මෙය කාගේදැයි විමසුවේය. ඔහුට පැවසීමට නොහැකිවිය. නොදන්නා බව පැවසුවේය. බුදුරජාණන් වහන්සේ දන්නා බව පැවසුහ. එම මන්ත්‍රය ඉල්ලා සිටිවිට පැවිදි නොවූවන්ට නොදෙන බව පැවසුහ. මෙම මන්ත්‍රය ගත්විට මම මුළු දඹදිවම අග්‍ර වෙමියි සිතා පැමිණ බ්‍රාහ්මණයන්ට සිටින්නැයි කියා බුදුන් වෙත පැවිදි වී උපසම්පදාවද ලබා වංගීස තෙර නම් විය. අනතුරුව ඔහුට ද්වතිංසාකාර දෙතිස් කුණප කර්මස්ථානය දුන්නේය. මන්ත්‍රයට පරිකර්ම වන භාවනාව වඩන ලෙසට පැවසුවේය. බමුණන් පැමිණ වරින් වර මන්ත්‍රය ගත්තේ දැයි විමසුහ. පසුව ගනිමියි ඔවුන්ට පවසා පිටත් කළේය. දින කීපයකින් රහතන් බවට පත්විය මිත්‍ර බමුණා විමසුවිට දැන්මට අවශ්‍ය නැතැයි පවසා ඔවුන්ට යන ලෙසට පැවසුවේය. මෙය අසා භික්ෂූන් වංගීස බොරුවක් කියතැයි බුදුන්ට දන්වා සිටියේය. පසුව එසේ නොකියන ලෙසටත් දැන් මගේ පුතු චුති පටිසන්ධි දැක්මේ දක්ෂයෙක් බවත් පැවසුහ.
දෙව් මිනිස් හැමගේ
චුතිය හා උපතද දැන
නිසිමග ගමන් ගත්
නොඇලුණු කිසි තැනෙක් ගී
සිසස් දත් අයට
බමුණු නාමය උරුම වේමැයි
යම් කෙනෙක් සත්ත්වයන්ගේ චුතිය උත්පත්තියද හැම ලෙසින් දනීද. කිසිවෙක නො ඇලුණා වු සිත් ඇති මහා ගති ඇති. චතුර් විධසත්‍යය අවබෝධ කළ ඔහු බ්‍රාහ්මණයයි මම කියමි. යමෙකුගේ ගතිය දෙවියෝ හා මිනිස්සු නොදනිත් ද. සිඳුණු ආශ්‍රව ඇති පිදුමට සුදුසු වූ ඒ තැනැත්තා බ්‍රාහ්මණයෙකැයි මම කියමි.
එහි යො වෙදි - යමෙක් සත්තානං - සත්ත්වයන්ගේ සියලු ආකාර චුතිං චුතියද පිළිසිදීමද ප්‍රකටව දනීද, තමහං නොලැගේද, අසත්තං ප්‍රතිපත්තියෙහි මනාව පිහිටියේද. සුගතං සිව්සස්හි අවබෝධය ඇත්තේද බුද්ධං බ්‍රාහ්මණයයි කියමි යන අර්ථයි. යම් මේ දේවාදීහු. ගති න ජානන්ති ජාති ස්වභාවය නො දන්නේද, ආශ්‍රවයන් ප්‍රචාරය කළ බැවින්. ඛීණසවං කෙලෙසුන්ගෙන්
වෙන්වූයේ අරහන්තං බ්‍රාහ්මණ බ්‍රාහ්මණය කියයි. යන අර්ථයි
දේශනාවසානයේ බොහෝ දෙනෙක් සෝවාන් ආදී මාර්ග ඵලවල පිහිටියාහුය.