26-25 පිළින්දිච්ඡ තෙරුන් පිළිබඳ කථාව

අකක්කසං විඤ්ඤාපනිං ගිරං සච්චං උදීරයෙ

යාය නාභිසජෙ කඤ්චි තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

යම් වචනයෙකින් කිසිවකු කුප්වා ද, එබඳු, රළු නොවූ, දෙලෝ වැඩ හඟවන්නාවූ සබවස යමෙක් පවසන්නේ ද, එසේ වූ ක්‍ෂීණාස්‍රව පුද්ගලයා බ්‍රාහ්මණ යැ යී මම් කියමි.

.

"අක්කකසං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ සිටිය දී පිළින්දිච්ඡ තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.

උන්වහන්සේ එම වසලී - යම් වසලී - මේ ආදිය කියමින් ගිහියන්ට ද පැවිදි අයට ද වසල වාදයෙන් කථාකරමින් හැසිරෙයි. එක් දිනක් බොහෝ භික්ෂූන් වහන්සේලා මේ බව බුදුන් වහන්සේට දැනුම් දුන්හ. බුදුරජාණන් වහන්සේ පිළිදින්ච්ඡ තෙරුන් අමතා මෙය සැබෑදැයි විමසුහ. ස්වාමීනි එසේ යයි පැවසුවිට මෙම තෙරුන්ගේ පෙර විසූ කඳ පිළිවෙළ සිහිකර මහණෙනි පිළඳින්ච්ඡ තෙරුන්ට දොස් නොකියව. චෝදනා නො කරව මෙය පිළන්දිච්ඡ තෙරුන්ගේ දෝශයක් නොවේ. පිළන්දිච්ඡ තෙරුන් එක දිගට ජාති පන්සියයක්, කුල බ්‍රාහ්මණව උපන්හ. උන්වහන්සේ දිගුකලක් වසල වාදයෙන් හැසුරුනේය. රහතන් වහන්සේලා කර්කශ පරුෂ වචන. මම ගැටුම ඇති වචන නැත. වැඩි කාලයක් පුරුදු කළ හෙයින් මගේ පුතු මෙසේ කියයි. යනුවෙන් පවසා ධර්මය දේශනා කරන්නේ මේ ගාථාව පැවසුහ.

සබ වසම කියනා

හිත වැඩ පිණිස රඳනා

කුපිත නො කරන දනා

ඔහුම වේ මැයි නියම බමුණ

එහි අකක්කසං පරුෂ නොවු, විඤ්ඤාපනිං අර්ථ දැක්වීම, හැඳින්වීම, සච්චං සිදුවු දෙය, සත්‍යය, නාභිසජෙති යාය. වචනයෙන් අනුන් කුපිත කිරීම වසයෙන් නොඇලේද. ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා මෙබඳුය. තමහං බ්‍රාහමණං වදාමි මම ඔහු බ්‍රාහ්මණ යයි කියමි.

යම් වචනයකින් කිසිවෙකු කුපිත නොකෙරේද රුදුරු බවට නො පැමිණෙන්නේද? යහපත සලසන සැබෑ තෙපුල් යමෙක් කියන්නේද. ඒ තැනැත්තා බ්‍රාහ්මණ යයි මම කියමි. දේශනය අවසානයේ බොහෝදෙනෙක් සෝවාන් ඵලයට පත්වූහ.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.